පරිච්ඡේද 28
බලවත් සෙනෙහසේ හැඟීමකින් මා ගොඩ එන්නේ කෙසේ ද?
“බලවත් සෙනෙහසේ හැඟීම් බොහෝ යෞවනයන්ට සෙම්ප්රතිශ්යාවන් මෙන් සාමාන්‍ය දෙයකි,” යයි එක් යෞවන සඟරාවක් ලීවේ ය. සෑම යෞවනයෙකු ම වාගේ ඒවා අත්දකින අතර, තම අභිමානය ඇතුව හා පීඩාවකින් තොර ව හාස්‍ය භාවයක් ඇතුව වැඩිහිටි භාවයට ආරක්ෂිත ව පැමිණීමට සියල්ලන්ට ම වාගේ හැකි වේ. කෙසේ වුවද, ඔබ බලවත් සෙනෙහසේ දැඩි ග්‍රහණයට අසු වී සිටින විට, එය සිනාසීමට කරුණක් නොවේ. “මට ඒ ගැන කිසිවක් කරන්න බැරි වූ නිසා මම සිටියේ කලකිරිලයි. ඇය මට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙකු බව මා දැන සිටියත් මං ඇයට කැමැත්තෙන් සිටියා. මං ඇත්තෙන් ම සම්පූර්ණයෙන් සිහි විකල් ව සිටියා,” යයි එක් යෞවනයෙක් සිහි කරයි.
බලවත් සෙනෙහසක ව්‍යූහය
හැඟීමක් දුරාචාරමය හෝ නුසුදුසු නොවේ නම්, (විවාහ වී සිටින තැනැත්තෙකුට මෙන්), යම් කෙනෙකු කෙරෙහි බලවත් හැඟීමක් ඇතුව සිටීම පාපයක් නොවේ. (හිතෝපදේශ 5:15-18) එහෙත්, ඔබ යොවුන් වියේ සිටින විට, “යෞවන වියට ආවේණික තෘෂ්ණා” බොහෝ විට ඔබේ සිතුවිලි සහ ක්‍රියා පාලනය කරයි. (2 තිමෝති 2:22, NW ) යෞවනෝදය [puberty] මගින් මුදාහරින අලුත් හා ප්‍රබල තෘෂ්ණාවන් පාලනය කිරීමට තවමත් උගනිමින් සිටින යෞවනයෙකු, ප්‍රේමයේ හැඟීම්වලින් පිරී සිටිය හැකි අතර ඒවා නිර්ලෝභී ව දීමට කෙනෙකු නොමැති ව ද සිටිය හැක.
තවදුරටත්, “පිරිමි ළමුන්ට වඩා බාල වයසින් ගැහැණු ළමයින් තැන්පත්කමක් දක්වන අතර සමාජ ආශ්‍රයේ පහසුවෙන් යෙදෙති.” ප්‍රතිඵලයක් වශයෙන්, “ගුරුවරුන්,” හෝ ළඟා විය නොහැකි අනෙක් වයසින් මුහුකුරා ගිය අය “සමඟ සැසඳීමේ දී ඔවුන්ගේ පංතිවල සිටින පිරිමි මිතුරන් නොමේරූ හා පෙලඹීමක් ඇති නොවන අය බව ඔවුනට බොහෝ විට දැනේ.” (සෙවන්ටීන් සඟරාව) මෙබැවින් ප්‍රියතම ගුරුවරයෙකු, ජනප්‍රිය සංගීත ගායකයෙකු හෝ ඇඳුනුම්කමක් ඇති වයසින් මුහුකුරා ගිය කෙනෙකු “පරමාදර්ශ” පිරිමියා ලෙස ගැහැණු ළමයෙකු විසින් කල්පනා කිරීමට ඉඩ තිබේ. එලෙස ම පිරිමි ළමයි ද බොහෝ විට මූඪ ප්‍රේමයෙන් වෙළෙති. කෙසේ වුවද, එවන් වැඩි මිත්‍රකමක් නැති අය සඳහා හැඟෙන ප්‍රේමය නිසැක ව ම සැබෑ තත්ත්වයට වඩා මනඃකල්පිතයෙන් හටගනියි.
සෙනෙහසේ හැඟීම්—ඒවා අනතුරු විය හැකි වීමට හේතුව
සෙනෙහසේ හැඟීම් වැඩි හරියක් පුදුමසහගත ලෙස කෙටි-කාලීන වන අතර, තවදුරටත් යෞවනයෙකුට බොහෝ අනතුරු කිරීමට ද ඒවාට හැක. එක් දෙයක් නම්, යෞවනයන් ආදරය කරන බොහෝ දෙනෙකු වැදගත් යයි සැලකීමට හුදෙක් වටින්නේ නැති අයයි. ඥානවන්ත මනුෂ්‍යයෙක් පැවසුවේ මෙසේ ය: “අඥානකම බොහෝ උසස් ස්ථානවල පිහිටුවා තිබේ.” (දේශනාකාරයා 10:6) මෙබැවින් ගායකයෙකු පූජනීයත්වයේ ලා සලකන්නේ ඔහුට ප්‍රිය උපදවන කටහඬක් හෝ සිත් ඇදගන්නා පෙනුමක් තිබෙන බැවිනි. එහෙත් ඔහුගේ සදාචාරයන් ප්‍රශංසා කිරීමට වටින්නේ ද? ඔහු හෝ ඇය කැප වූ ක්‍රිස්තියානියෙකු වශයෙන් “ස්වාමීන්වහන්සේ තුළ” සිටින්නේ ද?—1 කොරින්ති 7:39.
බයිබලය මෙසේ ද අනතුරු අඟවයි: “ලෝකය සමග මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම” ය. (යාකොබ් 4:4) දෙවියන් වහන්සේ හෙලා දකින පුද්ගලයෙකු කෙරෙහි ඔබ ඔබේ හෘදය තබනවා නම් දෙවියන් වහන්සේ සමඟ ඇති ඔබේ මිත්‍රත්වයට ඉන් අනතුරක් නොවනු ඇත් ද? එමෙන් ම, “දේවතා රූපවලින් දුරුව සිටපල්ලා,” කියාත් බයිබලය ආඥා කරයි. (1 යොහන් 5:21) යෞවනයෙකු හෝ යෞවනියක තම කාමරයේ, බිත්තියෙන් බිත්තියට ප්‍රධාන ගායකයෙකුගේ පින්තූරවලින් සරසන විට ඒ ගැන ඔබ පවසන්නේ කුමක් ද? “රූප වන්දනාව” යන වචනය සුදුසු නොවන්නේ ද? මෙය දෙවියන් වහන්සේට ප්‍රසන්න විය හැක්කේ කෙසේ ද?
ඇතැම් යෞවනයෝ තර්කානුකූල භාවය ප්‍රතික්ෂේප කිරීමට පවා තම මනඃකල්පිතයන්ට ඉඩ හරිති. එක් යෞවන ස්ත්‍රියක් මෙසේ පවසන්නී ය: “ඔහුට හැඟෙන්නේ කොහොම දැයි මං අසන සෑම වේලාවක ම—ඔහු කියන්නේ මා කෙරෙහි කිසි හැඟීමක් නැති බවයි. එහෙත් ඔහු බලන හා ක්‍රියා කරන ආකාරයෙන් මෙය ඇත්තක් නොවන බව මට කියන්නට පුළුවන.” සඳහන් කරන ලද යෞවන පුරුෂයා, තමා තුළ උනන්දුවක් නැතැයි ප්‍රකාශ කිරීමෙන් කාරුණික වීමට උත්සාහ කළ නමුත්, ඇය හුදෙක් පිළිතුර පිළිගැනීමට මැළි වූවා ය.
ප්‍රකට ගායකයෙකු කෙරෙහි තම මූඪ ප්‍රේමය ගැන තවත් ගැහැණු ළමයෙක් මෙසේ ලියන්නී ය: ‘ඔහු මගේ පෙම්වතා වෙනවාට මං කැමතියි, එමෙන් ම එය සැබෑවක් වන්න යයි මං යාච්ඤා කරල තියෙනවා! මා ළඟ ඔහුගේ ඇල්බමය තබා ගැනීම ඔහු වෙත ළං වෙන්න තිබූ එක ම මාර්ගය වූ බැවින් මා ළඟින් එය තබා ගෙන මං නිදා ගන්නවා. ඔහු ව මට නොලැබුණහොත් මා ව මරාගන්නා තත්ත්වයට ම මා පත් වී සිටිනවා.’ එවන් සිහිකල්පනාවෙන් තොර රාගයක්, “තැන්පත් සිතින්,” දෙවියන් වහන්සේට සේවය කිරීමට අපට ආඥා කරන උන් වහන්සේට ප්‍රසන්න විය හැකි ද?—රෝම 12:3, නව අනුවාදය.
බයිබලයේ හිතෝපදේශ 13:12 හි පවසන්නේ මෙසේ ය: “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත [හෘදය NW] කලකිරෙන්නේය.” ලැබිය නොහැකි සබඳතාවයක් කෙරෙහි ප්‍රේමයේ අපේක්ෂාවන් වර්ධනය කර ගැනීම අයහපතක් වන අතර ම නිෂ්ඵල ප්‍රේමය “අසහනය, කාන්සාව සහ සාමාන්‍ය පීඩාව . . . නින්ද නොයෑම හෝ අලස බව, පපුවේ වේදනාවන් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයන්,” ඇති කරන බව වෛද්‍යවරු ගෙනහැර දක්වති. (2 සාමුවෙල් 13:1, 2 සසඳන්න.) මූඪ ප්‍රේමයෙන් වෙළුණු එක් ගැහැණු ළමයෙක් මෙසේ වරද පිළිගත්තා ය: “මට කන්න බෑ. . . . මට තවදුරටත් පාඩම් කරන්න බෑ. මං . . . ඔහු ගැන දවල් සිහින දකිනවා. . . . මං ඉන්නෙ ඉතා දුක්මුසු තත්ත්වයකයි.”
මනඃකල්පිතයකට ඔබේ ජීවිතය පාලනය කිරීමට ඔබ ඉඩ හරින විට ඔබට පැමිණිය හැකි මහත් විනාශය ගැන සිතන්න. බලවත් සෙනෙහසේ හැඟීමකට පලා යෑමේ මුල් සාධකයන්ගෙන් එකක් වන්නේ “පාසලේ දරන ප්රයත්නය අඩු වීමකි” යයි වෛද්‍ය ලෝරන්ස් බෝමන් නිරීක්ෂණය කරයි. මිත්‍රයන්ගෙන් හා පවුලෙන් වෙන් ව හුදකලා වීම තවත් සාමාන්‍ය ප්රතිඵලයකි. අවමානය ද තිබිය හැක. “ජූඩි ගැන මා තුළ බලවත් සෙනෙහසේ හැඟීමක් තිබුණු කාලයේ දී මං මෝඩයෙකු මෙන් හැසුරුණු බව ප්‍රකාශ කිරීමට මං ලජ්ජා වෙනවා” යයි ලේඛක ගිල් ශ්වෝට්ස් පවසයි. බලවත් සෙනෙහස පහ වී ගියායින් බොහෝ කලකට පසුවත්, ඔබ යමෙක් පසු පස ගිය ආකාරය ගැන මතකයන්, ප්‍රසිද්ධියේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සහ සාමාන්‍යයෙන් ම ඔබ ව ම මෝඩ කර ගැනීම කලක් පැවතිය හැක.
යථාර්ථයට මුහුණ දීම
ජීවත් වුණා වූ ප්‍රඥාවන්ත ම මනුෂ්‍යයන්ගෙන් කෙනෙකු වූ සාලමොන් රජ, ඔහුගේ හැඟීම්වලට ප්‍රතිචාරයක් නොදැක් වූ ගැහැණු ළමයෙකු කෙරෙහි දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුණේ ය. ඇය පුර “සඳ මෙන් රුව ඇත්තාවූ, ඉර මෙන් දිළියෙන්නාවූ,” තැනැත්තියක යයි පවසමින්, ලියා තිබුණා වූ ඉතා ම අලංකාර කාව්‍යයන්ගෙන් කිහිපයක් ඔහු ඇය වෙත යැවී ය.—තව ද කිසිසේත් ඈ වෙත ළඟා වීමට ඔහුට නොහැකි විය!—සාලමොන්ගේ ගීතිකාව 6:10.
කෙසේ වෙතත්, අවසානයේ දී සාලමොන් ඇය දිනා ගැනීමේ ප්රයත්නයන් අත්හැර දැමුවේ ය. ඔබටත් ඔබේ හැඟීම් පාලනය කිරීම නැවත ලබා ගත හැක්කේ කෙසේ ද? “තමාගේම සිත [හෘදය NW] කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය,” යයි බයිබලය පවසයි. (හිතෝපදේශ 28:26) ඔබ ප්‍රේමයේ මනඃකල්පිතයක සිර වී සිටින විට මෙය විශේෂයෙන් ම සත්‍යයකි. කෙසේ නමුත්, “නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.” මින් අදහස් කරන්නේ දේවල් ඇති සැටියෙන් ම තේරුම් ගැනීම ය.
“පදනමක් නැති බලාපොරොත්තුවක් ද නොහොත් පදනමක් ඇති බලාපොරොත්තුවක් ද කියා ඔබ දැනගන්නේ කෙසේ ද?” යයි වෛද්‍ය හවඩ් හෝල්පන් අසයි. “කාරණා දෙස ප්‍රවේසමෙන් සහ කැළඹීමකින් තොර ව බැලීමෙනි.” සලකන්න: මෙම පුද්ගලයා සමඟ සැබෑ ප්‍රේමයක් ඇති කර ගැනීමට කෙතරම් ඉඩකඩක් තිබෙන්නේ ද? එම පුද්ගලයා කීර්තියක් ඇති කෙනෙක් නම්, ඔබ මෙම පුද්ගලයා ව කිසිදා මුණ නොගැසීමට පවා ඉඩ තිබේ! එලෙස ම ගුරුවරයෙකු වැනි යම් වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙකු ඊට ඇතුළත් වූ විට ඔබට තිබෙන අවස්ථාවන් අඩු ය.
තවදුරටත්, ඔබ කැමැත්තෙන් සිටින පුද්ගලයා ඔබ කෙරෙහි මෙතෙක් දුරට කිසියම් උනන්දුවක් පෙන්වා තිබේ ද? එසේ නොවේ නම්, අනාගතයේ දී දේවල් වෙනස් වේ යයි විශ්වාස කිරීමට යම් සැබෑ හේතුවක් තිබේ ද? නැතහොත් ඔහුගේ හෝ ඇගේ අහිංසක වචනවල සහ ක්‍රියාවල හුදෙක් ප්‍රේමය දැක්වීමක් තිබෙන්නේ යයි යන අදහස පෙනෙන්නට තිබේ ද? බොහෝ දුරට, බොහෝ රටවල පුරුෂයන් විසින් ප්‍රේමයට මුල පිරීම සිරිතකි. හුදෙක් උනන්දුවක් නොදක්වන කෙනෙකු පස්සේ බලෙන් යෑම මගින් යෞවන ගැහැණු ළමයෙකු තමා ව ම අවමානයට ලක්කර ගන්නට පුළුවන.
එපමණක් නොව, එම පුද්ගලයා ඇත්තෙන් ම ඔබේ ආදරයට ප්‍රතිචාරය දැක්වුවහොත් ඔබ කරනු ඇත්තේ කුමක් ද? විවාහයේ වගකීම් සඳහා ඔබ සූදානම් ද? එසේ නොවේ නම්, මනඃකල්පිතය ගැන සිත සිතා සිටීම ප්‍රතික්ෂේප කරමින් “ඔබේ සිතෙන් හිරිහැරය පහකරන්න.” “ප්‍රේම කරන්නට කාලයක්,” තිබෙන අතර එය ඔබ වයසින් මුහුකුරා ගිය විට, එනම් වසර ගණනාවකට පසුවිය හැක.—දේශනාකාරයා 3:8; 11:10, NW.
ඔබේ හැඟීම් විග්රහ කිරීම
වෛද්‍ය. චාල්ස් සැස්ට්රෝ නිරීක්ෂණය කරන්නේ මෙසේ ය: “මූඪ ප්‍රේමය හටගන්නේ, ඇය හෝ ඔහු මූඪ ප්‍රේමයෙන් වෙළී සිටින්නේ ‘පරිපූර්ණ ප්‍රේමවන්තයෙකු’ සමඟ යයි සිතැඟියාවන් ඇති කර ගන්නා විට ය; එනම්, කලත්‍රයෙකු තුළ තිබිය යුතු යයි ආශාවන ආවේණික ගුණාංග සියල්ල ම අනෙක් පුද්ගලයාට තිබෙන බව නිගමනය කිරීම ය.” කෙසේ වුවද, එවන් “පරිපූර්ණ ප්‍රේමවන්තයෙකු” ඇත්තේ නැත. “මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති,” යයි බයිබලය පවසයි.—රෝම 3:23.
එබැවින් ඔබෙන් ම මෙසේ අසන්න: මගේ හෘදයේ තබා තිබෙන මෙම පුද්ගලයා ව මා ඇත්තෙන් ම කෙතරම් හොඳින් දන්නවා ද? මා ප්‍රේමයෙන් වෙළී සිටින්නේ රූපයක් සමඟ ද? මෙම පුද්ගලයාගේ දෝෂයන්ට මා විසින් මා ව ම අන්ධ කර ගන්නවා ද? ඔබ ප්‍රේමයෙන් මුළා වීමෙන් ඔබ ව ඉවත් කර ගැනීමට, ඔබ සිහින මවන ප්‍රේමවන්තයා දෙස සැබෑ ලෙස පරීක්ෂාකාරී ව බැලීම ප්‍රමාණවත් විය හැක! මෙම පුද්ගලයා සඳහා ඔබට හැඟෙන ප්‍රේමයේ ආකාරය විග්රහ කර ගැනීම ද උපකාරවත් වේ. ලේඛක කැති මැක්ඔයි මෙසේ පවසයි: “බොළඳ ප්‍රේමය මොහොතකින් ඇති වීමට හා නැති වීමට පුළුවන . . . සම්පූර්ණ අවධානය ඔබ කෙරෙහි ය, ප්‍රේමයෙන් වෙළී සිටින්න ඕනෑ යන අදහසට ඔබ හුදෙක් ප්‍රේමයෙන් වෙළී සිටි . . . බොළඳ ප්‍රේමය බැඳෙන්නේ ය, අයිති කරගන්නා සුලු ය, එමෙන් ම ඊර්ෂ්‍යා වන්නේ ය. . . . බොළඳ ප්‍රේමය පරිපූර්ණත්වය බලෙන් ඉල්ලන්නේ ය.”—1 කොරින්ති 13:4, 5 හි වෙනස සසඳන්න.
ඔබේ මනසෙන් ඔහු ව හෝ ඇය ව ඉවත් කිරීම
කළ හැකි සියලු ම පැහැදිලි කිරීම් කළ පසුවත් ඔබට හැඟෙන ආකාරය සම්පූර්ණයෙන් ම මැකී නොයන බව ඒත්තු ගත්තකි. එහෙත් ගැටලුව පෝෂණය කිරීමෙන් වැළකීමට ඔබට හැක. කාමුක හැඟීම් ඇති කරවන නවකථා කියවීම, රූපවාහිනි ප්‍රේම කථා නැරඹීම හෝ එක්තරා වර්ගවල සංගීතයට හුදෙක් සවන් දීම මගින් ඔබේ තනිකමේ හැඟීම් වඩා දරුණු විය හැක. එබැවින් එම තත්ත්වය ගැන සිතමින් සිටීමෙන් වළකින්න. “දර නැති තැන ගින්න නිවීයයි;”—හිතෝපදේශ 26:20.
මනඃකල්පිත ප්‍රේම බන්ධනයක් ඇති කර ගැනීම ඔබට සැබවින් ම ප්‍රේම කරන සහ ඔබට සැලකිල්ල දක්වන අය සඳහා ආදේශයක් නොවේ. ‘ඔබ ව ම වෙන්,’ කර නොගන්න. (හිතෝපදේශ 18:1) බෙහෙවින් උපකාර වීමට ඔබේ දෙමව්පියන්ට හැකි බව සමහර විට ඔබ දැනගනු ඇත. ඔබේ හැඟීම් සැඟවීමට ඔබ ගන්නා සියලු ප්රයත්නයන් මධ්‍යයෙහි වුවත්, ඔබට තදින් බලපාන යමක් සිදු වෙමින් තිබෙන බව සමහර විට දැනටමත් ඔවුනට අවබෝධ වී තිබෙනවා විය හැක. ඔවුන් වෙත ළඟා වී ඔබේ හෘදය ඔවුනට විවෘත නොකරන්නේ මන්ද? (හිතෝපදේශ 23:26 සසඳන්න.) මේරූ ක්‍රිස්තියානියෙකු හොඳ සවන් දෙන්නෙකු බවත් ඔප්පු විය හැක.
“වැඩක කඩිසර ව නිරත වන්න,” යයි නහඹු වියේ ලේඛක එස්තර් ඩේවිඩෝවිට්ස් උපදෙස් දෙයි. විනෝදාංශයක යෙදෙන්න, යම් ව්‍යායාමයක යෙදෙන්න, භාෂාවක් හදාරන්න, බයිබලය පර්යේෂණය කිරීමේ ව්‍යාපෘතියක් අරඹන්න. ප්‍රයෝජනවත් ක්‍රියාවලියක සම්පූර්ණයෙන් ම යෙදී සිටීමෙන් සෑහෙන දුරකට එම හැඟීම්වල එල්බ ගෙන සිටීමෙන් ලැබෙන අනිසි ප්‍රතික්‍රියාවලින් වැළකී සිටිය හැක.
බලවත් සෙනෙහසේ හැඟීමකින් ගොඩ ඒම පහසු දෙයක් නොවේ. එහෙත් යම් කලක් යන විට වේදනාව ක්‍රමයෙන් පහ වී යනු ඇත. ඔබ ගැන ම සහ ඔබේ හැඟීම් ගැන ඔබ දැනගනු ඇති අතර, අනාගතයේ දී පැමිණෙන සැබෑ ප්‍රේමය සමඟ ක්‍රියා කිරීමට ඔබ වඩා හොඳින් සූදානම් ව සිටිනු ඇත! එහෙත් ‘සැබෑ ප්‍රේමය,’ හඳුනා ගැනීමට ඔබට හැකි වනු ඇත්තේ කෙසේ ද?
සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න
◻ යෞවනයන් අතර බලවත් සෙනෙහසේ හැඟීම් සාමාන්‍ය වන්නේ මන්ද?
◻ බොහෝ විට යෞවන ප්‍රේමයේ මනඃකල්පිතයන් සඳහා ඉලක්ක වන්නේ කවරහු ද, එමෙන් ම මන්ද?
◻ බලවත් සෙනෙහසේ හැඟීම් අනතුරුදායක විය හැක්කේ මන්ද?
◻ යෞවනයෙකුට බලවත් සෙනෙහසකින් ගොඩ ඒමට කළ හැකි ඇතැම් දේවල් මොනවා ද?
◻ ප්‍රේමයේ මනඃකල්පිතයක් පෝෂණය කිරීමෙන් යෞවනයෙකුට වැළකිය හැක්කේ කෙසේ ද?
[223 පිටුවෙහි හුවා දැක්වීම]
‘මට කන්න බෑ. තවදුරටත් මට පාඩම් කරන්න බෑ. මං ඔහු ගැන දවල් සිහින දකිනවා. මං ඉන්නෙ ඉතා දුක්මුසු තත්ත්වයකයි.’
[220 පිටුවෙහි ඇති පින්තූර]
වයසින් මුහුකුරා ගිය, ළඟා විය නොහැකි විරුද්ධ ලිංගයේ සාමාජිකයන් කෙරෙහි බලවත් සෙනෙහසේ හැඟීම් තිබීම බෙහෙවින් සාමාන්‍යයි
[221 පිටුවෙහි ඇති පින්තූර]
සන්සුන් ව මෙම පුද්ගලයා දෙස පරීක්ෂාකාරී ව බැලීමෙන් ඔබේ ප්‍රේමයේ හැඟීම් ඔබෙන් පහ වී යා හැක