ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 12 පරි. 67-71 පි.
  • යේසුස් යාච්ඤා කරන්න ඉගැන්නුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් යාච්ඤා කරන්න ඉගැන්නුවා
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • යාච්ඤාව වටින දෙයක් විදිහට ඔයා සලකනවාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 12 පරි. 67-71 පි.

12වෙනි පරිච්ඡේදය

යේසුස් යාච්ඤා කරන්න ඉගැන්නුවා

යේසුස් රාත්‍රියකදී තනියම දෙවියන්ට යාච්ඤා කරමින්

ඔයා යෙහෝවා දෙවිට යාච්ඤා කරනවාද?— යාච්ඤා කරනවා කියන්නේ දෙවියන් එක්ක කතා කරන එකයි. දෙවියන් කැමතියි ඔයා එයාත් එක්ක කතා කරනවාට. යේසුත් හුඟක් වෙලාවන්වලදී දෙවිට යාච්ඤා කළා. සමහර වෙලාවලදී එයා කැමති වුණා තනියම දෙවියන් එක්ක කතා කරන්න. ඒ වගේ අවස්ථාවක් ගැන බයිබලයේ මෙහෙම තියෙනවා. ‘යේසුස් යාච්ඤා කරන්න තනිවම කන්දකට ගියා. සවස් වෙලා තිබුණත් එයා එහේ තනිවම හිටියා.’—මතෙව් 14:23.

ඔයාට යෙහෝවා දෙවියන් එක්ක තනියම කතා කරන්න පුළුවන් කොහේ ඉඳන්ද?— රෑට නිදියන්න කලින් ඇඳේ ඉඳන් යෙහෝවා දෙවිට කතා කරන්න පුළුවන්. යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයා යාච්ඤා කරද්දී ඔයාගේ කාමරයට ගිහින් දොර වහගෙන ස්වර්ගයේ ඉඳන් බලන් ඉන්න ඔයාගේ තාත්තාට යාච්ඤා කරන්න.’ (මතෙව් 6:6) ඔයා හැමදාම නිදියන්න කලින් යෙහෝවා දෙවිට යාච්ඤා කරනවාද?— ඔයා ඒක කරන්නම ඕනේ.

ලාසරුස්ගේ සොහොන ළඟ යේසුස් යාච්ඤා කරනවා

යේසුස් තනියම ඉද්දීත් අනිත් අය එක්ක ඉද්දීත් යාච්ඤා කළා

අනිත් අයත් එක්ක ඉද්දීත් යේසුස් යාච්ඤා කළා. යේසුස්ගේ හොඳම යාළුවෙක් වුණු ලාසරුස් මැරුණාට පස්සේ එයාගේ මිනිය තිබුණු තැන හිටපු අයත් එක්කත් යේසුස් යාච්ඤා කළා. (යොහන් 11:41, 42) ගෝලයන් එක්ක රැස් වුණු වෙලාවලදීත් එයා යාච්ඤා කළා. රැස්වීම්වලදී යාච්ඤා කරනකොට ඔයාත් එතැන ඉන්නවාද?— සාමාන්‍යයෙන් රැස්වීම්වලදී යාච්ඤා කරන්නේ වැඩිහිටි කෙනෙක්. එයා අපි හැමෝම වෙනුවෙන් දෙවිට කතා කරන නිසා ඔයා හොඳින් අහගෙන ඉන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් යාච්ඤාව ඉවර වුණාම “ආමෙන්” කියන්න. “ආමෙන්” කියන වචනයේ තේරුම ඔයා දන්නවාද?— ඒකෙන් අදහස් වෙන්නේ යාච්ඤාවෙන් කියපු දේවල් ඉටු වෙනවා දකින්න ඔයාත් කැමතියි කියන එකයි.

රැස්වීමේදී කරන යාච්ඤාවට පවුලක් හොඳින් සවන් දෙමින්

රැස්වීම්වලදී කරන යාච්ඤාවලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනෙ ඇයි?

කෑම කන්න කලිනුත් යේසුස් යාච්ඤා කළා. කෑම දීපු එකට එයා යෙහෝවා දෙවිට ස්තුතියි කිව්වා. ඔයාත් කෑම කන්න කලින් යාච්ඤා කරනවාද?— කෑම දුන්නාට යෙහෝවා දෙවිට ස්තුතියි කියන එක හුඟක් හොඳ දෙයක්. කට්ටියක් එකතු වෙලා කෑම කද්දී සමහරවිට එක් කෙනෙක් හැමෝම වෙනුවෙන් යාච්ඤා කරයි. හැබැයි කෑම කද්දී ඉන්නේ ඔයා විතරක් නම් මොකද කරන්නේ? යෙහෝවා දෙවිට ස්තුති කරන්නේ නැති කට්ටියක් එක්ක ඔයා කෑමක් කනවා නම් මොකද කරන්නේ?— ඒ වගේ වෙලාවලදී ඔයා තනියම යාච්ඤා කරන්න ඕනේ.

ඔයා හැම තිස්සෙම අනිත් අයට ඇහෙන්න යාච්ඤා කරන්න ඕනෙද? ඔයාට විතරක් ඇහෙන්න යාච්ඤා කළත් යෙහෝවා දෙවිට ඇහෙනවාද?— ඒක තේරුම්ගන්න අපි නෙහෙමියා කරපු දෙයක් බලමු. එයා යෙහෝවා දෙවිට නමස්කාර කරපු කෙනෙක්. එයා වැඩ කළේ අර්තක්ෂස්තා රජගේ මාලිගාවේ. දවසක් එයාට දැනගන්න ලැබුණා එයාගේ ජාතියට අයිති සෙනඟ ජීවත් වුණු යෙරුසලමේ තාප්ප කඩලා දාලා කියලා. ඒ ගැන එයා හුඟක් දුක් වුණා.

නෙහෙමියා හිතෙන් යාච්ඤා කරනවා; ළමයෙක් පාසලේදී කෑම කන්න කලින් හිතෙන් දෙවිට යාච්ඤා කරමින්

නෙහෙමියා වගේ හිතින් යාච්ඤා කරන්න පුළුවන් මොන වෙලාවටද?

නෙහෙමියා දුකින් ඉන්නේ ඇයි කියලා රජතුමා එයාගෙන් ඇහුවාම එයා ඒ වෙලාවේ අනිත් අයට ඇහෙන්නේ නැති විදිහට යාච්ඤාවක් කළා. ඊටපස්සේ එයා දුකින් ඉන්නේ ඇයි කියලා රජට කිව්වා. ඒ වගේම යෙරුසලමට ගිහින් කැඩිලා තියෙන තාප්ප හදන්න අවසර දෙනවාද කියලත් ඇහුවා. ඔයා දන්නවාද ඊටපස්සේ මොකද වුණේ කියලා?—

නෙහෙමියාගේ යාච්ඤාවට දෙවියන් උත්තර දුන්නා. රජතුමා එයාට කිව්වා යෙරුසලමට යන්න කියලා. යෙරුසලමේ තාප්ප හදන්න ඇති තරම් ලී දෙන්නත් රජතුමා කැමති වුණා. ඒකෙන් අපිට තේරෙනවා හිතින් කරන යාච්ඤා වුණත් දෙවියන් අහනවා කියලා.—නෙහෙමියා 1:2, 3; 2:4-8.

අපි යාච්ඤා කරද්දී ඔළුව පහත් කරන්න ඕනෙද? දණ ගහන්න ඕනෙද? ඔයා ඒ ගැන මොකක්ද හිතන්නේ?— යේසුස් දණ ගහගෙනත් යාච්ඤා කළා. හිටගෙනත් යාච්ඤා කළා. ලාසරුස්ට ආපහු ජීවිතය දීපු වෙලාවේ යේසුස් යාච්ඤා කළේ ස්වර්ගය දිහා බලාගෙනයි.

ඒකෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?— යාච්ඤා කරද්දී ඉන්න ඕන විශේෂ ඉරියව්වක් නැහැ. ඇස් දෙක වහලා ඔළුව පහත් කරගෙන යාච්ඤා කරන්න පුළුවන්. දණ ගහගෙනත් යාච්ඤා කරන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි අපේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙනවා කියලා විශ්වාස කරන එක. අපි කොයි වෙලාවේ යාච්ඤා කළත් දෙවියන් ඒ යාච්ඤා අහනවා. ඔයාගේ යාච්ඤා දෙවියන් අහනවා කියලා ඔයාට විශ්වාසද?—

දරුවෙක් එයාගේ ඇඳ ගාව ඉදන් දනගහගෙන යාච්ඤා කරනවා

යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

යාච්ඤා කරද්දී ඔයාට මොනවා ගැනද කියන්න පුළුවන්?— යෙහෝවා දෙවියන් අපිට හුඟක් හොඳ දේවල් දීලා තියෙනවා නේද? ඒ ගැන දෙවිට ස්තුතියි කියන එක හොඳ නැද්ද?— අපිට කන්න කෑම දෙන එක ගැන ස්තුතියි කියන්න පුළුවන්. අපිට පේන මේ ලස්සන අහස, ගහ කොළ, පාට පාට මල් දුන්නාට ඔයා දෙවිට ස්තුතියි කියනවාද?—

දවසක් ගෝලයෝ යේසුස්ට කිව්වා යාච්ඤා කරන විදිහ එයාලාට උගන්වන්න කියලා. ඉතිං යේසුස් ඒ ගැන ඉගැන්නුවා. යාච්ඤා කරන්න ඕන වැදගත්ම දේවල් ගැනත් කියලා දුන්නා. ඔයා දන්නවාද ඒ මොනවාද කියලා?— ඔයාගේ බයිබලය අරන් මතෙව් 6වෙනි පරිච්ඡේදයට පෙරළගන්න. 9වෙනි ඡේදයේ ඉඳලා 13වෙනි ඡේදය වෙන කල් කියෙව්වොත් ඒ දේවල් ගැන දැනගන්න පුළුවන්. අපි දැන් ඒක කියවමු.

මුලින්ම, දෙවිගේ නම හැමදාම ශුද්ධව තියෙන්න ඕනෙ කියලා යාච්ඤා කරන්න යේසුස් ඉගැන්නුවා. දෙවිගේ නම මොකක්ද?— ඔව්, යෙහෝවා තමයි දෙවිගේ නම. අපි හැමෝම ඒ නමට හුඟක් ආදරේ කරන්න ඕනේ.

යේසුස් දෙවෙනියට ඉගැන්නුවේ දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියලා යාච්ඤා කරන්න කියලයි. සාමය ඇති කරලා මුළු පොළොවම පාරාදීසයක් කරන්නේ දෙවිගේ රාජ්‍යයෙන්. ඒ නිසා ඒ රාජ්‍යය හරිම වැදගත් දෙයක්.

තුන්වෙනියට, ස්වර්ගයේ වගේ මේ පොළොවෙත් දෙවියන් කැමති දේ වෙන්න ඕනෙ කියලා යාච්ඤා කරන්න යේසුස් ඉගැන්නුවා. අපි ඒ ගැන යාච්ඤා කරනවා නම් දෙවියන් කැමති දේවල් තමයි අපි කරන්න ඕනේ.

ඊළඟට යේසුස් ඉගැන්නුවේ අපිට දවස ගානේ ඕන කරන කෑම ඉල්ලලා යාච්ඤා කරන්න කියලයි. අපේ අතින් වුණු වැරදිවලට සමාව ඉල්ලන්න කියලත් යේසුස් කිව්වා. හැබැයි දෙවියන් අපේ වැරදිවලට සමාව දෙන්නේ අපි අනිත් අයට සමාව දෙනවා නම් විතරයි. කවුරු හරි ඔයාට වරදක් කළොත් එයාට සමාව දෙන්න ඔයාට පුළුවන්ද?—

අන්තිමට යේසුස් ඉගැන්නුවේ දුෂ්ටයාගෙන් ඒ කියන්නේ යක්ෂයාගෙන් අපිව ආරක්ෂා කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න කියලයි. දෙවියන්ට යාච්ඤා කරද්දී ඒ හැම දෙයක් ගැනම කියන එක කොච්චර හොඳ දෙයක්ද!

දෙවියන් අපේ යාච්ඤා අහනවා කියලා අපි විශ්වාස කරන්න ඕනේ. අපිට උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලනවා වගේම දෙවිට ස්තුතියි කියන්නත් අපි අමතක කරන්න හොඳ නැහැ. අපේ හිතට දැනෙන දේවල් අපි අවංකව දෙවිට කියද්දී එයා හුඟක් සතුටු වෙනවා. අපි ඉල්ලන්නේ දෙවියන් කැමති දේවල් නම් දෙවියන් අපිට ඒ දේවල් දෙයි. ඔයාට ඒක විශ්වාසද?—

යාච්ඤා කරන එක ගැන තවත් තොරතුරු දැනගන්න අපි මේ බයිබල් පද කියවලා බලමු. රෝම 12:12; 1 පේතෘස් 3:12; 1 යොහන් 5:14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න