ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • la 8 කොටස 25-27 පි.
  • සතුටින් පිරි ජීවිතයක් කරා නැවතත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සතුටින් පිරි ජීවිතයක් කරා නැවතත්
  • සතුටින් පිරි ජීවිතයකට මඟ
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය ගැළවීම සඳහා දෙවිගේ මඟයි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වහල්භාවය නිම වන දා!
    2002 පිබිදෙව්!
  • පාපය තවත් නැති කල්හි
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ මරණය ඔබට ගැලවීම ගෙන දෙයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
සතුටින් පිරි ජීවිතයකට මඟ
la 8 කොටස 25-27 පි.

8වන කොටස

සතුටින් පිරි ජීවිතයක් කරා නැවතත්

දිව්‍ය පාලනයට එරෙහිව කැරලිගැසීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස්වර්ගයාට ඉතා නිෂ්ඵල දිවියකට උරුමකම් කීමට සිදු විය. එනමුත්, දෙවි මිනිසාව අසරණ වීමට ඉඩ හැරියේ නැත. බයිබලය මෙසේ පැහැදිලි කරයි. “මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, [දෙවිගේ] දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ [තැනැත්තා] නිසාය.” (රෝම 8:20, 21) ඔව්, මුල් මනුෂ්‍ය යුවළගේ දරු දැරියන්ට දෙවි බලාපොරොත්තුවක් දුන්නේය. එනම්, මිනිස්වර්ගයාට උරුම වී තිබෙන පාපයෙන් සහ මරණයෙන් නිදහස ලැබෙන බවට වූ ස්ථිර බලාපොරොත්තුවයි. නැවතත් යෙහෝවා දෙවි සමඟ කිට්ටු සම්බන්ධතාවක් භුක්ති විඳීමේ අවස්ථාව පවා ඔවුන්ට දෙන ලදි. කෙසේද?

ළමා මෙහෙකාර සේවය

මිනිස්වර්ගයාට පාපයෙන් සහ මරණයෙන් මිදීමේ බලාපොරොත්තුව දෙවි සපයා දුන්නේය

2 ආදම් සහ ඒව පව් කළ විට, ඔවුහු පොළොව මත සතුටින් පිරි ජීවිතයක් භුක්ති විඳීමේ අපේක්ෂාව තම පැවතෙන්නන්ගෙන් සොරා ගත්තෝය. ඔවුන්ට වුවමනා වුණේ හරි වැරැද්ද කුමක්ද කියා ස්වාධීනව තීරණය කරගැනීමටය. එම අයිතිය හිමි කරගැනීම සඳහා ඔවුහු තම අනාගත පරම්පරාව පාපය සහ මරණය නමැති වහල් තත්වයට විකුණුවෝය. මෙසේ ඔවුන්ගෙන් ජනිත වූ ඔවුන්ගේ දරු දැරියන් කුරිරු පාලකයන් විසින් රජ කරන හුදෙකලා දූපතක ඉපදුණු වහලුන් හා සමාන විය. පාපය නමැති රජුගේ වහලුන් වන මිනිස්වර්ගයා කෙරෙහි මරණය නමැති තවත් රජෙක්ද තම බලය පවත්වා ඇත. (රෝම 5:14, 20) මොනතරම් අසරණ තත්වයක්ද! ඔවුන්ට කිසිදු හව්හරණක් නොමැති තරම්ය. ඔවුන්ගේ වහල්භාවයට වගකිව යුතු වූයේ ඔවුන්ගේම මුතුන්මිත්තන්ගෙන් කෙනෙකි. තත්වය මෙසේ තිබියදී ගුණවත් මනුෂ්‍යයෙක් තම පුත්‍රයාව එවමින්, වහල්භාවයේ සිටින සැමෝවම නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය මිල මුදල් ලබා දෙයි.—ගීතාවලිය 51:5; 146:4; රෝම 8:2.

යෝසෙප් සහ මරියා පුංචි යේසුස් එක්ක

3 මෙම කතාවේදී වහලුන්ව මුදාගන්නා මනුෂ්‍යයාට යෙහෝවා දෙවිව සමාන කළ හැක. නිදහස ලබා දීම සඳහා අවශ්‍ය මිල මුදල් ගෙන ආවේ යේසුස් ක්‍රිස්තුස්ය. මනුෂ්‍යයෙකු වීමට පෙර ඔහු දෙවිගේ ඒකජාතක පුත්‍රයා වශයෙන් ස්වර්ගයෙහි ජීවත් විය. (යොහන් 3:16) යෙහෝවා මැවූ පළමු ජීවියා යේසුස් වූ අතර, විශ්වයේ අන් සියලු ජීවීන් බිහි වූයේ ඔහු මාර්ගයෙන්ය. (කොලොස්සි 1:15, 16) යෙහෝවා මෙම අදෘශ්‍යමාන පුත්‍රයාගේ ජීවය කන්‍යාවකගේ ගර්භාශයට ඇතුල් කළේය. එමනිසා උපන් ළදරුවා පරිපූර්ණ විය. දිව්‍ය යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය වූ පූර්ණ මිදීමේ මිලය එම පරිපූර්ණ ජීවිතයෙන් පියවාගත හැකි විය.—ලූක් 1:26-31, 34, 35.

යේසුස් අනුගාමිකයන්ට උගන්වමින්

4 වයස අවුරුදු 30ක් පමණ වූ විට, යේසුස් යොර්දාන් ගඟෙහි බව්තීස්ම විය. එම අවස්ථාවේදී, ශුද්ධාත්මයෙන් නැත්නම් දෙවිගේ ක්‍රියාකාරික බලයෙන් ඔහුව ආලේප කරන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ක්‍රිස්තුස් නැත්නම් “ආලේප ලත් තැනැත්තා” බවට පත් විය. (ලූක් 3:21, 22) යේසුස්ගේ භූමික දේවසේවා කාලය වසර තුනහමාරකි. ඒ කාලය තුළදී, ඔහු තම අනුගාමිකයන්ට ‘දෙවිගේ රාජ්‍යය’ ගැන ඉගැන්වීය. ඔව්, මිනිස්වර්ගයාට යෙහෝවා දෙවි සමඟ යළිත් සාමදායී සම්බන්ධතාවක් භුක්ති විඳීමට මඟ සලසා දෙන ස්වර්ගික ආණ්ඩුව ගැන ඔහු පැහැදිලි කළේය. (ලූක් 4:43; මතෙව් 4:17) සතුටින් පිරි ජීවිතයක් ලබාගැනීමට යා යුතු මඟ යේසුස් දැන සිටි අතර, සන්තෝෂය සොයාගැනීම සඳහා අවශ්‍ය නිශ්චිත මඟ පෙන්වීම් ඔහු තම අනුගාමිකයන්ට ලබා දුන්නේය. ඒවා බයිබලයේ මතෙව් පොතේ 5 සිට 7 දක්වා පරිච්ඡේදවල සඳහන්ව ඇත. එම කන්ද උඩ දේශනාවේදී යේසුස් ඉගැන්වූ සමහරක් දේවල් කියවා බලන්න කියා ඔබට ඇරයුම් කරන්නට කැමැත්තෙමු.

ඔබව වහල්කමින් මුදාගත් කෙනෙකු ගැන ඔබට ඉමහත් කෘතඥතාවක් දැනෙන්නේ නැද්ද?

5 යේසුස්ගේ ජීවිතය ආදම්ගේ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් විය. ඔහු දෙවිට සෑම ආකාරයකින්ම කීකරු විය. ‘ඔහු කිසි පාපයක් නොකළේය.’ (1 පේතෘස් 2:22; හෙබ්‍රෙව් 7:26) ඇත්තෙන්ම මිහිපිට සදහටම ජීවත් වීමේ අයිතිය ඔහු සතුව තිබිණ. එනමුත්, ආදම් අහිමි කරගත් දේ දෙවිට නැවත ගෙවීමේ අරමුණින් ඔහු ‘තම ප්‍රාණය දුන්නේය.’ ඔව්, වධකණුවක ඉමහත් වේදනාවක් විඳිමින් යේසුස් සිය පරිපූර්ණ මිනිස් ජීවිතය පුද කළේය. (යොහන් 10:17; 19:17, 18, 28-30; රෝම 5:19, 20; පිලිප්පි 2:8) එසේ කිරීමෙන් යේසුස් මිදීමේ මිලයක් සැපයීය. එනම් පාපයට සහ මරණයට වහල් වී සිටි මිනිස්වර්ගයාව නැවත මිල දී ගැනීමට අවශ්‍ය වූ මුදල ඔහු ගෙවා දැමීය. (මතෙව් 20:28) ශ්‍රමය සූරාකන වැඩපොළක වහලෙකු මෙන් ඔබ දහදුක් විඳිමින් දවස ගෙවනවා කියා සිතන්න. එවැනි වහල් ජීවිතයකින් ඔබව මුදන්න කටයුතු යොදන තැනැත්තා ගැනත්, ඔබ වෙනුවෙන් ජීවිතය පවා පුද කරන්න ඉදිරිපත් වන තැනැත්තා ගැනත් ඔබට ඉමහත් කෘතඥතාවක් දැනෙන්නේ නැද්ද? ඔව්, මිදීමේ මිලය නමැති සැපයුම තුළින් නැවතත් දෙවිගේ විශ්වනීය පවුලේ සාමාජිකයෙකු වීමටත් පාපයෙන් සහ මරණයෙන් නිදහස්, සැබවින්ම සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමටත් ඔබට ප්‍රස්තාව විවෘත වී ඇත.—2 කොරින්ති 5:14, 15.

කණුවක ගැටගහලා ඉන්න යේසුස්ව සෙබළුන් ඉහළට ඔසවමින්

6 යෙහෝවා ඔබට පෙන්වන මෙම මහත් කරුණාව අවබෝධ කරගනිමින් එය අගය කරන විට, බයිබලයෙහි අන්තර්ගත ඔවදන් ඔබේ ජීවිතයට අදාළ කරගැනීමට එමගින් අමතර පෙලඹීමක් ඇති වේ. නිදසුනකට, අපට අදාළ කරගැනීමට ඉතා අමාරු ප්‍රතිපත්තිවලින් එකක් සලකා බලමු. එනම්, අන්‍යයන් ඔබේ සිත රිදවා ඇති විට ඔවුන්ට සමාව දීම. අප දෙවන පාඩමෙහි සඳහන් කළ කොලොස්සි 3වන පරිච්ඡේදයේ 12 සිට 14 දක්වා පදවල සඳහන් වදන් ඔබට මතකද? යමෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඇති අවස්ථාවකදී පවා, ඔවුන්ට සමාව දෙන්න එම පදවලින් අපට දිරිගැන්වීය. එයට හේතුව අවට පාඨ සම්බන්ධයෙන් පැහැදිලි වේ. ‘යෙහෝවා ඔබට [නොඅඩුව, NW] කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතුය.’ ඔව්, යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් මිනිස්වර්ගයා සඳහා කර ඇති දේ ඔබේ සිතේ ගැඹුරින් පැලපදියම් වූවායින් පසු, ඔබට විරුද්ධව වරදවල් කර ඇති අයට සමාව දෙන්න ඔබටත් හෘදයාංගම පෙලඹීමක් ඇති වේ. එමෙන්ම, එවන් වරදක් කර ඇති කෙනෙකු පසුතැවිලි වී ඔබගෙන් සමාව ඉල්ලනවා නම්, ඔවුන්ට සමාව දීමට ඔබ ඊටත් වඩා කොතරම් පෙලඹිය යුතුද!

ඔබේ අදහස කුමක්ද?

  1. 1. යෙහෝවා මිනිසාව අසරණ වීමට ඉඩහැරියාද?

  2. 2. ආදම් තම මතු පරම්පරාවට කළ දේ කුමක් හා සැසඳිය හැකිද?

  3. 3. යේසුස් ක්‍රිස්තුස් කන්‍යාවකගෙන් උපන්නේ මන්ද?

  4. 4. යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් සමහරක් විස්තර කරන්න. ඒවා බලගතු ඉගැන්වීම් වන්නේ මන්ද?

  5. 5, 6. යෙහෝවා සහ යේසුස් මිනිස්වර්ගයා සඳහා කර ඇති දේ ගැන ඔබට පෞද්ගලිකව හැඟෙන්නේ කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න