ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rq 3 පාඩම 6-7 පි.
  • යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?
  • දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • සමාන තොරතුරු
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “යේසුස් ගළවයි!”—ඒ කෙසේද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
rq 3 පාඩම 6-7 පි.

3වන පාඩම

යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?

යේසුස්ට දෙවිගේ ‘කුලුඳුල්’ පුත්‍රයා කියන්නේ ඇයි? (1)

ඔහුට ‘වාක්‍යය’ කියන්නේ ඇයි? (1)

මිනිසෙකු හැටියට යේසුස් පොළොවට පැමිණියේ ඇයි? (2-4)

ඔහු ආශ්චර්යයන් සිදු කළේ ඇයි? (5)

යේසුස් නුදුරු අනාගතයේදී කරන්න යන්නේ කුමක්ද? (6)

1. යේසුස් මේ පොළොවට ඒමට පෙර ස්වර්ගයෙහි ආත්ම පුද්ගලයෙකු ලෙස ජීවත් වුණා. ඔහු දෙවිගේ පළමු මැවිල්ල වූ නිසා, ඔහුට දෙවිගේ ‘කුලුඳුල්’ පුත්‍රයා කියා කියනවා. (කොලොස්සි 1:15; එළිදරව් 3:14) දෙවි තනියෙන්ම මැවූ එකම පුත්‍රයා යේසුස්. යෙහෝවා ස්වර්ගයේ හා පොළොවේ අන් සියලු දේවල් මැවීම සඳහා, මනුෂ්‍යත්වයට පත්වීමට පෙර සිටි යේසුස්ව තම “ප්‍රධාන කර්මාන්තකාරයා” හැටියට යොදාගත්තා. (හිතෝපදේශ 8:22-31; කොලොස්සි 1:16, 17) තමා වෙනුවෙන් කතා කරන ප්‍රධාන තැනැත්තා හැටියටත් දෙවි ඔහුව යොදාගත්තා. යේසුස්ව ‘වාක්‍යය’ කියා හඳුන්වන්නේ ඒ නිසයි.—යොහන් 1:1-3, NW; එළිදරව් 19:13.

2. තම පුත්‍රයාගේ ජීවිතය මරියාගේ කුස තුළට මාරු කිරීමෙන්, දෙවි ඔහුව පොළොවට එව්වා. ඒ නිසා යේසුස්ට මනුෂ්‍ය පියෙක් සිටියේ නැහැ. මේ නිසා ඔහු කිසිම පාපයක් හෝ අසම්පූර්ණකමක් උරුම කරගත්තේ නැහැ. දෙවි යේසුස්ව පොළොවට එවීමට හේතු තුනක් තිබුණා. (1) අපට දෙවි ගැන සත්‍යය ඉගැන්වීමට (යොහන් 18:37), (2) අපට අනුගමනය කිරීමට ආදර්ශයක් සපයමින් පරිපූර්ණ අඛණ්ඩතාවක් පැවැත්වීමට (1 පේතෘස් 2:21) සහ (3) අපව පාපයෙන් හා මරණයෙන් මුදාගැනීම සඳහා ඔහුගේ ජීවිතය පුද කිරීමට. මෙය අවශ්‍ය වුණේ ඇයි?—මතෙව් 20:28.

3. දෙවිගේ ආඥාවට අකීකරු වීමෙන්, පළමු මනුෂ්‍යයා වූ ආදම්, “පාපය” නමින් බයිබලය හඳුන්වන දේ කළා. එනිසා දෙවි ඔහුට මරණ දණ්ඩනය නියම කළා. (උත්පත්ති 3:17-19) දෙවිගේ ප්‍රමිතිවලට අනුකූල නොවූ නිසා, ඔහු තවදුරටත් සම්පූර්ණ තත්වයක සිටියේ නැහැ. ඔහු ටිකෙන් ටික මහලු වී මියගියා. ආදම්ගෙන් ඔහුගේ දරුවන් සියලුදෙනාටම පාපය උරුම වුණා. අපත් මහලු වී, අසනීප වී මියයන්නේ ඒ හේතුව නිසයි. මනුෂ්‍යවර්ගයාව බේරාගැනීමට හැකි වන්නේ කොහොමද?—රෝම 3:23; 5:12.

4. යේසුස් ආදම්ට සමාන පරිපූර්ණ මනුෂ්‍යයෙක් වුණා. එහෙත්, ආදම් මෙන් නොව, යේසුස් දරුණුතම පරීක්ෂණය යටතේ පවා දෙවිට සම්පූර්ණයෙන්ම කීකරු වුණා. ඒ නිසා ආදම්ගේ පාපයට වන්දි ගෙවීම සඳහා, තම පරිපූර්ණ මිනිස් ජීවිතය පූජා කිරීමට ඔහුට හැකි වුණා. බයිබලයේ “මිදීමේ මිලය” ලෙස හඳුන්වන්නේ මෙයයි. එහෙයින් ආදම්ගේ දරුවන්ව මරණ දණ්ඩනයෙන් නිදහස් කරගැනීමට හැකි වුණා. යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන සෑමදෙනාටම තම පව්වලට සමාව ලබාගෙන සදාකාල ජීවනය අත් කරගන්න පුළුවන්.—1 තිමෝති 2:5, 6; යොහන් 3:16; රෝම 5:18, 19.

5. යේසුස් මේ පොළොවේ සිටියදී, ලෙඩුන්ව සුව කළා. කුසගින්නෙන් පෙළුණු අයට ආහාර දුන්නා. කුණාටු නිහඬ කළා. ඔහු මළවුන්ව පවා නැඟිටෙව්වා. ඔහු මෙවැනි ආශ්චර්යයන් සිදු කළේ ඇයි? (1) දුක් වේදනාවන්ගෙන් පෙළෙන්නන් කෙරෙහි දැනුණු අනුකම්පාව නිසා, මේ අයට පිහිට වෙන්න ඔහුට වුවමනා වුණා. (2) ඔහුගේ ආශ්චර්යවත් ක්‍රියා, ඔහු දෙවිගේ පුත්‍රයා බව ඔප්පු කළා. (3) ඔහු රජු හැටියට මේ පොළොව පාලනය කරද්දී කීකරු ජනයා සඳහා කරන්න යන්නේ කුමක්ද යන්නත් ඉන් පෙන්නුම් කෙරුණා.—මතෙව් 14:14; මාර්ක් 2:10-12; යොහන් 5:28, 29.

6. යේසුස් මියයෑමෙන් පසු, ඔහුව ආත්ම ජීවියෙකු හැටියට, දෙවි නැවත නැඟිටෙව්වා. ඉන්පසු යේසුස් යළිත් ස්වර්ගයට ගියා. (1 පේතෘස් 3:18) පසු කාලයක, දෙවි ඔහුව රජෙකු බවට පත් කළා. වැඩි කලක් යන්න කලින්, යේසුස් මේ පොළොවෙන් සියලු දුෂ්ටකම් හා දුක් වේදනා ඉවත් කරන්න යනවා.—ගීතාවලිය 37:9-11; හිතෝපදේශ 2:21, 22.

[7වන පිටුවේ පින්තූර]

ඉගැන්වීම, ආශ්චර්යයන් සිදු කිරීම හා අප වෙනුවෙන් සිය ජීවිතය පුද කිරීම යේසුස්ගේ දේවසේවයට ඇතුළත් වුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න