ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 105
  • යෙරුසලමේ නැවතී සිටීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙරුසලමේ නැවතී සිටීම
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පෙන්තකොස්ත දවසට කලින් හුඟදෙනෙක් යේසුස්ව දකියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • අන්තිමට පෙනී සිටි අවස්ථා හා ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • බව්තීස්ම වීමේ අර්ථය ඔබ වටහාගෙන තිබෙනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 105
ගෝලයන්ගේ හිස උඩින් ගිනි දැල්ලක් වගේ පේන්න ගන්නවා

කතන්දර 105

යෙරුසලමේ නැවතී සිටීම

මෙතන ඉන්නේ යේසුස්ගේ ගෝලයන්. ඒගොල්ලන් ඔහු කිව්ව දේට කීකරු වෙලා යෙරුසලමේ නැවතිලා හිටියා. දැන්, ඒගොල්ලන් මෙහෙම ඉන්නකොට ලොකු ශබ්දයකින් මුළු ගෙදරම පිරෙනවා. ඒක නම් තද හුළඟක් හමනවා වගේ ශබ්දයක්. එතකොටම හැම ගෝලයෙකුගේම ඔළුවට උඩින් ගිනි දිවක් වගේ දෙයක් පේනවා. මේ පින්තූරේ ඒක ඔයාට පේනවාද? ඇයි මෙහෙම වෙන්නේ?

මේක ඇත්තටම පුදුමයක්! යේසුස් දැන් ආයෙත් ඔහුගේ පියා එක්ක ස්වර්ගයෙයි ඉන්නේ. ඉතින් ඔහු ඔහුගේ ගෝලයන්ට දෙවිගේ ශුද්ධාත්මය දෙනවා. දැන් මේ ශුද්ධාත්මයේ බලයෙන් ඒගොල්ලන්ට කරන්න පුළුවන් වෙන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද? ඒ හැමදෙනාම වෙන වෙන භාෂාවලින් කතා කරන්න පටන්ගන්නවා.

තද හුළඟක් හමනවා වගේ ශබ්දය ඇහිලා යෙරුසලමේ ඉන්න ගොඩාක් අය එනවා මේ මොනවාද වෙන්නේ කියලා බලන්න. මේගොල්ලන්ගෙන් සමහරදෙනෙක්, පෙන්තකොස්ත කියන ඉශ්‍රායෙල් ජාතිකයන්ගේ උත්සවය පවත්වන්න වෙන වෙන රටවල්වලිනුයි මෙහාට ඇවිත් තියෙන්නේ. ඒගොල්ලන් හුඟක් පුදුම වෙන්න ඇති නේද? මොකද, ඒගොල්ලන් කතා කරන භාෂාවලින්ම දෙවි කරලා තියෙන පුදුම දේවල් ගැනයි මේ ගෝලයන් කියන්නේ.

‘මේ හැමදෙනාම ගලීලයේ අයනේ. කොහොමද ඒගොල්ලන්ට අපේ භාෂාවලින් කතා කරන්න පුළුවන් වුණේ?’ කියලා මේ අය අහනවා.

ඒගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙන්න දැන් පේතෘස් නැඟිටිනවා. මිනිස්සු යේසුස්ව මරපු හැටිත්, යෙහෝවා ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්ව හැටිත් එයා මහ හයියෙන් කියනවා. ‘දැන් යේසුස් ඉන්නේ ස්වර්ගයේ. දෙවිගේ දකුණු පැත්තේ. ඉතින් ඔහු මේ පොරොන්දු වෙච්ච ශුද්ධාත්මය තමයි අපිට දීලා තියෙන්නේ. ඒ නිසයි ඕගොල්ලන්ට මේ පුදුම දේවල් අහන්නයි දැකගන්නයි පුළුවන් වෙලා තියෙන්නේ’ කියලා පේතෘස් කියනවා.

පේතෘස් මේ දේවල් කියනකොට හුඟදෙනෙක් යේසුස්ට කරලා තියෙන දේවල් ගැන ගොඩක් දුක් වෙනවා. ‘දැන් අපි මොනවාද කරන්න ඕනේ?’ කියලා ඒගොල්ලන් අහනවා. ‘ඕගොල්ලන්ගේ හැසිරීම වෙනස් කරලා බව්තීස්ම වෙන්න ඕනේ’ කියලා තමයි පේතෘස් ඒගොල්ලන්ට කියන්නේ. ඉතින් එදාම තුන්දහස්දෙනෙක් විතර බව්තීස්ම වෙලා යේසුස්ගේ ගෝලයන් වෙනවා.

ක්‍රියා 2:1-47.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න