රාජ්‍ය ආරංචි අංක 35
සියලුම ජනයා කවදා හෝ එකිනෙකාට ප්‍රේම කරාවිද?
අසල්වාසියාට ප්‍රේම කිරීම හීන වී තිබෙනවා
මිනිස්සු දශලක්ෂ ගණනාවක්ම කිසිම හව්හරණක් නැතුව අසරණ වී දුකින් සිටිනවා. විශ්‍රාම ගිය ව්‍යාපාරික ස්ත්‍රියක් මෙසේ නිරීක්ෂණය කළා: ‘මං ඉන්න මහලේම වැන්දඹුවක් එක් හැන්දෑවක මගේ දොරට තට්ටු කරලා ඇයට තනිකමක් දැනෙනවා කියලා කිව්වා. මම කාරුණිකව නමුත් කෙළින්ම ඇයට කිව්වා මට වැඩ බහුලයි කියලා. මට කරදරයක් කළා නම් සමාව ඉල්ලා ඇය යන්න ගියා.’
කනගාටුවට හේතුවක් නම්, ඒ රාත්‍රියේදීම එම වැන්දඹුව සියදිවි නසාගැනීමයි. ඉන්පසුව, ව්‍යාපාරික ස්ත්‍රිය කියා සිටියා ඇය “අමාරු පාඩමක්” ඉගෙනගත්ත බව.
අසල්වැසි ප්‍රේමයේ ඌනතාව බොහෝවිට ඛේදජනකයි. කලින් යුගෝස්ලාවියාවේ කොටසක් වූ බොස්නියාවේ සහ හට්සගොවිනාහි පැවති වාර්ගික ගැටුම්වලදී, දශලක්ෂය ඉක්මවූ සංඛ්‍යාවකට උන්හිටි තැන්වලින් පලායෑමට සිදු වුණ අතර, දසදහස් ගණනක්ව ඝාතනය කරනු ලැබුවා. කවුරු විසින්ද? “ඒගොල්ලෝ අපේ අසල්වාසීන්. අපි ඒගොල්ලන්ව අඳුරගෙනයි හිටියේ” කියා තම ගමින් පලායෑමට සිදු වූ ගැහැනු ළමයෙක් ශෝකයෙන් ප්‍රකාශ කළා.
රුවන්ඩාවේ මිනිස්සු ලක්ෂ ගණනක්ම, බොහෝවිට ඔවුන්ගේම අසල්වාසීන් විසින් ඝාතනය කරනු ලැබුවා. ද නියූ යෝක් ටයිම්ස් පුවත්පත මෙසේ වාර්තා කළා: “හුටු කවුද, ටුට්සි කවුද කියන එක තකන්නේවත් දන්නේවත් නැතුව හුටු සහ ටුට්සි ගෝත්‍රිකයෝ එකට [ජීවත් වුණා], විවාහ වුණා. ඒත් හිටිහැටියේම, මොකක් හරි වෙනසක් වුණා. එතකොට තමයි ඝාතන සිදු වෙන්න පටන්ගත්තේ.”
සමානාකාරයෙන්, ඊශ්‍රායෙල්වල යුදෙව්වන් සහ අරාබි ජාතිකයන් එකට ජීවත් වුණත්, බොහෝදෙනෙක් එකිනෙකාට වෛර කරනවා. අයර්ලන්තයේ කතෝලිකයන් සහ රෙපරමාදු භක්තිකයන් බොහෝදෙනෙක් අතර මෙන්ම වෙනත් රටවල වැඩි වෙමින් පවතින ජන පිරිසක් අතර ඒ හා සමාන තත්වයක් තිබෙනවා. ලෝකයේ මෙතරම් ප්‍රේමයේ ඌනතාවක් ඉතිහාසයේ වෙන කිසිදාක දැක නැහැ.
අසල්වැසි ප්‍රේමය හීන වී තිබෙන්නේ ඇයි?
පිළිතුර අපේ මැවුම්කරු සපයයි. ඔහුගේ වචනය වන බයිබලයෙහි අපි ජීවත් වන කාලය “අන්තිම දවස්” හැටියට හඳුන්වා තිබෙනවා. බයිබල් අනාවැකිවලට අනුව, මෙය, ජනයා “ජන්ම ස්නේහය නැත්තෝව” සිටින්න යන කාලපරිච්ඡේදයක්. ශුද්ධ ලියවිලිවල “දේවල පිළිවෙළේ නිමාව” හැටියටත් හඳුන්වනු ලබන මෙම “කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්” සම්බන්ධයෙන් කතා කරද්දී, “බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය” කියා යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කළා.—2 තිමෝති 3:1-5, NW; මතෙව් 24:3, NW, 12; ඇල අකුරු අපේය.
එබැවින්, අදදින පවතින ප්‍රේමයේ ඌනතාව, අපි මෙම ලෝකයේ අන්තිම දවස්වල ජීවත් වන බවට වූ සාක්ෂියේ අංගයක්. අභක්තික මිනිසුන්ගෙන් සකස් වී තිබෙන මෙම ලෝකය වෙනුවට ප්‍රේමයෙන් පාලනය වන ධර්මිෂ්ඨ නව ලොවක් බිහිවීම ඉන් අදහස් වීමත් සතුටට හේතුවක්.—මතෙව් 24:3-14; 2 පේතෘස් 2:5; 3:7, 13.
එනමුත් එවැනි වෙනසක් සිදු විය හැකි බව, ඒ කියන්නේ එකිනෙකාට ප්‍රේම කරන්නත්, එකිනෙකා සමඟ එකට සමාදානයෙන් ජීවත් වන්නත් ඉගෙනගන්න සියලුම ජනයාට පුළුවන් බව විශ්වාස කිරීමට අපිට ඇත්තටම හේතු තිබෙනවාද?
අසල්වාසීන් සඳහා ප්‍රේමය—යථාර්ථයක්
ඇත්තටම “මාගේ අසල්වාසියා කවුද”? කියා පළමුවන සියවසේ නීතිඥයෙක් යේසුගෙන් ඇසුවා. ‘ඔබේ සෙසු යුදෙව්වන්’ යයි යේසු උත්තර දෙයි කියා ඔහු අපේක්ෂා කළාට සැකයක් නැහැ. එනමුත් අසල්වාසියෙකුගේ ගතිගුණ දැක්වූ සමාරියයෙකු පිළිබඳ කතාවකින් යේසු පෙන්නුම් කළේ, වෙනත් ජාතීන්වලට අයත් පුද්ගලයනුත් අපේ අසල්වාසීන් බවයි.—ලූක් 10:29-37; යොහන් 4:7-9.
දෙවි සඳහා තිබෙන ප්‍රේමයට පසු, අපේ ජීවිත අසල්වැසි ප්‍රේමය මගින් පාලනය විය යුතු බව යේසු අවධාරණය කළා. (මතෙව් 22:34-40) එනමුත් එක කණ්ඩායමක්වත් තම අසල්වාසීන්ට සැබවින්ම ප්‍රේම කර තිබෙනවාද? මුල් ක්‍රිස්තියානීන් එසේ කළා! අනුන්ට ඔවුන් දැක්වූ ප්‍රේමය සම්බන්ධයෙන් ඔවුන් නම් දරා තිබුණා.—යොහන් 13:34, 35.
අදදින ගැන කුමක් කිව හැකිද? ක්‍රිස්තුස්ට සමාන ප්‍රේමයක් කවරෙකු විසින් හෝ ක්‍රියාවට නංවනවාද? එන්සයික්ලොපීඩියා කනේඩියානා මෙසේ නිරීක්ෂණය කරයි: “යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන වැඩය, යේසු සහ ඔහුගේ ගෝලයන් පිළිපැද්ද මුල් ක්‍රිස්තු ධර්මයේ යළි පණගැන්වීමක් සහ යළි පිහිටුවීමක් වෙනවා . . . සියලුමදෙනා සහෝදරයෝ.”
එයින් අදහස් කරන්නේ කුමක්ද? තම අසල්වාසීන්ට වෛර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිසිවකට—වර්ගයටවත්, ජාතියටවත්, ජනවාර්ගික පසුබිමටවත්—ඉඩ දෙන්නේ නැති බව එයින් අදහස් කරනවා. ඔවුන් සංකේතාත්මක ආකාරයකින් තම කඩු හීවැල් බවටත් තම හෙල්ලවල් දෑකැති බවටත් තළාගෙන තිබෙන නිසා, ඔවුන් කවරෙකුවවත් ඝාතනය කරන්නේ නැහැ. (යෙසායා 2:4) ඇත්තෙන්ම කියනවා නම්, තම අසල්වාසීන්ට උපකාර කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් නම් දරා තිබෙනවා.—ගලාති 6:10.
කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ යූනියන් පුවත්පතේ කතුවැකියක මෙසේ සඳහන් වීම පුදුමයක් නොවෙයි: “කියන්න තියෙන්නේ මෙච්චරයි: මුළු ලෝකයාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් අනුව ජීවත් වුණොත්, ලේ වැගිරීම සහ වෛරය අවසන් වන අතරම, ප්‍රේමය රජයනවා.” හංගේරියාවේ රිං සඟරාවේ ලේඛකයෙක් මෙසේ අදහස් දැක්වූවා: “මේ පොළොවේ ජීවත් වන එකම කණ්ඩායම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වුණොත්, යුද්ධ පහ වී යනවා මෙන්ම පොලිස් භටයන්ට තිබෙන වගකීම් වන්නේ වාහන පරිපාලනය සහ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පමණයි කියන නිගමනයට මම එළඹී තියෙනවා.”
කොහොම වුණත්, සියලුම ජනයා එකිනෙකාට ප්‍රේම කරන්න යනවා නම්, දැවැන්ත ලෝක ව්‍යාප්ත වෙනසක් අවශ්‍ය වන බව පිළිගත යුතුයි. ඒ වෙනස සිදු වෙන්න යන්නේ කොහොමද? (කරුණාකර පිටුපස පිටුව බලන්න.)
සියලුම ජනයා එකිනෙකාට ප්‍රේම කරන කල
යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූ යාච්ඤාවක්, චමත්කාරජනක වෙනසක් අතළඟ බව පෙන්නුම් කරනවා. තම සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී, යේසු අපිට මෙසේ යාච්ඤා කරන්න ඉගැන්නුවා: “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:9, 10.
දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද? එය ස්වර්ගයේ සිට පාලනය කරන සැබෑ ආණ්ඩුවක්. එයට “ස්වර්ගරාජ්‍යය” කියා කියන්නේ එනිසයි. එහි පාලකයා වීමට “සමාදානයේ කුමාරයා” වන යේසුව තම පියා විසින් පත් කර තිබෙනවා.—මතෙව් 10:7; යෙසායා 9:6, 7; ගීතාවලිය 72:1-8.
දෙවිගේ රාජ්‍යය පැමිණෙන විට, වෛරයෙන් පිරුණු මෙම ලෝකයට කුමක් සිදු වේවිද? ඒ “රාජ්‍යය” මේ ලෝකයේ දූෂිත ආණ්ඩු සියල්ල “පොඩිකර නැති කරන්නේය.” (දානියෙල් 2:44, 45) “ලෝකය . . . පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය” කියා බයිබලය පැහැදිලි කරයි.—1 යොහන් 2:17.
දෙවිගේ නව ලොව සම්බන්ධයෙන් බයිබලය මෙසේ පවසයි: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:9-11, 29; හිතෝපදේශ 2:21, 22) එය මොනතරම් විශිෂ්ට කාලයක් වේවිද! “මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) මළවුන් පවා නැවත ජීවත් වෙන්න යන අතර, මුළු පොළොවම සැබෑ පාරාදීසයක් බවට හරවනු ලබන්න යනවා.—යෙසායා 11:6-9; 35:1, 2; ලූක් 23:43; ක්‍රියා 24:15.
දෙවිගේ නව ලොවෙහි ජීවත් වීමට නම්, දෙවි අපිට කිරීමට උගන්වන්නාක් මෙන්, අපි එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. (1 තෙසලෝනික 4:9) ප්රාචීනයේ බයිබල් ශිෂ්‍යයෙක් මෙසේ පැවසුවා: “බයිබලයේ පොරොන්දු වී තියෙනවා වගේ, සියලුම ජනයා එකිනෙකාට ප්‍රේම කරන්න ඉගෙනගෙන තියෙන කාලයක් උදා වෙන තුරු මම උනන්දුවෙන් බලා ඉන්නවා.” දෙවි තම පොරොන්දු ඉටු කරන බවට සහතික වෙන්න අපිට පුළුවන්! ඔහු මෙසේ කියයි: “මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.”—යෙසායා 46:11.
එනමුත් දෙවිගේ රාජ්‍යය යටතේ ආශීර්වාද භුක්ති විඳින්න නම්, ලොව පුරා අවංක හදවත් ඇති දශලක්ෂ ගණනාවක්ම කරන්නාක් මෙන්, ඔබ බයිබල් දැනුම ලබාගත යුතුයි. (යොහන් 17:3) දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන පිටු 32කින් යුත් විවරණිකාව ඔබට උපකාරයක් වේවි. කලින් පිටුවේ සපයා තිබෙන කූපනය පුරවා, ඔබේ නිවසට කිට්ටුවම තිබෙන ලිපිනයට යැවීමෙන් පිටපතක් ලබාගන්න.
□ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව ලබාගැනීමට මම කැමතියි.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
බොස්නියාවේ ස්නයිපර් ප්‍රහාරකයෙක් සහ අවමඟුලක්: Reuters/Corbis-Bettmann