පුර්ණ-කාලීන දේවසේවකයෝ දේශනා සේවයේ පෙරමුණේ සිටිති
ඔබ හමු වීමට පැමිණි පළමු වන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවා වන්නට ඇත්තේ, පූර්ණ-කාලීන පුරෝගාමි දේව සේවකයෙකු හෝ මිෂනාරිවරයෙකු විය හැක. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට වේතන ලබන දේව සේවයක් නොමැති බැවින්, මෙම මනුෂ්‍යයින්ට පූර්ණ කාලීන ව සේවයෙහි යෙදිය හැකි වූයේ කෙසේදැයි ඔබ විමතියට පත්වන්නට ඇත.
කැප වූ හා බව්තීස්ම ලත් සියලු ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ දේව සේවකයින් වෙත්. නමුත් බොහෝ සංඛ්‍යාවකට පවුලේ හෝ වෙනත් යුතුකම් තිබෙන බැවින්, සතියකට පැය කිහිපයකට වඩා සේවය සඳහා කැප කිරීමෙන් ඒවා ඔවුන් ව වළකාලයි. කෙසේ වුවත්, ලොවපුරා දහස් ගණනක් සාක්ෂිකරුවන් තම ජීවන තත්ත්වයන් මත කපාහැරීමක් සිදු කොට ඇත්තේ එලෙස අඩු කළ වියදම, අර්ධ-කාලීන වැඩ මගින් පියවා ගෙන, වසරකට පැය 1,000ක් හෝ වැඩියෙන් සේවය සඳහා කැප කිරීමට ය.
පූර්ණ-කාලීන පුරෝගාමි දේව සේවකයින් හට තමන් වෙනුවෙන් වියදම් කිරීම සඳහා එතරම් විශාල මුදලක් නැති බව සත්‍යයකි, නමුත් ඔවුන්ට මෙය පළමු ව දෙවියන් වහන්සේගේ රාජ්‍යය සෙවීමේ මාර්ගයකි. ඔවුහු බොහෝ ආශීර්වාදයන් ලබති. මසකට පැය 90ක පමණ කාලයක් අන්‍යයන් හට දේව වචනය ගැන කථා කිරීමට හැකි වීම, එය පමණක් ම කදිම අත්දැකීමකි. පූර්ණ-කාලීන දේව සේවකයා සේවයෙහි තම නිපුණත්වය දියුණු කර ගන්නා අතර, උනන්දුව කරා නිසි ලෙස හඹා යාමට කාලය ඇත. මෙය දිරිගන්වන සුලු ප්‍රතිඵල නිපදවයි. ඔවුනට ද්‍රව්‍යමය වශයෙන් අවශ්‍ය කරන දේවල් තිබෙන අතර ඔවුනට තිබෙන දේවල් ඔවුහු අගය කරති.—මතෙව් 6:33.
වර්ෂ 1943 පෙබරවාරියේ දී, වොච්ටවර් සමිතිය විසින් ගිලියඩ් වොච්ටවර් බයිබල් පාසල පිහිටුවන ලදි. අරමුණ වූයේ අත්දැකීම්ලත් පූර්ණ-කාලීන පුරෝගාමි දේව සේවකයින් විදේශ රටවල මිෂනාරිවරුන් ලෙස සේවය කිරීමට පුහුණු කිරීම ය. විදේශීය ක්ෂේත්රයක සේවය සඳහා සූදානම් කිරීමක් ලෙස, මෙම පස්මස් පුහුණු කාලය, සංතෘප්ත බයිබල් අධ්‍යයනය, බයිබල් ඉතිහාසය යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සහ සම්බන්ධිත විෂයයන්ගෙන් එය සෑදී තිබේ.
සමිතිය, මිෂනාරි පැවරුමෙහි ප්‍රවාහන වියදම් පියවාලන අතර, මිෂනාරි නිවෙස් තුළ ගුණවත් ආහාර සහ මධ්‍යම තත්ත්වයේ නේවාසික පහසුකම් සපයනු ලැබේ. එක් එක් මිෂනාරිවරයා සඳහා සුළු ජීවනාධාරයක් සපයනු ලබන්නෙත් පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා ය. මිෂනාරිවරු බඩු මිල දී ගෙන එමින්, ආහාර පිළියෙල කිරීමෙන් සහ පිරිසිදු කිරීමෙන් ගෘහය ක්‍රියාත්මක කිරීමෙහි තම වාරය ගනිති. මෙම සෑහෙන සැලකිල්ල සමඟින්, මිෂනාරිවරුනට ගෙයින්-ගෙට දේශනා කිරීමටත්, උනන්දු අය සමඟ බයිබල් පාඩම් පැවැත්වීමටත්, අඩු ම වශයෙන් මසකට පැය 140ක් කැප කිරීමට හැක.
මෙම මිෂනාරිවරුන්ගෙන් බොහෝ දෙනෙකු පත්වීම් ලබන්නේ පවුලෙන් සහ නිවසෙන් සැතපුම් දහස් ගණනක් ඈතට ය. වෙනස් වූ ජීවන තත්ත්වයන්ට සහ සංස්කෘතියකට, නව ආහාර පුරුදුවලට, වෙනස් දේශගුණයකට, වෙනස් භාෂාවක් කථා කිරීමට ඔවුන් හැඩගැසිය යුතු ව ඇත. ඔවුන් මෙම වැඩ කරමින් සිටින්නේ, ඔවුන් ජනයාට ප්‍රේම කරන නිසාත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දැනගැන්ම පිණිස ඔවුන්ට උපකාර කිරීමටත් ඇති දැඩි ආශාව නිසා ය.
වර්ෂ 1943 සිට 1985 දක්වා ගිලියඩ් වොච්ටවර් බයිබල් පාසල පංති 80ක් පැවැත් වූ අතර, මිෂනාරීවරුන් 6,000කට වැඩියෙන් පිටත් කර යවා ඇත. සමිතියේ පරිපාලනය යටතේ මොවුන්, අප්‍රිකාව පුරා, මධ්‍ය සහ දකුණු ඇමෙරිකාවෙහි, පෙරදිග, සහ දකුණු පැසිෆික් රටවල බයිබල් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමෙහි පෙරමුණ ගත් අතර මොවුන් යුරෝපයෙහිත් බොහෝ දේ ඉටු කර ඇත.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ පූර්ණ-කාලීන පුරෝගාමින් ලෙස හෝ මිෂනාරින් වශයෙන් හෝ අර්ධ-කාලීන ව හෝ සේවයෙහි නිරත වන විට, ඔවුහු සේවය කරන්නේ මූල්‍යමය ලාභයක් රහිත ව ය. සදාකාල ජීවනයට මග පෙන්වන දැනීම ලබා ගැන්මට අන්‍යයන් හට උපකාර කිරීම සඳහා, ඔවුන් තම කාලයෙන් සහ මුදලින් තමන් ව ම වැය කරමින් සිටිති.—යොහන් 17:3.
• යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් සමහරෙකුට තම සම්පූර්ණ කාලය සේවය සඳහා කැප කිරීමට හැකි ව ඇත්තේ කෙසේ ද? ඔවුන් මෙය කරන්නේ කුමක් නිසා ද?
• දේව සේවකයින් මිෂනාරි සේවය සඳහා පුහුණු කරනු ලබන්නේ කෙසේ ද?
• විදේශීය පැවරුමෙහි දී මිෂනාරිවරුන් ආධාර කරනු ලබනුයේ කෙසේ ද?
[22වන පිටුවේ පින්තූර]
වමේ: ගිලියඩ් පාසල් පංති කාමරය, බෘක්ලින්, න්යූ යෝʼක්, ඇ. එ. ජ.
දකුණේ: පැපුවා න්යූ ගිනියාවෙහි මිෂනාරිවරයෙකු දේව වචනය උගන්වමින්
[23වන පිටුවේ පින්තූර]
පුරෝගාමි දේව සේවකයින් සහ මිෂනාරීන් දේව වචනය විවිධ රටවල ප්‍රකාශ කරමින්
බ්‍රසීලය
ඩොමිනිකන් සමූහාණ්ඩුව
ස්පාඤ්ඤය
සියෙරා ලියොන්, අප්‍රිකාව