ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rq 16 පාඩම 31 පි.
  • දෙවිට සේවය කිරීමට ඔබ ගන්නා තීරණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට සේවය කිරීමට ඔබ ගන්නා තීරණය
  • දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • සමාන තොරතුරු
  • බව්තීස්ම වෙන්න ඔයා සූදානම්ද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • මගේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඕනෙද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දෙවිට සැමදා සේවය කිරීම ඔබේ ඉලක්කය කරගන්න
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
තව තොරතුරු
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
rq 16 පාඩම 31 පි.

16වන පාඩම

දෙවිට සේවය කිරීමට ඔබ ගන්නා තීරණය

දෙවිගේ මිතුරෙකු වීමට ඔබ කළ යුත්තේ කුමක්ද? (1, 2)

ඔබ දෙවිට කැප වෙන්නේ කොහොමද? (1)

ඔබ බව්තීස්ම විය යුත්තේ කුමන අවස්ථාවේද? (2)

දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා ඔබට ශක්තිය ලබාගත හැක්කේ කොහොමද? (3)

1. දෙවිගේ මිතුරෙකු වීමට නම්, ඔබ බයිබල් සත්‍යය ගැන හොඳ දැනුමක් ලබාගන්න අවශ්‍යයි. (1 තිමෝති 2:3, 4) ඔබ ඉගෙනගෙන ඇති දේවල් කෙරෙහි ඇදහිල්ල තබන්න ඕනේ. (හෙබ්‍රෙව් 11:6) ඔබේ පව් ගැන පසුතැවිලි වෙන්න ඕනේ. (ක්‍රියා 17:30, 31) එමෙන්ම ඔබේ ජීවිත මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම හැරෙන්න අවශ්‍යයි. (ක්‍රියා 3:19, 20) එවිට, දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය, ඔහුට කැපවීම සඳහා ඔබව පොලඹවන්න අවශ්‍යයි. මෙයින් අදහස් වන්නේ, ඔබ පෞද්ගලික යාච්ඤාවක් තුළින්, ඔහුගේ කැමැත්ත කිරීම සඳහා ඔබවම ඉදිරිපත් කරනවා යන්නයි.—මතෙව් 16:24; 22:37.

2. ඔබ බව්තීස්ම විය යුත්තේ දෙවිට කැපවීමෙන් පසුවයි. (මතෙව් 28:19, 20) බව්තීස්මය තුළින්, ඔබ පෞද්ගලිකව යෙහෝවාට කැප වී සිටින බව සියලුදෙනාටම දැනගන්න පුළුවන්. එනිසා බව්තීස්ම විය හැක්කේ, දෙවිට සේවය කිරීමේ තීරණය ගැනීමට තරම් වයසක සිටින අයට පමණයි. පුද්ගලයෙකු බව්තීස්ම වන විට, ඔහුගේ මුළු ශරීරයම මොහොතකට ජලයේ ගිල්වන්න අවශ්‍යයි.a—මාර්ක් 1:9, 10; ක්‍රියා 8:36.

3. කැපවීමෙන් පසු, ඔබ දුන් පොරොන්දුවට එකඟව ජීවත් වීම යෙහෝවා ඔබෙන් අපේක්ෂා කරනවා. (ගීතාවලිය 50:14; දේශනාකාරයා 5:4, 5) යෙහෝවාට ඔබ කරන සේවය නතර කිරීමට යක්ෂයා වෑයම් කරයි. (1 පේතෘස් 5:8) එහෙත් යාච්ඤාව තුළින් දෙවිට ළං වන්න. (පිලිප්පි 4:6, 7) දිනපතා ඔහුගේ වචනය අධ්‍යයනය කරන්න. (ගීතාවලිය 1:1-3) සභාව සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරන්න. (හෙබ්‍රෙව් 13:17) මේ සියල්ල කිරීමෙන්, දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා ඔබ ශක්තිය අත් කරගන්න යනවා. මෙසේ දෙවිට ඔබෙන් ඕනෑ කරන දේ සදහටම කිරීමට ඔබට හැකි වනවා නොඅනුමානයි!

[පාදසටහන]

a බව්තීස්මයට සූදානමක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු හෝ ඒ හා සමාන පොතක් අධ්‍යයනය කිරීම සුදුසුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න