31වෙනි පරිච්ඡේදය
සබත් දවසේදී ධාන්‍ය කරල් කැඩීම
දැන් යේසුස් හා ඔහුගේ ගෝලයන් යෙරුසලමේ වැඩි කාලයක් ගත නොකර නැවතත් ගලීලයට ගමන් කරනවා. මේ වසන්ත කාලයයි. කෙත් ධාන්‍ය කරල්වලින් බර වෙලා. ගෝලයන් බඩගින්නේ ඉන්න නිසා ඔවුන් ධාන්‍ය කරල් කඩාගෙන කනවා. එහෙත් මෙය සබත් දවසක් නිසා ඔවුන්ගේ මේ ක්‍රියාකලාපය යම් අයගේ අවධානයට ලක් වෙනවා.
යෙරුසලමේදී සබත උල්ලංගනය කළා යන බොරු චෝදනාව මත ආගමික නායකයන් යේසුස්ව මරා දමන්න උත්සාහ කරලා වැඩි වේලාවක් ගත වී නැහැ. දැන් පරිසිවරු චෝදනා එල්ල කරමින් මෙසේ පවසනවා. “බලන්න! ඔබේ ගෝලයෝ සබත් දවසේදී කිරීමට තහනම් දෙයක් කරති.”
පරිසිවරු කියා සිටින්නේ කරල් කඩා ඒවා කෑමට ගත හැකි වන සේ අත්වල පොඩි කිරීම, අස්වැන්න නෙළීමටත් ධාන්‍ය මැඬීමටත් සමානයි කියායි. සබතේ අරමුණ වුණේ ජනයාට ආත්මික වශයෙන් වර්ධනය ගෙන දෙන ප්‍රීතිමත් අවස්ථාවක් සලසා දීමයි. නමුත් වැඩ කිරීම යනුවෙන් අදහස් කරන දේ පිළිබඳව පරිසිවරුන් දරන දැඩි මතය නිසා සබත වෙහෙසකාරී දෙයක් බවට පත් වෙලා. ඒ නිසා සබත පිළිබඳ තම නීතිය එතරම් දැඩි ලෙස අදාළ කිරීම යෙහෝවා දෙවි කිසිවිටෙකවත් අරමුණු කළේ නැති බව පෙන්වීමට යේසුස් ශුද්ධ ලියවිලිමය ආදර්ශ ගෙනහැර දක්වනවා.
දාවිත් සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයන් බඩගින්නේ සිටි අවස්ථාවක ඔවුන් දෙවිගේ මණ්ඩපය ළඟ නතර වී පිදීමේ රොටි කෑ බව යේසුස් පෙන්වනවා. ඒ වන විටත් යෙහෝවා ඉදිරියේ තබා තිබූ ඒ රොටි අයින් කර ඒ වෙනුවට අලුත් රොටි තබා තිබුණා. මෙසේ අයින් කළ රොටි සාමාන්‍යයෙන් වෙන් කොට තැබුවේ පූජකයන්ට කන්නයි. එහෙත් පැවති තත්වය නිසා ඒවා කෑවයි කියා දාවිත් සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයන්ට දොස් තැබුවේ නැහැ.
තවත් උදාහරණයක් සපයමින් යේසුස් මෙසේ පවසනවා. “දේවමාලිගාවෙහි පූජකයන් සබත් දවස පරිශුද්ධ ලෙස නොසැලකුවත්, ඔවුන් නිදොස් බව ඔබ නීතියේ කියවා නැද්ද?” ඔව්, සත්ව පූජා සූදානම් කරන විට සබත් දවසේදී පවා පූජකයන් සතුන් මැරීම ඇතුළු වෙනත් වැඩ දේවමාලිගාව තුළ කරනවා! ‘නමුත් දේවමාලිගාවට වඩා උතුම් යමක් මෙහි තිබේයයි මම ඔබට කියමි’ කියා යේසුස් පවසනවා.
පරිසිවරුන්ට අවවාද කරමින් යේසුස් තවදුරටත් පවසන්නේ මෙසේයි. “‘මට අවශ්‍ය දයාව මිස පූජාව නොවේ’ යන කීමේ අර්ථය ඔබ තේරුම්ගෙන සිටියා නම්, ඔබ නිදොස් අය පිට වරද තබන්නේ නැත.” ඊළඟට ඔහු අවසාන වශයෙන් මෙසේ පවසනවා. “මන්ද මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියාය.” එයින් යේසුස් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් කතා කරන්නේ අවුරුදු දහසේ තම සාමකාමී රාජ්‍ය පාලනය ගැනයි.
දැන් වසර 6,000ක කාලයක් පුරා සාතන් නමැති යක්ෂයා යටතේ මනුෂ්‍යවර්ගයා වේදනාකාරී මෙන්ම පීඩාකාරී වහල්භාවයක් අද්දැක තිබෙනවා. ප්රචණ්ඩත්වය හා යුද්ධය එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් බවට පත් වෙලා. නමුත් මීට හාත්පසින් වෙනස්ව, ක්‍රිස්තුස්ගේ මහත් සබත් පාලනය තුළදී සෑම වේදනාවකින්ම හා පීඩාවකින්ම නිදහස් කාලයක් පැමිණෙන බව අපේක්ෂා කළ හැකියි. මතෙව් 12:1-8, NW; ලෙවී කථාව 24:5-9; 1 සාමුවෙල් 21:1-6; ගණන් කථාව 28:9; හොෂෙයා 6:6.
▪ යේසුස්ගේ ගෝලයන්ට එරෙහිව එල්ල කරන චෝදනාව කුමක්ද? යේසුස් ඊට පිළිතුරු දෙන්නේ කොහොමද?
▪ යේසුස් හෙළි කරන්නේ පරිසිවරුන්ගේ කුමන අඩු පාඩුවද?
▪ යේසුස් “සබත් දවසේ ස්වාමියා” වන්නේ කිනම් අර්ථයකින්ද?