ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 12 පරි. 98-103 පි.
  • මට ම මා අකමැති මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මට ම මා අකමැති මන්ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මට කිසි දෙයක් හරියට කරන්න බෑ!’
  • ආත්ම-ගෞරවය ගොඩ නැගීම
  • සීමාන්තයන්
  • ප්‍රවේසම් වීමට වචනයක්
  • මම ඇත්තටම වටිනා කෙනෙක්ද?
    2010 පිබිදෙව්!
  • තමන් ගැන තියෙන ගෞරවයට වෙච්ච දෙයක්!
    2024 පිබිදෙව්!
  • මගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • දරුවන්ව හික්මවන්න ඕනද?
    2015 පිබිදෙව්!
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 12 පරි. 98-103 පි.

පරිච්ඡේද 12

මට ම මා අකමැති මන්ද?

“මට මා ගැන කොහෙත් ම වැඩි විශේෂත්වයක් හැඟෙන්නේ නෑ,” යයි ලුයිස් ශෝක විය. ඔබටත්, ඉඳ හිට ඔබ ගැන ම අයෝග්‍ය හැඟීමක් ඇති වන්නේ ද?

සැබවින් ම, සෑම කෙනෙකුට ම යම් ප්‍රමාණයක ආත්ම-අභිමානයක් අවශ්‍යයි. එය “මනුෂ්‍ය පැවැත්මට ගෞරවය දෙන අංගය,” වශයෙන් හඳුන්වා ඇත. තවදුරටත්, බයිබලය මෙසේ පවසයි: “තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව.” (මතෙව් 19:19) තව ද ඔබ, ඔබ ගැන ම අයෝග්‍ය හැඟීමක් ඇති කර ගන්නේ නම්, අන්‍යයන් ගැන ද ඔබ අයෝග්‍ය හැඟීමක් ඇති කර ගන්නට පුළුවන.

‘මට කිසි දෙයක් හරියට කරන්න බෑ!’

ඔබ ගැන ම මෙවන් නිෂේධාත්මක හැඟීම් ඔබට තිබිය හැක්කේ මන්ද? එක් දෙයක් නම්, ඔබේ සීමාවන් ඔබ ව අධෛර්යයට පත් කළ හැකි වීම ය. ඔබ වැඩෙමින් සිටින අතර, බොහෝ විට ඔබ අතින් දේවල් ගිලිහී යාම හෝ ඔබ එහා මෙහා යන විට දේවල් සමඟ ගැටීමේ නුහුරු කාල පරිච්ඡේදයක් තිබේ, මෙය දෛනික දුෂ්කරතාවයකි. එලෙස ම, කලකිරීම්වලින් නැවත හැරී ඒමට වැඩිහිටියෙකුගේ අත්දැකීම් ඔබට කොහෙත් ම නැත. තව ද ඔබේ “හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන්,” ප්‍රමාණවත් ලෙස භාවිතා කර නැති හෙයින්, ඔබ සැමවිට ම ඥානවන්ත ම තීරණය නොගන්නට පුළුවන. (හෙබ්‍රෙව් 5:​14, නව අනුවාදය) ඇතැම් අවස්ථාවල ඔබට කිසිවක් හරියට කරගත නොහැකි යයි ඔබට හැඟෙන්නට පුළුවන!

කෙනෙකුගේ දෙමව්පියන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අසමත්වීම ආත්ම-අභිමානය පහත වැටීමට තවත් හේතුවක් විය හැක. “මා පාසලේ දී ‘A සෘණ සම්මානයක්’ අත්කර ගත් විට, ‘A සම්මානයක්’ නොගත්තේ මන්දැයි දැනගැනීමට මගේ දෙමව්පියන්ට වුවමනා වන අතර මා වගකට නැත්තෙකු බව පවසති,” යයි එක් යෞවනයෙක් කියයි. සැබවින් ම, තමාට හැකි උපරිමයෙන් කරන්න යයි දෙමව්පියන් විසින් දරුවන්ට බලවත් සේ උනන්දු කිරීම ස්වභාවික දෙයකි. තව ද සාධාරණ අපේක්ෂාවන් ඉටු කිරීමට ඔබ අසමත් වන විට, ඒ ගැන ඔබට පවසන බව ඔබට නිසැක විය හැක. බයිබලයේ අවවාදය නම්: “මාගේ පුත්‍රය, [හෝ දියණිය,] පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.” (හිතෝපදේශ 1:​8, 9, නව අනුවාදය) අධෛර්යයට පත් වෙනවා වෙනුවට, විවේචනයට පහසුවෙන් එකඟ වී එයින් ඉගෙන ගන්න.

එහෙත්, කෙනෙකුගේ දෙමව්පියන් අසාධාරණ සැසඳීම් කරන්නේ නම් කුමක් ද? (“ඔබේ වැඩිමල් සහෝදරයා, පෝල්, වාගේ වෙන්න ඔබට බැරි ඇයි? ඔහු සැමවිට ම කැපී පෙනෙන ශිෂ්‍යයෙකු වුවා.”) එවන් සැසඳීම්, ඒ අවස්ථාවේ දී වේදනාකාරී බව පෙනෙන්නට තිබිය හැකි මුත්, බොහෝ විට ඒවා සාධාරණ කාරණයක් වෙත අවධානය යොමු කරයි. ඔබේ දෙමව්පියන්ට වුවමනා වන්නේ හුදෙක් ඔබට උපරිම යහපත වෙනවා දැකීමට ය. තව ද ඔවුන් ඔබට ඉතා තදින් ක්‍රියා කරන බව හැඟේ නම්, ඔවුන් සමඟ කාරණා සන්සුන් ව සාකච්ඡා නොකරන්නේ මන්ද?

ආත්ම-ගෞරවය ගොඩ නැගීම

පහත වැටෙන ආත්ම-අභිමානය රැකගැනීමට ඔබට හැක්කේ කෙසේ ද? පළමුව, ඔබේ හැකියාවන් හා නොහැකියාවන් ගැන අවංක ව කල්පනා කරන්න. ඔබේ නොහැකියාවන් යයි කියන ලද දේවලින් බොහොමයක් බෙහෙවින් වැදගත් නොවන බව ඔබ දැනගන්නවා ඇත. හදිසි කෝපය හෝ ආත්මාර්ථකාමී භාවය වැනි බරපතළ දෝෂයන් ගැන කුමක් ද? සිහිකල්පනාවෙන් යුක්ත ව මෙම ගැටලු විසඳා ගන්න, එවිට ඔබේ ආත්ම-ගෞරවය වැඩිවෙන බවට සහතික ය.

තවදුරටත්, ඔබට දැනටමත් හැකියාවන් තිබෙනවා යන කාරණයෙන් ඔබ ව ම රවටා නොගන්න! ඉවුම් පිහුම් කිරීමට හෝ ටයරයක් අලුත්වැඩියා කිරීමට හෝ හැකි වීම එතරම් වැදගත් යයි ඔබ නොසිතනවා විය හැක. එහෙත් කුසගින්නෙන් පෙළෙන්නෙකු හෝ කිසි පිළිසරණක් නැති රියදුරෙකු ඔබට එවන් දක්ෂතාවයන් තිබීම ගැන අගය කරනු ඇත! ඔබේ සත්ගුණයන් ගැන ද කල්පනා කරන්න. ඔබ උත්සාහවන්ත ද? ඉවසිලිවන්ත ද? අනුකම්පා සහගත ද? ත්‍යාගශීලී ද? කරුණාවන්ත කෙනෙක් ද? සුළු දෝෂයන්ට වඩා මෙම ගුණාංග මහත් සේ වටී.

මෙම හරි වැරදි බැලීමේ කෙටි ලැයිස්තුව සලකා බැලීම ද උපකාරවත් විය හැක:

ඉටු කළ හැකි ඉලක්කයන් තබාගන්න: ඔබ සැමවිට ම තරු අල්ලන්නට යන්නේ නම්, මහත් කලකිරීමකින් වේදනා විඳීමට ඔබට සිදු විය හැක. අත්කර ගත හැකි ඉලක්ක තබා ගන්න. යතුරු ලියනය වැනි දක්ෂතාවයක් ඉගෙන ගැනීම ගැන කුමක් කිව හැකි ද? සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට හෝ වෙනත් භාෂාවක් කථා කිරීමට ඉගෙන ගන්න. ඔබේ කියවීම දියුණු කරන්න, නැතහොත් පුළුල් කරන්න. ආත්ම ගෞරවය නම්, යමක් ඉටු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනවත් අතුරු ඵලයකි.

කරන වැඩය හොඳින් කරන්න: ඔබ විසින් වැඩය බාල තත්ත්වයෙන් කරන්නේ නම්, ඔබට ඔබ ගැන යහපත් හැඟීමක් ඇති වීමට යන්නේ නැත. දෙවියන් වහන්සේ ස්වකීය මැවීමේ වැඩවල දී සතුටු වූ අතර මැවීමේ යුගය අවසාන කරද්දී එය “යහපත්” බව ප්‍රකාශ කළ සේක. (උත්පත්ති 1:​3-31) නිවසේ දී හෝ පාසලේ දී ඔබ කරන ඕනෑ ම වැඩක් දක්ෂ ව හා සාවධාන ව කිරීමෙන් ඔබට ද සතුටක් ලැබිය හැක.—හිතෝපදේශ 22:​29 බලන්න.

අන්‍යයන් සඳහා දේවල් කරන්න: අන්‍යයන් විසින් ඔබට සියල්ල කර දෙන තුරු නිකම් බලා සිටීමෙන් ආත්ම-ගෞරවය ලබාගත නොහැක. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක, “ප්‍රධානියා වන්න කැමති යමෙක් . . . සේවකයා විය යුතුය,” නැතහොත් අන්‍යයන් සඳහා දාසයා විය යුතු ය.—මාර්ක් 10:​43-45.

උදාහරණයක් ලෙස, ගිම්හාන නිවාඩුවේ සෑම මාසයක දී ම 17 හැවිරිදි කිම් අන්‍යයන්ට බයිබල් සත්‍යයන් ඉගෙනීමට උපකාර කිරීම සඳහා පැය 60ක් වෙන් කළා ය. ඇය මෙසේ පවසන්නී ය: එය මා යෙහෝවඃ වහන්සේ වෙත වඩා සමීප කර ඇත. ජනයා සඳහා සැබෑ ප්‍රේමයක් වර්ධනය කර ගැනීමට ද එය මට උපකාරවත් වී තිබේ.” මේ සන්තෝෂවත් යෞවන ස්ත්‍රියට ආත්ම-ගෞරවයේ අඩුවක් තිබෙනවා විය නොහැක!

ඔබේ මිතුරන් ප්‍රවේසමෙන් තෝරා ගන්න: “මට ම මා සමඟ ඇති සබඳතාවය ඉතා අසතුටුදායක එකකි. මා කෙරෙහි විශ්වාසය තබන අය සමඟ මා සිටින විට, මං වැඩය හොඳින් කරනවා. යන්ත්‍රයක අමතර කොටසක් මෙන් මට සලකන අය සමඟ මම කල්පනා නැති මෝඩ කෙනෙකු මෙන් වෙමි,” යයි 17 හැවිරිදි බාබරා පැවසුවා ය.

උඩඟු හෝ අපහාස කරන අය ඇත්තෙන් ම ඔබට ඔබ ගැන ම නරක හැඟීමක් ඇති කරවිය හැක. එබැවින් ඔබේ ශුභසිද්ධිය ගැන සැබවින් ම සැලකිලිමත් වන, ඔබ ව ධෛර්යවත් කරන මිතුරන් තෝරා ගන්න.—හිතෝපදේශ 13:20.

දෙවියන් වහන්සේ ඔබේ කිට්ටු ම මිතුරා කර ගන්න: “ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] මාගේ පර්වතයය, මාගේ බලකොටුවය,” යයි ගීතිකාකාර දාවිත් ප්‍රකාශ කළේ ය. (ගීතාවලිය 18:2) ඔහු විශ්වාසය තබා තිබුණේ ඔහුගේ ම හැකියාවන් තුළ නොව නමුත් යෙහෝවඃ වහන්සේ සමඟ ඔහුට තිබූ සමීප මිත්‍රත්වය තුළ ය. මෙලෙස, පසු කලෙක ඔහු වෙත විපත්ති පැමිණි විට, තම සන්සුන් භාවය නැති කර නොගෙන දැඩි විවේචනය ඉදිරියේ නොසැලී සිටීමට ඔහුට හැකි විය. (2 සාමුවෙල් 16:​7, 10) ඔබටත් “දෙවියන් වහන්සේ වෙත සමිප” වී මෙලෙස ඔබ ගැන නොව, නමුත් යෙහෝවඃ වහන්සේ ගැන “පාරට්ටු,” කළ හැක!—යාකොබ් 2:​21-23; 4:8; 1 කොරින්ති 1:31.

සීමාන්තයන්

එක් ලේඛකයෙක් මෙසේ පැවසී ය: “ඇතැම් විට දුර්වල අවබෝධයක් හා පහත් ආත්ම අභිමානයක් ඇති යෞවනයෝ, ලෝකයට මුහුණ දීම සඳහා වැරදි සහගත ඉදිරිපත් කිරීමක් හෝ මවා පෑමක් වර්ධනය කර ගැනීමට වෑයම් කරති.” ඇතැමෙක් ආරෝපණය කර ගන්නා වේශයන් කනට හුරු ය: “චණ්ඩියා,” අසංවර කැපීපෙනන සමාජයේ මිනිසා ලෙස සැරසුණු වැදගැන්මකට නැති අන්තවාදී පුද්ගලයා. එහෙත් මවා පෑමට යටින්, එවැනි යෞවනයෝ තවදුරටත් පහත් භාවයේ හැඟීම් සමඟ පොරබදමින් සිටිති.—හිතෝපදේශ 14:13.

උදාහරණයක් ලෙස, “අසහනයේ හැඟීම් ඉවත් කිරීමට, [වුවමනා වී ඇති බව හඟවමින්] ආත්ම-අභිමානය වැඩි කර ගැනීමට, කුලුපග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට හා ගර්භණී භාවය තුළින් වෙනත් මනුෂ්‍යයෙකුගේ, එනම් ළදරුවෙකුගේ ප්‍රේමය හා සම්පූර්ණ පිළිගැනීම ලබාගැනීමට” අසංවර හැසිරීමට ඉඩ දෙන අය ගැන සලකා බලන්න. (කෝපිං විත් ටීන්ඒජ් ඩිප්‍රෙෂන්) එක් අපේක්ෂා-භංග වූ යෞවන ස්ත්‍රියක් මෙසේ ලීවා ය: “මගේ මැවුම්කරුවාණන් සමඟ ශක්තිමත් සබඳතාවයක් ගොඩනගා ගැනීමට වෑයම් කරනවා වෙනුවට සැනසිල්ලක් වශයෙන් කුලුපග ලිංගික ඇසුර යොදා ගැනීමට උත්සාහ කළෙමි. මා ගොඩ නැගූ සියල්ල වූයේ හිස් භාවය, තනිකම සහ වැඩි අසහනය පමණකි.” එසේ නම්, එවන් සීමාන්තයන් ගැන ප්‍රවේසම් වන්න.

ප්‍රවේසම් වීමට වචනයක්

කෙනෙකු තමා ගැන පමණට වඩා උසස් ලෙස සිතීමට එරෙහි ව ශුද්ධ ලියවිලි නිතර අවවාද කිරීම සැලකිලිමත්වීමට කරුණකි! මෙසේ වන්නේ මන්ද? පෙනෙන හැටියට අපගෙන් වැඩි දෙනා ආත්ම විශ්වාසය ලබා ගැනීමට දරන අපේ වෑයමේ දී, සීමාව ඉක්මවා යාමට පෙළඹෙන හෙයිනි. බොහෝ දෙනෙකු තම දක්ෂතාවයන් හා හැකියාවන් ගැන අහංකාරයට පත්වී, බෙහෙවින් වැඩි කොට කියති. ඇතැමෙක් අන් අය පහත් කිරීමෙන් තමන් උසස් කර ගනිති.

පළමු ශතවර්ෂයේ දී, යුදෙව්වන් සහ අන්‍ය ජාතීන් (යුදෙව්-නොවන්නන්) අතර පැවති මහත් විරෝධතාවය රෝමයේ වූ ක්‍රිස්තියානි සභාවට පීඩා පැමිණ විය. එබැවින් ඔවුන් ව දෙවියන් වහන්සේගේ අනුමැතිය ලැබීමේ තත්ත්වයකට “පාස්සනු” ලැබුවේ දෙවියන් වහන්සේගේ “කරුණාව” මගින් පමණක් බව ප්‍රේරිත පාවුල් අන්‍ය ජාතීන්ට මතක් කර දුන්නේ ය. (රෝම 11:​17-36) තමන් ධර්මිෂ්ඨ යයි සිතූ යුදෙව්වන්ට ද තම අසම්පූර්ණත්වයන්ට මුහුණ දීමට සිදු විය. “මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් හීනව සිටිති,” යයි පාවුල් පැවසුවේ ය.—රෝම 3:23.

පාවුල් ඔවුන්ගේ ආත්ම-අභිමානය ඉවත් කළා නොව නමුත් මෙසේ පැවසුවේ ය: “ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙස . . . මට දී ඇති වරප්‍රසාදය [ලබන්නට නොවටිනා කරුණාව NW ] අනුව ඔබ එකිනෙකාට කියමි.” (රෝම 12:3) එබැවින් යම් ප්‍රමාණයකට ආත්ම-ගෞරවය “අත්‍යවශ්‍ය” වන අතරතුර, මේ සම්බන්ධයෙන් කෙනෙකු අන්තයට නොයා යුතු ය.

වෛද්‍ය ඇලන් ෆ්‍රෝම් මෙසේ නිරීක්ෂණය කරයි: “තමන් ගැන ම ප්‍රමාණවත් වැටහීමක් තිබෙන පුද්ගලයෙක් දුක් විඳින්නේ නැත, නමුත් ඔහු සන්තෝෂයෙන් මත්වීමට අවශ්‍ය නැත. . . . ඔහු සර්ව-අශුභවාදි (හැම දෙයෙහි ම නරක පැත්ත පෙනෙන) කෙනෙකු නොවන නමුත් ඔහුගේ සර්ව-ශුභවාදය (අයහපත අභිබවා යහපත ම ජයගන්නේ ය යන දර්ශනය) සීමා රහිත එකක් ද නොවේ. ඔහු අනුවණ ලෙස ක්‍රියා කරන්නෙකු හෝ අවශ්‍ය බියෙන් නිදහස් කෙනෙකු ද නොවේ . . . තමා සැමවිට ම විශේෂ ලෙස සාර්ථක වන කෙනෙකු හෝ නිරන්තරයෙන් ම [දිගට ම] අසමත් වන කෙනෙකු ද නොවන බව ඔහු වටහා ගනියි.”

එබැවින් විනීත ව සිටින්න. “දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේක.” (යාකොබ් 4:6) ඔබේ හැකියාවන් ඒත්තු ගන්න, නමුත් ඔබේ වැරදි නොසලකා නොහරින්න. ඒ වෙනුවට, ඒවා හදා ගැනීමට ක්‍රියා කරන්න. තවදුරටත් කලින් කලට ඔබ ගැන ම ඔබට සැක ඇති වෙනු ඇත. එහෙත් ඔබේ ආත්ම-වටිනාකම හෝ ඔබ ගැන දෙවියන් වහන්සේ සැලකිලිමත් වනවා යන්න ගැන හෝ කිසිවිටෙකත් ඔබ සැක නොකළ යුතු ය. මන්ද, “යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේමකෙරේ නම්, ඔහු උන්වහන්සේ විසින් දන්නා ලද්දේය.”—1 කොරින්ති 8:3.

සාකච්ඡා කිරීමට ප්‍රශ්න

◻ ඇතැම් යෞවනයන්ට තමන් ගැන නිෂේධාත්මක හැඟීම් තිබෙන්නේ මන්ද? එවැනි යෞවනයන්ට හැඟෙන ආකාරය ගැන විස්තර කිරීමට ඔබට හැකි ද?

◻ ඔබේ දෙමව්පියන්ගේ නියම කිරීම් හැසිරවීමට ඔබට හැක්කේ කෙසේ ද?

◻ ආත්ම-ගෞරවය ගොඩ නැගීමට ඇතැම් මාර්ග කවරේ ද?

◻ ආත්ම-අභිමානය ගොඩ නැගීමට ඇතැම් සීමාවන් මොනවා ද?

◻ ඔබ ගැන ම වුවමනාවට වඩා උසස් ලෙස නොසිතීමට ඔබ සැලකිලිමත් විය යුත්තේ මන්ද?

[98 පිටුවෙහි හුවා දැක්වීම]

ආත්ම-අභිමානය “මනුෂ්‍ය පැවැත්මට ගෞරවය දෙන අං ගය,” වශයෙන් හඳුන්වා ඇත

[99 පිටුවෙහි ඇති පින්තූර]

ඔබට පහත් වූ බවක්, සුළු වූ බවක් හැඟෙනවා ද? පිළියමක් තිබේ

[101 පිටුවෙහි ඇති පින්තූර]

පාරට්ටු කර ගන්නෙකු හෝ පුරසාරම් දොඩන්නෙකු හෝ වීම පහත් ආත්ම-අභිමානයක් තිබීමට විසඳුම නොවේ

[102 පිටුවෙහි ඇති පින්තූර]

ඔබට කිසි ම දෙයක් හරියට කළ නොහැකි යයි ඇතැම් විට හැඟෙනවා ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න