බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද?
බයිබලය කියවිය යුත්තේ ඇයි?
බයිබලය තරම් දෙවිගේ ප්‍රේමනීය උපදෙස් අඩංගු වෙනත් පොතක් නැත. (1 තෙසලෝනික 2:13) එහි උගන්වන දේ අදාළ කරගත් විට, ඉන් ඔබ ලබන ප්‍රයෝජන අසීමිතය. එසේ කිරීමෙන් ‘සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාද’ දෙන දෙවි කෙරෙහි ඔබේ ආදරය වැඩි වන අතර, ඔහු වෙත ඔබ තව තවත් සමීප වනු ඇත. (යාකොබ් 1:17) යාච්ඤාවෙන් ඔහු වෙත එළඹෙන ආකාරයද ඔබ ඉගෙනගන්නේය. කරදරවලින් පීඩිත කාලවලදී දෙවිගේ උපකාරය පුද්ගලිකවම අද්දකින්න ඔබට හැකි වනු ඇත. බයිබල් ප්‍රමිතිවලට එකඟව ඔබ ඔබේ ජීවිතය ගත කළොත් දෙවි ඔබට සදාකාල ජීවනය දානය කරන බවටද නිසැක විය හැකිය.—රෝම 6:23.
ආත්මික ඥානාලෝකය සපයන සත්‍යතා බයිබලයේ අඩංගුය. දශලක්ෂ ගණන් ජනයාගේ ජීවිත අයුතු ලෙස පාලනය කරන, ඔවුන්ව නොමඟ යවන මතිමතාන්තරවලින් නිදහස ලැබීමට බයිබල් දැනුම ලබන අයට හැකිය. උදාහරණයක් හැටියට, අප මැරුණු පසු සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි දැනුම මළවුන් අපට හානි කරන්නේය යන බියෙන් අපව මුදන්නේය. මියගිය අපේ නෑදෑ හිතවතුන් දුක් විඳිනවා යන නිස්සාර මතයෙන්ද අප නිදහස් වන්නේය. (දේශනාකාරයා 9:5) තමන් ආදරය කළවුන් මියගිය අයගේ පවුල්වලට නැවත නැඟිටීම පිළිබඳ බයිබල් ඉගැන්වීම මහත් අස්වැසිල්ලක් ලබා දෙයි. (යොහන් 11:25) දුෂ්ට දූතයන් පිළිබඳ සත්‍යය දැනගැනීම මගින් ආත්ම බන්ධන ක්‍රියාවල ඇති භයානකකම ගැන සුපරීක්ෂාකාරි වීමටත් පොළොවේ මෙතරම් ගැටලු තිබෙන්නේ ඇයිදැයි තේරුම්ගැනීමටත් අපට හැකි වන්නේය.
සුවදායි සෞඛ්‍යයක් භුක්ති විඳිය හැකි අයුරින් ජීවත් වන ආකාරයද බයිබලයේ ඇති දිව්‍ය ප්‍රතිපත්ති මගින් අපට පෙන්වා දෙයි. උදාහරණයක් හැටියට, ‘පමණ [සීමාව, NW] දැන හැසිරීම’ යහපත් සෞඛ්‍යයකට රුකුලකි. (1 තිමෝති 3:2) ‘මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපව පවිත්‍ර කරගැනීමෙන්’ අපේ සෞඛ්‍යයට හානි වන දේ කිරීමෙන් අපි වළකින්නෙමු. (2 කොරින්ති 7:1) බයිබලයේ ඇති දෙවිගේ උපදෙස් අදාළ කරගැනීම, විවාහ ජීවිතය සන්තෝෂවත් කරගැනීමටත් ආත්ම ගරුත්වය රැකගැනීමටත් ඉවහල් වේ.—1 කොරින්ති 6:18.
ඔබ දෙවිගේ වචනය අදාළ කරගතහොත් වඩා සන්තෝෂවත් කෙනෙකු වනු ඇත. මන්දයත්, කෙනෙකුට මනසේ සාමය සහ තෘප්තිය අද්දැකීමට බයිබල් දැනුම උදව් වෙනවා පමණක් නොව ජීවත් වීමට බලාපොරොත්තුවක්ද එයින් සැපයේ. දයානුකම්පාව, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, කරුණාවන්තකම සහ ඇදහිල්ල වැනි කාගේත් සිත් ඇදගන්නාවූ ගුණාංග වැඩිවර්ධනය කරගැනීමට එය අපට උපකාර කරයි. (ගලාති 5:22, 23, NW; එපීස 4:24, 32) එවන් ගුණාංග ඔබව වඩා යහපත් ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක්, පියෙක් නැතහොත් මවක්, පුතෙක් නැත්නම් දුවක් බවට පත් කරවයි.
ඔබ කවදා හෝ අනාගතය ගැන කල්පනා කර තිබේද? අප ජීවත් වන්නේ මිනිස් ඉතිහාසයේ ඉතාම සුවිශේෂී කාලයක බව බයිබල් අනාවැකි පවසයි. එම අනාවැකි වත්මන් ලෝක තත්වය ගැන විස්තර කරනවා පමණක් නොව දෙවි ඉතා ඉක්මනින් මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන බවත් පෙන්වයි.—එළිදරව් 21:3, 4.
බයිබලය තේරුම්ගැනීමට උදව්
බයිබලය කියවීමට ඔබ උත්සාහ කර තිබෙන්න පුළුවන. සමහරවිට එය තේරුම්ගැනීමට අපහසුයැයි ඔබට සිතෙන්න ඇති. ඇතැම්විට ඔබේ ප්‍රශ්නවලට උත්තර ඇත්තේ බයිබලයේ කොහේදැයි ඔබ නොදන්නවාද විය හැකියි. ගැටලුව එය නම්, එය ඔබටම ආවේණික වූ එකක් නොවේ. දෙවිගේ වචනය තේරුම්ගැනීමට අප සියලුදෙනාටම උදව් අවශ්‍යය. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රටවල් 235ක පැතිර සිටින අතර දශලක්ෂ ගණනකට බයිබලයේ ඇති තොරතුරු නොමිලේම උගන්වති. ඔබට උදව් කරන්නත් ඔවුහු කැමැත්තෙන් සිටිති.
බයිබලය අධ්‍යයනය කිරීමේදී සාමාන්‍යයෙන් හොඳම ක්‍රමය වන්නේ ක්‍රමානුකූලව නැතහොත් මූලික ඉගැන්වීම්වලින් ආරම්භ කර අධ්‍යයනය කිරීමයි. (හෙබ්‍රෙව් 6:1, 2) බයිබලය දිගටම අධ්‍යයනය කරගෙන යද්දී, ගැඹුරු සත්‍යයන් හෙවත් “ඝන ආහාර” අනුභව කිරීමට ඔබ පටන්ගනු ඇත. (හෙබ්‍රෙව් 5:14, NW) මෙම ඉගැන්වීම්වල අධිකාරය වන්නේ බයිබලයයි. විවිධ විෂයන් පිළිබඳව බයිබල් යොමු දැක්වීම් සොයාගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති බයිබලය මත පදනම් ප්රකාශනය ඔබට උදව් වනු ඇත.
බයිබලය තේරුම්ගැනීමට සෑම සතියකම යම් වේලාවක් මිඩංගු කරන්න ඔබ කැමතිද?
බයිබල් පාඩමක් කිරීම සඳහා පහසු වේලාවක් සහ ස්ථානයක් තෝරාගැනීමට ඔබට හැකියි. බොහෝදෙනෙකු නම්, තමන්ගේම නිවසේදී පාඩම පවත්වනු ලැබේ. සමහරු දුරකථන ආධාරයෙන්ද එසේ කරති. මේ පාඩම් මාලාව බොහෝදෙනෙකු වෙනුවෙන් කරන පොදු පංතියක් නොවේ. එය ඔබේ ප්‍රශ්න සහ තත්වයන්ට ගැළපෙන මෙන්ම ඔබේ දැනුම සහ අධ්‍යාපන මට්ටමට ගැළපෙන ආකාරයෙන් ඔබ වෙනුවෙන්ම සකස් කළ, පුද්ගලික මට්ටමෙන් කරන පාඩම් මාලාවකි. පාඩම් මාලාව අවසානයේ විභාගයක් පවත්වනු නොලැබේ. එබැවින් ඔබ ලජ්ජාවට හෝ අපහසුතාවටද පත් නොවේ. උත්තර දෙනු ලබන්නේ බයිබලයට අදාළ ඔබේම ප්‍රශ්නවලටය. දෙවි වෙත ළඟා වන ආකාරය එමගින් ඔබ ඉගෙනගනු ඇත.
එවැනි බයිබල් පාඩමකට ගෙවීමක් කිරීමට ඔබට සිදු නොවේ. (මතෙව් 10:8) දේවවචනය පිළිබඳ දැනුම වැඩි කරගැනීමට අවංක ආශාවක් දක්වන, ඕනෑම ආගමකට අයත් හෝ ආගමක් නොඅදහන ඕනෑම කෙනෙකු සඳහා නොමිලේම එය පවත්වනු ලැබේ.
මේ සාකච්ඡාවට සහභාගි විය හැක්කේ කාටද? ඔබේ මුළු පවුලටම! ඔබේ මිතුරෙකුට හෝ හිතවතෙකුට ආරාධනා කරන්ට කැමති නම් ඔබට එසේද කළ හැකිය. ඔබට විතරක්ම නම්, එහිද ගැටලුවක් නැත.
බොහෝදෙනෙක් බයිබලය අධ්‍යයනය කිරීමට සෑම සතියකම පැයක් වෙන් කරති. සමහරවිට පැයකට වැඩියෙන් හෝ අඩුවෙන්ද කාලය වෙන් කරගැනීමට ඔබට හැකිය. මෙසේ ඔබට ඇති කාලය අනුව උපකාර කිරීමට සාක්ෂිකරුවෝ ඔවුන්ගේ කාලය ඔබ වෙනුවෙන් වෙන් කරති.
ඉගෙනීමට ආරාධනා!
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු. එසේ කළ හැකි එක් ක්‍රමයක් නම්, පහත සඳහන් ලිපිනයකට ලිවීමය. එවිට ඔබ වෙනුවෙන් නිවාස බයිබල් පාඩමක් මෙහෙයවීමට සාක්ෂිකරුවෙකුව එවීමට කටයුතු සැලසුම් කරනු ලැබේ.
□ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ පිටපතක් මට එවන්න. කැමති භාෂාව සඳහන් කරන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.
ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනය මෙහි විශේෂිතව සඳහන් වී නොමැති තැන්හි භාවිත කර ඇත. යනු ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයි (සිංහලෙන් නොමැත).