ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rq 12 පාඩම 24-25 පි.
  • ජීවිතයට හා රුධිරයට ගෞරවය දැක්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතයට හා රුධිරයට ගෞරවය දැක්වීම
  • දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • සමාන තොරතුරු
  • ජීවිතය වටිනා තෑග්ගක්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • රුධිරය සමඟින් ජීවිතය බේරා ගැනීම—කෙසේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා ජීවිතය වටිනා දෙයක් විදිහට සලකනවාද?
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
rq 12 පාඩම 24-25 පි.

12වන පාඩම

ජීවිතයට හා රුධිරයට ගෞරවය දැක්වීම

අප මේවා සැලකිය යුත්තේ කොහොමද? ජීවිතය (1) ගබ්සාව (1)

ක්‍රිස්තියානීන් ආරක්ෂාව ගැන සැලකිලිමත් වන බව පෙන්නුම් කරන්නේ කොහොමද? (2)

සතුන් මැරීම වැරදිද? (3)

ජීවිතයට ගෞරවයක් නොපෙන්වන සමහර පුරුදු මොනවාද? (4)

රුධිරය පිළිබඳව දෙවිගේ නීතිය කුමක්ද? (5)

ලේ ගැනීම මීට ඇතුළත්ද? (6)

1. යෙහෝවා ජීවනයේ උල්පතයි. තම ජීවිතය වෙනුවෙන් සෑම ජීවියෙක්ම දෙවිට ණයගැතියි. (ගීතාවලිය 36:9) ජීවිතය දෙවිට පරිශුද්ධ දෙයක්. මවකගේ කුසේ සිටින නූපන් දරුවෙකුගේ ජීවිතය පවා ඔහුට පරිශුද්ධ දෙයක් වෙනවා. වර්ධනය වන එවන් ළදරුවෙකු හිතා මතා මැරීම දෙවි ඉදිරියෙහි වරදක්.—නික්මයාම 21:22, 23; ගීතාවලිය 127:3.

2. සැබෑ ක්‍රිස්තියානීන් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඔවුන්ගේ රථ වාහන හා නිවාස ආරක්ෂා සහිතව තිබෙන බවට ඔවුන් වගබලා ගන්නවා. (ද්විතීය කථාව 22:8) නිකම්ම විනෝදයට හෝ ආස්වාදයට දේවසේවකයන් සිය ජීවිත අනවශ්‍ය ලෙස අවදානමෙහි හෙළන්නේ නැහැ. ඒ නිසා අනුන්ව හිතා මතා වේදනාවට පමුණුවන දරුණු ක්‍රීඩාවල ඔවුන් හවුල් වන්නේ නැහැ. දරුණු ක්‍රියාවලට දිරි දෙන විනෝදාංශවලින් ඔවුන් වැළකී සිටිනවා.—ගීතාවලිය 11:5; යොහන් 13:35.

3. මැවුම්කරුට සත්ව ජීවිතද පරිශුද්ධයි. ආහාර හා ඇඳුම් පැළඳුම් සපයාගැනීම සඳහා නැතහොත් අසනීපයෙන් හා අන්තරාවෙන් තමාව ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රිස්තියානි භක්තිකයෙකුට සතුන් මරන්න පුළුවන්. (උත්පත්ති 3:21; 9:3; නික්මයාම 21:28) නමුත් සතුන්ට හිංසා පීඩා කිරීම නැතහොත් ක්‍රීඩාවක් ලෙස හෝ විනෝදයට උන්ව මැරීම වැරදියි.—හිතෝපදේශ 12:10.

4. දුම්පානය, බුලත් හැපීම හා වින්දනය සඳහා මත්ද්‍රව්‍ය ගැනීම ක්‍රිස්තියානීන්ට සුදුසු නැහැ. මෙම පුරුදු වැරදිසහගත වන්නේ, (1) ඒවාට අප වහල් වන නිසයි; (2) ඒවා අපේ ශරීරවලට අහිතකර නිසයි; එමෙන්ම (3) ඒවා අපිරිසිදු නිසයි. (රෝම 6:19; 12:1; 2 කොරින්ති 7:1) ඇතැම්විට මෙම පුරුදු අත්හැරීම ඉතා අමාරු දෙයක් වෙන්න පුළුවන්. එහෙත් යෙහෝවාව සතුටු කිරීමට නම් අප එසේ කරන්න අවශ්‍යයි.

5. රුධිරයද දෙවිගේ ඇස් හමුවේ පරිශුද්ධයි. රුධිරය තුළ ජීවය තිබෙන බව දෙවි පවසනවා. එනිසා රුධිරය අනුභව කිරීම වැරදියි. එමෙන්ම නිසි ලෙස රුධිරය ඉවත් නොකළ සතෙකුගේ මස් කෑමත් වැරදියි. සතෙකුව බොටුව මිරිකා මරා තිබේ නම්, නැතහොත් ඌ උගුලකට අසු වී මැරෙයි නම්, එය කෑමට ගැනීම සුදුසු නැහැ. හෙල්ලයකින් හෝ වෙඩි උණ්ඩයකින් ඌව මරා තිබේ නම්, එය කෑමට ගැනීම සඳහා රුධිරය ඉක්මනින් ඉවත් කරන්න අවශ්‍යයි.—උත්පත්ති 9:3, 4; ලෙවී කථාව 17:13, 14; ක්‍රියා 15:28, 29.

6. ලේ ගැනීමට එකඟ වීම වැරදිද? අප රුධිරයෙන් වැළකී සිටීම යෙහෝවා අපේක්ෂා කරන බව මතක තබාගන්න. අනුන්ගේ රුධිරයවත්, ගබඩා කර තිබෙන අපේම රුධිරයවත්, අප කිසිම අන්දමකින් ශරීරගත නොකළ යුතු බව මින් අදහස් කරනවා. (ක්‍රියා 21:25) එනිසා සැබෑ ක්‍රිස්තියානීන් ලේ ගැනීම කිසිසේත් පිළිගන්නේ නැහැ. රුධිර නොවන විකල්පයන් ශරීරගත කිරීම වැනි වෙනත් අන්දමේ වෛද්‍ය ප්‍රතිකාරවලට ඔවුන් එකඟ වෙනවා. ජීවත් වීමට ඔවුන්ට වුවමනා වුවත්, දෙවිගේ නීති කඩ කර තම ජීවිත බේරාගැනීමට ඔවුන් වෑයම් කරන්නේ නැහැ.—මතෙව් 16:25.

[25වන පිටුවේ පින්තූර]

දෙවිව සතුටු කිරීමට නම්, අප ලේ ගැනීම, අපිරිසිදු පුරුදු හා අනවශ්‍ය අවදානම්වලට ලක්වීමෙන් වැළකී සිටිය යුතුයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න