ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 108
  • දමස්කයට යන ගමන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දමස්කයට යන ගමන්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යේසුස් සාවුල්ව තෝරගනියි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නරක වැඩ කරන අයට හොඳ අය වෙන්න පුළුවන්ද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සාවුල්ගේ දේශනා සේවය නිසා විරෝධතා හටගනී
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 108
දමස්කයට යනකොට අහසින් තද එළියක් ඇවිත් සාවුල්ව බිම වැටෙනවා

කතන්දර 108

දමස්කයට යන ගමන්

මේ බිම වැටිලා ඉන්නේ කවුද කියලා දන්නවාද? ඒ සාවුල්. මතකද, එයා තමයි ස්තේපන්ට ගල් ගහපු මිනිස්සුන්ගේ සළු බාරව හිටියේ. දැන් බලන්න අර තද එළිය දිහා! මොනවාද මේ වෙන්නේ?

ස්තේපන්ගේ මරණයෙන් පස්සේ, යේසුස්ගේ ගෝලයන්ව හොයාගෙන ඒගොල්ලන්ට කරදර කරන්න සාවුල් මුල් තැන ගන්නවා. එයා ගෙයක් ගෙයක් ගානේ ගිහින්, ගෙවල්වලින් ඒගොල්ලන්ව එළියට ඇදලා අරගෙන හිරේ දානවා. ඉතින් ගෝලයන්ගෙන් ගොඩක්දෙනෙක් වෙන නගරවලට ගිහින්, ඒ තැන්වල “ශුභාරංචිය” දේශනා කරන්න පටන්ගන්නවා. හැබැයි සාවුල් ඒ නගරවලටත් ගිහින් ඒගොල්ලන්ව හොයාගන්නවානේ. දැන් එයා මේ දමස්කයට යන ගමන්. නමුත් මඟදී මෙන්න මේ වාගේ පුදුම දෙයක් වෙනවා:

එකපාරටම සාවුල් වටේට අහසෙන් එළියක් එනවා. දැන් මේ පින්තූරයේ පේන විදියට සාවුල් බිම වැටෙනවා. එතකොට ‘සාවුල්, සාවුල්! ඇයි ඔයා මට හිරිහැර කරන්නේ’ කියලා කියන කටහඬක් ඇහෙනවා. සාවුල් එක්ක ඉන්න මිනිස්සුන්ට මේ එළිය පෙනුණත්, ඒ කටහඬ ඇහුණත්, කියන්නේ මොනවාද කියලා තේරුම්ගන්න බැහැ.

‘ඔබ කවුද ස්වාමිනී’ කියලා සාවුල් අහනවා.

‘මම යේසුස්. ඔයා මට තමයි හිරිහැර කරන්නේ’ කියලා ඒ හඬ කියනවා. යේසුස් මෙහෙම කියන්නේ සාවුල් ඔහුගේ ගෝලයන්ට හිරිහැර කරනකොට ඒක යේසුස්ට දැනෙන නිසයි.

‘අනේ ස්වාමිනි, මම මොනවාද කරන්න ඕනේ’ කියලා සාවුල් දැන් අහනවා.

ඉතින් යේසුස් කියනවා ‘නැඟිටිලා දමස්කයට යන්න. ඔයා කරන්න ඕන දේ ඔයාට එහෙදී දැනගන්න ලැබෙයි’ කියලා. සාවුල් නැඟිටලා ඇස් ඇරියාම, එයාට මුකුත්ම පේන්නේ නැහැ. මෙන්න එයා අන්ධ වෙලා! ඉතින් එයාත් එක්ක හිටිය මිනිස්සුන්ට එයාව එයාගේ අතින් අල්ලාගෙන දමස්කයට ගෙනියන්න වෙනවා.

දමස්කයේ ඉන්න ගෝලයෙක්ට යේසුස් දැන් කතා කරලා මෙහෙම කියනවා: ‘අනනියස්, නැඟිටින්න. කෙළින් වීදිය කියන පාරේ ගිහිල්ලා, යූදස්ගේ ගෙදර නැවතිලා ඉන්න සාවුල් කියන කෙනා එක්ක කතා කරන්න අවසර ඉල්ලගන්න. මගේ විශේෂ සේවකයෙක් වෙන්න මම එයාව තෝරගෙන තියෙනවා.’

අනනියස් මේකට කීකරු වෙනවා. එයාට සාවුල්ව හමු වුණාම, එයා මත අත් තියලා මෙහෙම කියනවා: ‘ඔයාගේ ඇස් ආයෙමත් ඇරෙන්නත් ඔයාට ශුද්ධාත්මය ලැබෙන්නත් පුළුවන් වෙන්න මාව එවලා තියෙන්නේ ස්වාමින්.’ එතකොටම සාවුල්ගේ ඇස්වලින් කොරපොතු වගේ දෙයක් වැටිලා එයාගේ ඇස් දෙක ආයෙත් ඇරෙනවා.

රටවල් ගොඩකට ගිහින් මිනිස්සුන්ට දේශනා කරන්න දෙවි සාවුල්ව හුඟක් පාවිච්චි කරනවා. දැන් මිනිස්සු එයාව දන්නේ ප්‍රේරිත පාවුල් කියලයි. අපි එයා ගැන තවත් ගොඩක් දේවල් ඉගෙනගන්න යනවා. හැබැයි ඊට කලින් අපි බලමුද දෙවි පේතෘස්ව යවන්නේ මොනවා කරන්නද කියලා?

ක්‍රියා 8:1-4; 9:1-20; 22:6-16; 26:8-20.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න