පවුල් ජීවිතය භුක්ති විඳින්න
පවුල් ජීවිතය භුක්ති විඳින්න පවුලකට සැබවින්ම ප්‍රීතියෙන් සිටිය හැකිද?
හැකි නම්, කෙසේද?
මෙම පත්‍රිකාවෙහි දක්වා ඇත්තාක් මෙන් ප්‍රීතියෙන් සමඟියෙන් සිටින පවුල් ජීවිතයක් ගත කරන ඔබ දන්නා හඳුනන අය සිටීද? සෑම තැනකම පාහේ පවුල් බිඳ වැටෙමින් පවතී. දික්කසාද, රැකියා ප්‍රශ්න, තනි-මාපිය ගැටලු, බලාපොරොත්තු සුන්වීම් වැනි කාරණා මෙම අර්බුදයට දායක වේ. පවුල් ජීවිත විශේෂඥයෙක් සොවින් මෙසේ පැවසීය. “දැන් නම් පවුලේ අභාවය ගැන පළ වී තිබෙන අනාවැකි කොයි කාටත් හුරුයි.”
වත්මන් පවුල මෙතරම් බරපතළ ගැටලුවලින් පහර ලබන්නේ මන්ද? පවුල් ජීවිතයක් ප්‍රීතියෙන් භුක්ති විඳින්න අපට හැක්කේ කෙසේද?
පවුලේ මූලාරම්භය
මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට කලින්, විවාහයේ සහ පවුලේ මූලාරම්භය දැන සිටීම අවශ්‍යයි. මන්ද, ආරම්භකයෙක් හෝ මැවුම්කරුවෙක් සිටී නම්, පවුල් ජීවිතය උපරිම ලෙස භුක්ති විඳීමට මඟ කුමක්ද කියා ඔහු දැන සිටිය යුතුය. එසේ නම්, මඟ පෙන්වීම සඳහා පවුල් සාමාජිකයන් ඔහු වෙතට හැරිය යුතුය.
පවුල් විධිවිධානය කිසිවෙකු ආරම්භ කළේ නැති බව බොහෝදෙනෙකුගේ විශ්වාසයයි. අමෙරිකානා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසයි. “විවාහයට ආරම්භයක් සොයද්දී ඇතැම් විද්වතුන් මිනිසුන්ට වඩා පහත් වූ සතුන්, ජෝඩු වන ආකාරයට අවධානය යොමු කරන්න මනාපයක් දක්වයි.” එහෙත්, යේසුස් ක්‍රිස්තුස් පුරුෂයා සහ ස්ත්‍රියගේ මැවීම ගැන පැවසූ දේ සැලකිල්ලට ගැනීම වටී. තම මූලාශ්‍රය වශයෙන් ඉපැරණි බයිබල් වාර්තාව උපුටා දක්වමින් ඔහු මෙසේ පැවසීය. ‘දෙවි එක් කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා.’—මතෙව් 19:4-6.
යේසුස් ක්‍රිස්තුස් පැවසූ දෙය නිවැරදිය. බුද්ධිමත් දෙවි කෙනෙක් මුල් මිනිස් යුවළ මවා, ප්‍රීතිමත් පවුල් ජීවිතයකට පදනම සැපයීය. දෙවි මුල් යුවළගේ විවාහය සිදු කොට, පුරුෂයා “තම භාර්යාවට ඇලුම්ව සිට, ඔවුන් එක මාංසයක් විය යුතු” බව පැවසීය. (උත්පත්ති 2:22-24, NW) එසේ නම්, අදදින පවුලේ ගැටලු තිබීමට හේතුව, මැවුම්කරු තම වචනයෙහි සපයා ඇති ප්රමිතීන් නොසලකා හරින ජීවන රටාවක් අනුගමනය කිරීම විය නොහැකිද?
සාර්ථක ප්‍රතිඵල නෙළාගන්නේ කෙසේද?
නූතන ලෝකය ආත්මාර්ථකාමිත්වය සහ මමත්වයට දිරි දෙන බව ඔබ දන්නවාට සැකයක් නැත. “ගිජුකම සෞඛ්‍යයට හිතකරයි.” එසේ පැවසුවේ, එක්සත් ජනපදයේ සරසවියක උපාධිලාභී පංතියක් ඇමතූ මුදල් ව්‍යාපාරිකයෙකුයි. “ගිජු ලෙස කටයුතු කළත්, හොඳ ආත්ම-විශ්වාසයකින් කටයුතු කරන්න හැකියාවක් ලැබේ.” එනමුත් ද්‍රව්‍යමය දේවල් පසු පස හඹා යන පළියට, සාර්ථක ප්‍රතිඵල අත් වන්නේ නැත. ඇත්තෙන්ම, ද්‍රව්‍යවාදය පවුල් ජීවිතයට ප්‍රබල තර්ජනයක් එල්ල කරයි. ඇයි? එය මානව සබඳතා බිඳදමමින්, කෙනෙකුගේ කාලය සහ මුදල් කා දමන නිසයි. ඊට වෙනස්ව, සන්තෝෂයට වැදගත් වන්නේ කුමක්ද යන්න දැකබලා ගැනීමට බයිබල් හිතෝපදේශ දෙකක පමණක් කියන දේ උපකාරවත් වන ආකාරය බලන්න.
“වෛරය ඇතුව ඉතා කදිම මස් කනවාට වඩා ඔබ ප්‍රේම කරන අය සමඟ පලා කෑම හොඳයි.”
“අඬදබර පිරි ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා මනසේ සාමය ඇතුව වියළි පාන් කෑල්ලක් කෑම හොඳයි.
හිතෝපදේශ 15:17; 17:1, “වත්මන් ඉංග්‍රීසි අනුවාදය, TEV.”
ඒවා ප්‍රබල අදහස් කිහිපයක් නොවේද? හැම පවුලක්ම මෙවැනි ප්‍රතිපත්තිවලට මුල් තැන දී ක්‍රියා කළා නම්, ලොව මොනතරම් වෙනස් වෙයිද කියා සිතා බලන්න! පවුලේ සාමාජිකයන් එකිනෙකාට සැලකිය යුතු අන්දම ගැනත් බයිබලයෙහි අනගි මඟ පෙන්වීමක් සපයා තිබේ. එහි සපයන මාර්ගෝපදේශයන් කිහිපයක් සලකා බලමු.
පුරුෂයෙනි, ‘ඔබේ ශරීරයට මෙන් ඔබේ භාර්යාවට ප්‍රේම කරන්න.’—එපීස 5:28-30.
ඉතා සරලයි. නමුත් හරි ප්‍රායෝගිකයි! ‘තම භාර්යාවට ගෞරවය දිය’ යුතු බවත් බයිබලය පුරුෂයාට අණ කරයි. (1 පේතෘස් 3:7) ඇයට මුදු මොළොක් බවින්, අවබෝධයෙන් සහ බිය සැක දුරුකරමින් විශේෂ අවධානයක් දීමෙන් ඔහු මෙය කරයි. ඇගේ අදහස්වලටද ඔහු ගරු කරන අතර, ඇයට හොඳින් සවන් දෙයි. (උත්පත්ති 21:12 සසඳන්න.) තමාට සලකනවාට කැමති ආකාරයෙන්ම, පුරුෂයෙක් තම භාර්යාව ගැන සැලකිලිමත් වී කටයුතු කරනවා නම්, ඕනෑම පවුලක් ඉන් ප්‍රයෝජන ලබයි කියා ඔබ එකඟ වන්නේ නැද්ද?—මතෙව් 7:12.
භාර්යාවෙනි, “[ඔබේ] පුරුෂයාට ගැඹුරු ගෞරවයක් ඇතුව සිටින්න.”—එපීස 5:33, NW.
පුරුෂයෙකුට පවුලක් තුළ බැරෑරුම් වගකීම් ඇත. භාර්යාවක් පවුලේ සන්තෝෂයට දායක වන්නේ එම වගකීම් ඉටු කිරීම සඳහා ඇගේ පුරුෂයාට සහයෝගය දැක්වීමෙනි. දෙවි පුරුෂයාට භාර්යාවක් දුන්නේ “සුදුසු සහකාරියක්” සහ ඔහුට අනුපූරකයක් වශයෙනි. (උත්පත්ති 2:18) එමනිසා, භාර්යාවගෙන් සහයෝගය ලැබීම කදිමය. භාර්යාවක් ඇගේ පුරුෂයා ගන්නා තීරණවලට අනුබල දීමෙන් සහ පවුලේ ඉලක්කයන් අත් කරගැනීමට සහයෝගය දැක්වීමෙන් ඇගේ පුරුෂයාට ගෞරවය දක්වන විට, ඔවුන්ගේ පවුල් ජීවිතය කොතරම් සතුටින් පිරුණු එකක් වේවිද කියා ඔබට තේරුම්ගත හැකිද?
විවාහ කලත්රයෙනි, “පුරුෂයන් සහ භාර්යාවන් එකිනෙකාට විශ්වාසවන්තව සිටිය යුතුය.”—හෙබ්‍රෙව් 13:4, TEV.
ඔවුන් දෙදෙනා විශ්වාසවන්ත නම්, පවුල් ජීවිතය ඉන් ප්‍රයෝජන නෙළාගන්නවා ඇත. කාමමිථ්‍යාචාරය පවුලක් දෙවනත් කරයි. (හිතෝපදේශ 6:27-29, 32) මේ හේතුව නිසා බයිබලයෙහි මෙම ඥානවන්ත උපදේශය දී ඇත. “ඔබේ භාර්යාව සමඟ සතුටින් සිටින්න. ඔබ විවාහ වූ කාන්තාව ඔබේ ප්‍රීතියේ උල්පත වේවා. . . . ඔබේ ආදරය වෙනත් ස්ත්‍රියකට දිය යුත්තේ මන්ද?”—හිතෝපදේශ 5:18-20, TEV.
දෙමාපියෙනි, “[ඔබේ දරුවන්] සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න.”—හිතෝපදේශ 22:6.
දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් කාලය සහ අවධානය දෙන විට, පවුල් ජීවිතය නිසැකවම වැඩිදියුණු වේ. “ගෙදර ඉන්න විටත් නැඟිටින විටත්” තම දරුවන්ට නිවැරදි ප්‍රතිපත්ති ඉගැන්විය යුතු බව බයිබලය දෙමාපියන්ගෙන් උදක්ම ඉල්ලා සිටී. (ද්විතීය කථාව 11:19) දරුවන්ට හික්මවීමක් දීමෙන්ද, දෙමාපියන් ඔවුන්ට ප්‍රේමය දැක්විය යුතු බවත් බයිබලයෙහි පැවසේ.—එපීස 6:4.
දරුවෙනි, “නුඹලාගේ දෙමවුපියන්ට [ස්වාමීන්] තුළ කීකරු වෙන්න.”—එපීස 6:1.
නීතියට පිටුපාන මෙම ලොවෙහි, ඔබේ දෙමාපියන්ට කීකරු වීම පහසු දෙයක් නොවේ. එනමුත්, පවුලේ මූලාරම්භකයා අපට කියන දේට කීකරු වීම ඥානවන්ත දෙයක් කියා ඔබ එකඟ වන්නේ නැද්ද? ඔබේ පවුල තුළ සන්තෝෂය වැඩි කිරීමට කුමක් අවශ්‍යද යන්න ඔහු හොඳහැටි දනියි. එමනිසා ඔබේ දෙමාපියන්ට කීකරු වන්න ප්‍රබල උත්සාහයක් දරන්න. අවට සමාජයේ නපුරට යොමු වෙන්න බොහෝ ඉඩ කඩ තිබෙන නිසා, ඒවා මඟහැරීමට අධිෂ්ඨාන කරගන්න.—හිතෝපදේශ 1:10-19.
පවුල් ජීවිතය තුළ සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වන්නේ, පවුලේ සෑම සාමාජිකයෙකුම බයිබලයෙහි උපදෙස් අදාළ කරගන්නා ආකාරයට අනුවය. ඉන් ප්‍රයෝජන රැසක් අත් වේ. දැන්ද පවුල් ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳිය හැකි අතර, දෙවි විසින් පොරොන්දු කරන ලද නව ලොවෙහි පුදුම අනාගතයක් භුක්ති විඳීමේ ප්‍රීතිමත් අපේක්ෂාව ඇතුව සිටීමටද ඔවුන්ට පුළුවන. (2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4) එමනිසා, පවුලක් වශයෙන් එකට බයිබලය පාඩම් කිරීම ඔබේ පුරුද්ද කරගන්න. පවුලේ සන්තෝෂයට රහස නමැති පොතෙහි සපයා ඇති උපදෙස් ඉතා ප්‍රයෝජනවත් බව ලොව පුරා පවුල් රාශියක අද්දැකීම වී තිබේ.
මෙහි භාවිත කර ඇත්තේ ලංකා බයිබල් සමාගම මගින් 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනයයි. NW ලෙස සඳහන් බයිබල් පද ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමුසටහන් සහිතව නමැති ඉංග්‍රීසි පරිවර්තනයෙන් රැගෙන තිබේ.