ඔබ කළ යුත්තේ මොකක්ද?
50 ඒ ලස්සන පාරාදීසයේ ජීවත් වන්න ඔබ කැමතිද?
එහෙනම් දෙවි කියන දේවල් ගැන තවත් දැනගන්න උත්සාහ කරන්න. බයිබලය කියවීමට ඉගෙනගන්න.—යොහන් 17:3; එළිදරව් 1:3
51 යේසුස් ගැන තව තවත් ඉගෙනගන්න.—ද්විතීය කථාව 18: 18, 19; යොහන් 3:16; ක්‍රියා 3:19-23
52 හොඳ දේවල් විතරක් කරමින් යෙහෝවාට කීකරු වන්න වෑයම් කරන්න.—රෝම 6:17, 18, 22
53 මිනී මරන්න එපා කියා යෙහෝවා කියන බව මතක තියාගන්න.—නික්මයාම 20:13; 1 යොහන් 3:11, 12
54 අනුන්ට අයිති දේවල් අප ගන්න එක වැරදියි.—නික්මයාම 20:15; එපීස 4:28
55 තමාගේ භාර්යාව එක්ක හැර වෙන ස්ත්‍රියක් එක්ක එකට ජීවත් වන එකත් සම්බන්ධයක් පවත්වන එකත් වැරදියි.—නික්මයාම 20:14, 17; 1 තෙසලෝනික 4:3
56 පුරුෂයෙකුට භාර්යාවන් කීදෙනෙක් තබාගැනීමට දෙවි ඉඩ දෙනවාද කියා ඔබට මතකද? පුරුෂයෙක් තමාගේ භාර්යාව එක්ක කොච්චර කාලයක් එකට ඉන්න ඕනෑද?—උත්පත්ති 2:22, 24; මතෙව් 19:5, 6; 1 කොරින්ති 7:2, 10, 11
57 අපි නමස්කාර කරන්න ඕන යෙහෝවාට විතරක් කියාත් මතක තබාගන්න.—මතෙව් 4:10; 1 කොරින්ති 8:6
58 අපට උපකාර කරන්න රූප හා සුරුවම්වලට බැහැ. ඇයි?—1 කොරින්ති 8:4
සුරුවම් ළඟ තියාගැනීම හොඳ දෙයක්ද?—ද්විතීය කථාව 27:15; 1 යොහන් 5:21
59 මන්තර ජප කිරීම හෝ වෙනත් ඕනෑම ආත්ම බන්ධන වැඩක් කිරීම වැරදි දෙයක් වන්නේ ඇයි?—ද්විතීය කථාව 18:10-13; එළිදරව් 21:8
60 නරක අතට හැරුණු දේවදූතයන් නැත්නම් භූතයන් දෙවිට විරුද්ධව කැරලි ගැසුවා. ඔවුන් මිනිසුන්ව රවටන්න ශාස්ත්‍ර කියන අයව පාවිච්චි කරනවා.—ක්‍රියා 16:16
61 අපි දෙවිට යාච්ඤා කරන්න ඕන. යාච්ඤාව කියන්නේ, දෙවි එක්ක කතා කිරීමයි. දෙවිට කතා කරද්දී ඔහුට සේවය කරන්න ඕන කියාත්, අපට ඔහුගේ උපකාරය අවශ්‍යයි කියාත් අපි ඔහුට කියා සිටිනවා.—පිලිප්පි 4:6, 7
62 අපි යේසුස්ට කීකරු වෙලා ඔහු කෙරෙහි ඇදහිල්ල තබන්න අවශ්‍යයි.—හෙබ්‍රෙව් 5:9, 10; යොහන් 3:16
63 ඔහු මැරුණේ අපව බේරගන්න බව මතක තබාගන්න.—රෝම 5:8
64 යේසුස් අපේ රජ කියා මතක තබාගන්න. ඔහුට අපි කීකරු වෙන්න අවශ්‍යයි. අපිට ඔහුව පේන්නේ නැහැ.—පිලිප්පි 2:9-11; එළිදරව් 19:16
65 ඔබ ඉගෙනගන්නා හොඳ දේවල් ගැන අනුන්ට කියන්න අවශ්‍යයි කියාත්, දෙවිට සේවය කරන්න කැමති අය බව්තීස්ම වෙන්න අවශ්‍යයි කියාත් යේසුස් කිව්වා.—මතෙව් 28:19, 20; යොහන් 4:7-15
66 ඒ නිසා, ඔබට යාළුවන් එක්ක මේ හොඳ දේවල් ගැන කතා කරන්න පුළුවන්.—මතෙව් 10:32
67 ඔබ හොඳින් කියවන්න ඉගෙනගන්නවා නම්, ඔබට තවත් හුඟක් දේවල් දැනගන්න පුළුවන්. අනිත් අයට වැඩි වැඩියෙන් උපකාර කරන්නත් පුළුවන් වෙයි.—2 තිමෝති 2:15
68 යේසුස් කුඩා දරුවන්ටත් දෙවිට කීකරු වෙන්න ඉගැන්නුවා. ඔවුන් එක්ක කතා කරන්න තමාට වෙලාව නැහැයි කියා ඔහු කවදාවත් හිතුවේ නැහැ.—මතෙව් 19:13-15
69 දෙවිට කීකරු වෙන්නත්, ඔහුට ආදරේ කරන්නත් දෙමව්පියන් දරුවන්ට නිතරම උගන්වන්න ඕන.—ද්විතීය කථාව 6:6, 7; හිතෝපදේශ 6:20-22; එපීස 6:4
70 එක එක වර්ගයේ පල්ලි තියෙනවා. මේ පල්ලිවල උගන්වන හුඟක් දේවල් බයිබලයේ සඳහන් වෙලා නැහැ. ඇත්ත උගන්වන්නේ නැති ආගම්වලින් අහක් වෙන්න කියා යෙහෝවා අපට කියනවා.—එළිදරව් 18:4; යොහන් 4:23, 24
71 යෙහෝවා ගැන තවත් හුඟක් දේවල් ඔබට කියා දෙන්න පුළුවන් සෙනඟක් මේ පොළොවේ ඉන්නවා. ඔවුන් කවුද කියා ඔබ දන්නවාද?—ක්‍රියා 15:14; රෝම 10:14, 15
72 ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්. ඔවුන් අතර සාමය තියෙනවා. ඒ ඇයි කියා ඔබ දන්නවාද? ඒ ඔවුන් එකිනෙකාට ප්‍රේමය පෙන්නන නිසයි.—යෙසායා 43:10-12; යොහන් 13:34, 35
73 යෙහෝවාට ආදරේ නිසාත් ඔවුන් බව්තීස්ම වෙලා තියෙනවා. ඔවුන් ගත කරපු නරක ජීවිතය අත් ඇරලා, දෙවිට සේවය කරන්න ඕන කියා ප්‍රසිද්ධියේ පෙන්නන්නේ මෙහෙමයි.—ක්‍රියා 2:41
74 යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලස්සන අලුත් පාරාදීස පොළොවක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා.—ගීතාවලිය 37:9-11, 29
ඔවුන් එක්ක පාරාදීසයේ ජීවත් වෙන්න නම්, ඔබ මොනවද කරන්න ඕන?—යාකොබ් 1:22, 25; 2:20-26
75 ඔවුන් සමඟ එකතු වෙලා යෙහෝවාට සේවය කරන්න ඉගෙනගන්න. ඔවුන් යෙහෝවාටත් යේසුස් ක්‍රිස්තුස්ටත් ආදරෙයි. ඔවුන්ට කීකරුයි. ඔබත් ඒ දෙන්නාට ආදරෙයිද? දෙවි ගැන දැනගන්න අනිත් අයට උදව් කරන්න ඔබ කැමතිද?—යොහන් 6:45-47
76 යෙහෝවා හා යේසුස් ක්‍රිස්තුස් ඔබට ආදරෙයි. ඔබ සදහටම පාරාදීසයේ ජීවත් වෙනවාට ඔවුන් කැමතියි.—යොහන් 3:16
මේ පොතේ පින්තූරු හා තොරතුරුවලින් ඔබ ඉගෙනගෙන තියෙන දේවල්, මේ පොළොවේ සදහටම සතුටින් ජීවත් වීමට ඔබ තුළ ආශාවක් ඇති කර තියෙන බව අපට ස්ථිරයි. මේ ගැන තවත් ඉගෙනගන්න කැමති නම්, ඔබගේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක කතා කරන්න කියා අපි උනන්දු කරනවා. එහෙම නැත්නම්, මේ පොතේ දෙවෙනි පිටුවේ තියෙන ලිපිනයට ලියා දන්වන්න. ඔබට ලියන්න බැරි නම්, වෙනත් කෙනෙකුගෙන් උපකාරය ලබාගන්න.