ස්වේච්ඡා සම්මාදම් මගින් මූල්‍යාධාර ලබයි
පෙර විස්තර කරන ලද සියලු ක්‍රියාකාරකම් ආධාර කරනු ලබන්නේ ස්වේච්ඡා සේවකයින් විසිනි. මෙලෙස වියදම පහත තබාගනු ලැබේ. ගෙයින්-ගෙට සේවය සහ පත පොත බෙදා හැරීම, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ස්වේච්ඡාවෙන් කරනු ලැබේ. ඔවුහු තමන්ගේ ම වියදම් පියවා ගනිති. උපස්ථා සේවකයින් විසින් සහය දෙනු ලබන සභාවන් පරිපාලනය කරන වැඩිමහල්ලෝ, තම සේවය වෙනුවෙන් දීමනාවක් නොලබති. තම සියලු වියදම් ඔවුහු ම පියවා ගනිති.
පාලක මණ්ඩලයේ සාමාජිකයිනුත්, බයිබල් සහ බයිබල් පොත් පත් සූදානම් කිරීමෙහි පූර්ණ කාලීන ව වැඩ කරන සෙසු සියල්ලනුත් ලබන්නේ, තමන්ට ම කාමරයක්, ආහාර සහ තම වියදම් පියවා ගැනීම සඳහා සුළු දීමනාවකුත් පමණ ය. එය ම පූර්ණ-කාලීන සංචාරක අවේක්ෂකයින් සඳහාත් සත්‍ය වෙයි.
අපගේ පොත්පත් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ බයිබලය කෙරෙහි අවංක උනන්දුවක් දක්වන අයට උපකාර කිරීම සඳහා ය. ද්‍රව්‍ය, නිෂ්පාදනය, සහ නැව්ගත කිරීම්වල මූලික වියදම් පියවනු ලබන්නේ උනන්දුව දක්වන පුද්ගලයන් විසින් දෙනු ලබන ස්වේච්ඡා දීමනා සහ ඊට අතිරේක ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ම දෙනු ලබන සම්මාදම්, සහ නිත්‍යානුකූල පරිත්‍යාගයන් මඟින් ය.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය හෝ සමුළු රැස්වීම් සියල්ලේ දී සම්මාදම් දීමට කැමති අය සඳහා සම්මාදම් පෙට්ටි තබා තිබෙනු ඇත. එකතු කිරීම් කරනු නොලැබේ. දිය යුතු මුදල් හෝ දසයෙන් කොටසක් ගෙවීමට නැත. ශුද්ධ ලියවිලිවල දක්වා තිබෙන ලෙස, එක් එක්කෙනා තම හදවතින් නියම කරගත් ලෙස දේවා.—2 කොරින්ති 8:12; 9:7.
• යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සියලු ක්‍රියාකාරකම් සඳහා මූල්‍යාධාර ලබන්නේ කෙසේ ද?