ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 115
  • පොළොව මත අලුත් පාරාදීසයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොළොව මත අලුත් පාරාදීසයක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ආපහු ජීවිතය ලැබෙන්නේ කාටද? ඒ අය ජීවත් වෙන්නේ කොහෙද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • “පාරාදීසයේදී හම්බ වෙමු!”
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මිනිසුන් සඳහා දෙවියන් අරමුණු කරලා තියෙන්නේ මොකද්ද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 115
සතුන් එක්ක මිනිස්සු සතුටින් පාරාදීසයේ ඉන්නවා

කතන්දර 115

පොළොව මත අලුත් පාරාදීසයක්

බලන්න අර උස ගස් දිහා. ලස්සන මල් හා උස කඳු දිහාත්. මෙතැන නම් හරිම ලස්සනයි නේද? බලන්න මේ මුවා පොඩි පිරිමි ළමයාගේ අතේ තියෙන කෑම කන හැටි. සිංහයන් අශ්වයන් එක්ක අර පිට්ටනියේ ඉන්න හැටිත් බලන්න. මේ වගේ තැනක තියෙන ගෙයක ඉන්න ඔයා ආස නැද්ද?

දෙවිට ඕනේ කරන්නේ ඔයා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙනවා දකින්නයි. අද ඉන්න මිනිස්සු විඳින මොනම දුක් වේදනාවක්වත් ඔයා අද්දකිනවාට ඔහු කැමති නැහැ. අලුත් පාරාදීසයේ ජීවත් වෙන්න යන අයට බයිබලයේ දෙන පොරොන්දුව මෙන්න මේකයි: ‘දෙවි ඒ අය එක්ක ඉන්න යනවා. මරණයවත් කඳුළුවත් වේදනාවවත් තවත් තියෙන්න යන්නේ නැහැ. කලින් තිබුණු දේවල් නැතුව ගිහිල්ලා.’

පාරාදීසයේදී ලස්සන මල් කඩාගෙන සතුටු වෙන පොඩි දැරියක්

මේ පුදුම වෙනස ඇති කරන්න යන්නේ යේසුස්. ඒක වෙන්නේ කවදාද කියලා ඔයා දන්නවාද? ඒ, නරක දේවලුයි නරක මිනිස්සු හැමෝවමයි මේ ලෝකයෙන් අයින් කළාට පස්සෙයි. යේසුස් මේ ලෝකයේ ඉන්නකොට මිනිස්සුන්ගේ හැම ලෙඩක්ම සුව කළා කියලා මතකද? ඔහු මිනිස්සුන්ව මරණයෙනුත් නැඟිට්ටෙව්වා. යේසුස් මේ දේවල් කෙරුවේ, දෙවිගේ රාජ්‍යයේ රජු වෙනකොට ඔහු මුළු ලෝකේ පුරාම කරන්න යන දේවල් පෙන්නන්නයි.

පොළොවේ ඒ අලුත් පාරාදීසයේ ඉන්න එක කොච්චර පුදුම හිතෙන දෙයක් වෙයිද කියලා ටිකක් හිතලා බලන්න! යේසුස්, ඔහු තෝරාගත්ත කීපදෙනෙක් එක්ක ස්වර්ගයේ ඉඳන් පාලනය කරන්න යනවා. මේ පාලකයන් පොළොවේ ඉන්න හැමදෙනාවම රැකබලා ගන්නත් සන්තෝෂයෙන් තියන්නත් යනවා. දෙවිගේ අලුත් පාරාදීසයේ අපිට සදාකල් ජීවත් වෙන්න අවශ්‍ය නම් අපි මොනවාද කරන්න ඕනේ කියලා දැන් අපි බලමුද?

එළිදරව් 21:3, 4; 5:9, 10; 14:1-3.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න