ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rq 4 පාඩම 8-9 පි.
  • යක්ෂයා කියන්නේ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යක්ෂයා කියන්නේ කවුද?
  • දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • සමාන තොරතුරු
  • සෝදිසියෙන් ඉන්න! සාතන්ට ඕනෙ ඔයාව ගිල දමන්නයි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යක්ෂයා
    2013 පිබිදෙව්!
  • සතුරාව හඳුනගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සාතන් සැබෑ පුද්ගලයෙක්ද?
    2007 පිබිදෙව්!
තව තොරතුරු
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
rq 4 පාඩම 8-9 පි.

4වන පාඩම

යක්ෂයා කියන්නේ කවුද?

සාතන් නමැති යක්ෂයා ආවේ කොහෙන්ද? (1, 2)

සාතන් ජනයාව නොමඟ යවන්නේ කොහොමද? (3-7)

ඇයි ඔබ යක්ෂයාට විරුද්ධ විය යුත්තේ? (7)

1. “යක්ෂයා” යන වචනයෙහි තේරුම වන්නේ, වෙනත් කෙනෙකු ගැන ද්වේෂසහගත බොරු කියන තැනැත්තා යන්නයි. “සාතන්” කියන වචනයේ තේරුම සතුරෙක් නැත්නම් විරුද්ධකාරයෙක්. මෙම යෙදුම් දෙවිගේ ප්‍රධාන සතුරාට ආමන්ත්‍රණය කිරීමට යොදාගනියි. මුලදී, ඔහු දෙවි සමඟ ස්වර්ගයේ සිටි පරිපූර්ණ දේවදූතයෙක්. කොහොම වුණත්, පසු කාලෙක, ඔහු තමා ගැන වුවමනාවට වඩා සිතූ නිසා, දෙවිට හිමි නමස්කාරය ලබාගැනීමට ඔහුට වුවමනා වුණා.—මතෙව් 4:8-10.

2. මෙම දේවදූතයා එනම් සාතන්, සර්පයෙකු යොදාගනිමින්, ඒවට කතා කළා. ඇයට බොරු කීමෙන්, දෙවිට අකීකරු වීමට ඔහු ඇයව පෙලඹෙව්වා. එමගින් සාතන් දෙවිගේ “පරමාධිපත්‍යයට” නැතහොත් මහෝත්තමයා ලෙස ඔහුට ඇති තත්වයට පහර ගැසුවා. දෙවි නිවැරදි අන්දමට පාලනය කරනවාද යන්නත්, ඔහු තම යටත්වැසියන්ගේ ශුභසිද්ධිය වෙනුවෙන් පාලනය කරනවාද යන්නත් සාතන් ප්‍රශ්න කළා. එසේම, ඕනෑම මනුෂ්‍යයෙකු දෙවිට නොකඩවාම පක්ෂපාත වෙනවාද යන කාරණයත් සාතන් ප්‍රශ්න කළා. මෙසේ කිරීමෙන්, සාතන් තමාවම දෙවිගේ සතුරා බවට පත් කරගත්තා. ඔහුට සාතන් නමැති යක්ෂයා කියා පවසන්නේ එනිසයි.—උත්පත්ති 3:1-5; යෝබ් 1:8-11; එළිදරව් 12:9.

3. සාතන්, මිනිසුන්ව රවටා නමස්කාරය ලබාගැනීමට උත්සාහ කරනවා. (2 කොරින්ති 11:3, 14) ඔහු මිනිසුන්ව නොමඟ යවන එක් මාර්ගයක් වන්නේ බොරු ආගමයි. යම් ආගමක් දෙවි ගැන බොරු කියනවා නම්, එම ආගම ඇත්තෙන්ම සාතන්ගේ අරමුණු ඉටු කරනවා. (යොහන් 8:44) බොරු ආගම්වලට අයිති අය, තමන් සත්‍ය දෙවිට නමස්කාර කරනවායයි අවංකව විශ්වාස කරන්න පුළුවන්. නමුත් ඔවුන් ඇත්තටම සේවය කරන්නේ සාතන්ටයි. ඔහුයි “මේ ලෝකයේ දෙවියා”.—2 කොරින්ති 4:4.

4. සාතන් මිනිසුන්ව තම බලය යටතට ගෙන එන තවත් මාර්ගයක් වන්නේ භූතවාදයයි. තමන්ව ආරක්ෂා කිරීමට, වෙනත් අයට හානි පැමිණවීමට, අනාගතය ගැන පුරෝකථනය කිරීමට හෝ ප්‍රාතිහාර්යයන් සිදු කිරීමට ඔවුන් භූතයන්ගෙන් උදව් ඉල්ලනවා. මෙම සෑම පිළිවෙතක්ම පිටුපස සිටින නපුරු බලවේගය වන්නේ සාතන්. දෙවිව සතුටු කිරීමට නම්, අප භූතවාදයට කිසිම අන්දමකින් සම්බන්ධ නොවිය යුතුයි.—ද්විතීය කථාව 18:10-12; ක්‍රියා 19:18, 19.

5. ජාතිය ගැන අන්තවාදී ආඩම්බරයක් ඇති කරගැනීම හා දේශපාලන සංවිධානවලට නමස්කාර කිරීමට සැලැස්වීම තුළින්ද සාතන් මිනිසුන්ව නොමඟ යවනවා. තමන්ගේ රට හෝ ජාතිය, අන් අයගේ රට හෝ ජාතියට වඩා හොඳයි කියා සමහරු සිතනවා. ඒත් එය බොරුවක්. (ක්‍රියා 10:34, 35) වෙනත් අය, මිනිසාගේ ප්‍රශ්න විසඳීමට දේශපාලන සංවිධානවල පිහිට පතනවා. මෙසේ කිරීමෙන්, ඔවුන් දේවරාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපේ ප්‍රශ්නවලට එකම පිළියම එයයි.—දානියෙල් 2:44, 45.

6. සාතන් මිනිසුන්ව නොමඟ යවන තවත් ක්‍රමයක් වන්නේ පව්කාර තෘෂ්ණා මගින් මිනිසුන්ව පරීක්ෂාවට ලක් කිරීමයි. පව්කාර ක්‍රියාවලින් වැළකී සිටින්න කියා යෙහෝවා අපෙන් ඉල්ලා සිටින්නේ, එම ක්‍රියා අපට හානිකර බව ඔහු දන්න නිසයි. (ගලාති 6:7, 8) මෙවැනි ක්‍රියාවල තමන් සමඟ නිරත වීමට, සමහර මිනිසුන් ඔබව පෙලඹිය හැකියි. නමුත් එක දෙයක් මතක තබාගන්න: මෙවැනි දේවල් කිරීමට ඇත්තෙන්ම ඔබව පොලඹවන්නේ සාතන්.—1 කොරින්ති 6:9, 10; 15:33.

7. යෙහෝවාව අත්හැරීමට ඔබව පෙලඹවීම සඳහා, සාතන් පීඩා හෝ විරුද්ධවාදිකම් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ බයිබලය පාඩම් කරන නිසා, ඔබගේ හිතවතුන්ගෙන් සමහරෙකු ඒ ගැන හුඟක් කෝප වෙන්න පුළුවන්. තවත් සමහරුන් ඔබව විහිළුවට ලක් කරන්න පුළුවන්. එහෙත් ඔබේ ජීවිතය ගැන ඔබ ණයගැති වන්නේ කාටද? සාතන්ට අවශ්‍ය වන්නේ ඔබ යෙහෝවා ගැන ඉගෙනීම නතර කරන තුරු ඔබව බයගන්වන්නයි. සාතන්ට ජයගන්න ඉඩ දෙන්න එපා! (මතෙව් 10:34-39; 1 පේතෘස් 5:8, 9) යක්ෂයාට එරෙහිව සිටීමෙන් ඔබ යෙහෝවාව සතුටට පත් කරන අතර, ඔහුගේ පරමාධිපත්‍යයට අනුබල දෙන බව ඔබට පෙන්නුම් කරන්න පුළුවන්.—හිතෝපදේශ 27:11.

[9වන පිටුවේ පින්තූර]

බොරු ආගම, භූතවාදය හා ජාතිවාදය ජනයාව නොමඟ යවයි

[9වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ගැන නොකඩවා ඉගෙනීමෙන් සාතන්ට විරුද්ධ වන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න