ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 14 පරි. 77-81 පි.
  • අපි සමාව දෙන්න ඕන ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි සමාව දෙන්න ඕන ඇයි?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • සමාව දීම කොයි තරම් වැදගත්ද?
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාව දීම පිළිබඳ පාඩමක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • හද පත්ලෙන්ම සමාව දෙමු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔවුන් ‘නොකඩවා බැටළු පැටවා පසුපස යයි’
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 14 පරි. 77-81 පි.

14වෙනි පරිච්ඡේදය

අපි සමාව දෙන්න ඕන ඇයි?

කවුරු හරි ඔයාගේ හිත රිදෙන දෙයක් කරලා හරි කියලා හරි තියෙනවාද?— ඔයාත් එයාට ඒ විදිහටම සලකන එක හරිද?—

හුඟක් අය තමන්ව රිද්දපු අයගෙන් පළිගන්නවා. හැබැයි යේසුස් කිව්වේ ඒ අයට සමාව දෙන්න කියලයි. (මතෙව් 6:12) කෙනෙක් කිහිප සැරයක්ම අපේ හිත රිද්දුවොත් එයාට කී පාරක් සමාව දෙන්න ඕනෙද?—

පේතෘස්ටත් ඒ ගැන දැනගන්න ඕන වුණා. ඒ නිසා එයා යේසුස්ගෙන් ඇහුවා ‘හත් පාරක් සමාව දුන්නොත් ඇතිද’ කියලා. එතකොට යේසුස් එයාට කිව්වේ ‘හැත්තෑහත් පාරක් සමාව දෙන්න’ කියලයි.

පේතෘස් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අහනවා

සමාව දෙන එක ගැන පේතෘස්ට දැනගන්න ඕන වුණේ මොනවාද?

හැත්තෑහත් පාරක් කියන්නේ ලොකු ගාණක්. කෙනෙක් අතින් අපිට ඒ තරම් වැරදි වුණොත් අපිට ඒවා මතක තියෙන එකකුත් නැහැ නේද? ඒකෙන් අපිට තේරුම්ගන්න පුළුවන් යේසුස් කියන්න හදන දේ මොකක්ද කියලා. අනිත් අය අපිට කරන වැරදි අපි මතක තියාගෙන ඉන්න හොඳ නැහැ. කවුරු හරි අපෙන් සමාව ඉල්ලුවොත් අපි එයාට සමාව දෙන්න ඕනේ.

යේසුස්ට ඕන වුණේ සමාව දෙන එක කොයි තරම් වැදගත්ද කියලා ගෝලයන්ට පැහැදිලි කරන්න. ඒ නිසා පේතෘස් අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නාට පස්සේ යේසුස් කතන්දරයක් කිව්වා. ඔයා කැමතිද ඒක දැනගන්න?—

එකමත් එක කාලෙක හරිම කරුණාවන්ත රජ කෙනෙක් හිටියා. එයාගේ දාසයන්ට අමාරු කාලවල් ආවාම එයා ඒ අයට ණයට සල්ලි දුන්නේ කැමැත්තෙන්මයි. හැබැයි දවසක් රජ ඒ දාසයන්ගෙන් ණය සල්ලි ඉල්ලුවා. එක දාසයෙක් ඩිනාරි ලක්ෂ 600ක් ණය වෙලා තිබුණා. ඒ කියන්නේ ලොකු ගාණක්.

දාසයෙක් රජුගෙන් මුදල් ගෙවන්න කල් ඉල්ලලා බැගෑපත් වුණා.  ඒත් එයාට බැගෑපත් වුණු තවත් දාසයෙක්ට එයා හොඳටම පහර දුන්නා.

දාසයා ණය ගෙවන්න රජගෙන් තව කල් ඉල්ලුවාම සිද්ධ වුණේ මොනවාද?

ඒ දාසයා ඒ වෙද්දී ණයට ඉල්ලගත්ත සල්ලි ඔක්කොම වියදම් කරලායි තිබුණේ. ඒ නිසා රජ දාසයාට කිව්වා ඒ දාසයාවත් එයාගේ බිරිඳවත් දරුවන්වත් එයාගේ අනිත් හැම දෙයක්මත් විකුණලා ණය සල්ලි ගෙවන්න කියලා. ඒ ගැන ඒ දාසයාට කොහොම හිතෙන්න ඇද්ද?—

එයා රජ ඉදිරියේ බිම වැටිලා බැගෑපත් විදිහට මෙහෙම කිව්වා. ‘අනේ, මට තව කල් දෙන්න. මම ඒ ඔක්කොම ගෙවන්නම්.’ ඔයා ඒ රජ නම් ඒ වෙලාවේ ඔයා මොනවා කරයිද?— රජට ඒ දාසයා ගැන හුඟක් දුක හිතුණා. ඒ නිසා රජ එයාට සමාව දීලා කිව්වා ඒ ණය සල්ලි ගෙවන්න ඕනෙ නැහැ කියලා. දාසයාට කොච්චර සතුටු හිතෙන්න ඇද්ද!

ඊටපස්සේ ඒ දාසයා එයාට ඩිනාරි 100ක් ණය වෙලා හිටිය දාසයෙක්ව හොයාගෙන ගියා. එයාගේ බෙල්ල මිරිකලා ‘මගේ ණය ගෙවන්න’ කියලා එයා කිව්වා. රජගෙන් සමාව ලැබිලා තියෙද්දීත් ඒ දාසයා එහෙම කරයි කියලා හිතන්නවත් පුළුවන්ද?—

දාසයෙක් තවත් දාසයෙක්ට සමාව නොදී හිරේ දැම්මා

සමාව ලබපු දාසයා ණය ගෙවාගන්න බැරි වුණු දාසයාට සැලකුවේ කොහොමද?

ඩිනාරි 100ක් ණය වෙලා හිටිය දාසයා හරිම දුප්පත්. ණය සල්ලි ගෙවන්න එයාට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා එයා දණින් වැටිලා මෙහෙම කිව්වා. ‘අනේ මට තව කල් දෙන්න. ණය සල්ලි මං ගෙවන්නම්.’ ණය සල්ලි අයිති කෙනා මේ දාසයාට තව කාලයක් දෙයිද?— ඒ සල්ලි අයිති ඔයාට නම් ඔයා මොනවා කරයිද?—

රජ මේ දාසයාට කාරුණිකව සැලකුවත් එයා නම් එහෙම කළේ නැහැ. ණය වෙලා හිටිය දාසයාව එයා හිරේ දැම්මා. ඒක දැකපු අනිත් දාසයන් හුඟක් දුක් වුණා. ඒ නිසා ඒ අය සිද්ධ වුණු දේ ගැන රජට කිව්වා.

එතකොට රජට හුඟක් කේන්ති ගියා. එයා ඒ නපුරු දාසයාට කතා කරලා මෙහෙම කිව්වා. ‘ඔයා හරිම දුෂ්ට දාසයෙක්. මං ඔයාට සමාව දීලා ඔයාගේ ණය සල්ලි එපා කිව්වා නේද? ඔයාත් ඔයාගේ දාසයාට ඒ විදිහටම සලකන්න තිබුණා නේද?’

සමාව දුන්නේ නැති දාසයාව රජ හිරේට දැම්මා

සමාව දීපු නැති දාසයාට රජ කළේ මොනවාද?

හරි නම් ඒ දුෂ්ට දාසයාට තිබුණා රජ එයාට සලකලා තිබුණු විදිහටම එයාගේ දාසයාටත් සලකන්න. ඒත් එයා එහෙම කළේ නැහැ. ඒ නිසා ඒ දාසයා ණය වෙලා තිබුණු ඩිනාරි ලක්ෂ 600 ගෙවන කල්, රජ එයාව හිරේ දැම්මා. හිරේ ඉඳන් කවදාවත් එයාට ඒ ණය ගෙවන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මැරෙන කල්ම එයාට හිරේ තමයි ඉන්න වෙන්නේ.

ඒ කතන්දරේ කියලා ඉවර වුණාට පස්සේ යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයාලාත් ඔයාලාගේ සහෝදරයාට මුළු හදවතින්ම සමාව දෙන්නේ නැත්නම් ස්වර්ගයේ ඉන්න මගේ තාත්තාත් ඒ විදිහටම ඔයාලාට සලකයි.’—මතෙව් 18:21-35.

අපි හැමෝම දෙවිට ණයයි. අපිට ජීවිතය ලැබිලා තියෙන්නේ දෙවිගෙන්. ඒ නිසා අපි දෙවිට කොච්චර ණයද කියලා කල්පනා කරද්දී ඇත්තටම අනිත් අය අපිට ණය වෙලා තියෙන්නේ හරිම ටිකයි. හරියට ඩිනාරි 100ක් ණය වෙලා හිටිය දාසයා වගෙයි. හැබැයි අපි අතින් වෙන වැරදි නිසා අපි දෙවිට කොච්චර ණය වෙලා තියෙනවාද කියනවා නම් අපි හරියට ඩිනාරි ලක්ෂ 600ක් ණය වෙලා හිටිය දාසයා වගෙයි.

දෙවි හරිම කරුණාවන්ත කෙනෙක්. අපි අතින් වැරදි වුණාම දෙවියන් ඒ වෙනුවෙන් අපේ ජීවිතයෙන් වන්දි ගෙවන්න කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට අපිට සමාව දෙනවා. හැබැයි අපි මේ දේ මතක තියාගන්න ඕනේ. දෙවි අපිට සමාව දෙන්නේ අපිට වැරදි කරන අයට අපිත් සමාව දෙනවා නම් විතරයි. ඒක හරිම වැදගත් පාඩමක් නේද?—

ළමයෙක් සෙල්ලම් බඩුවක් තමන්ගේ අතින් කැඩුණ නිසා අනිත් ළමයාගෙන් සමාව ඉල්ලනවා

කෙනෙක් ඔයාගෙන් සමාව ඉල්ලුවොත් ඔයා කරන්නේ මොනවාද?

කවුරු හරි කෙනෙක් ඔයාගේ හිත රිදෙන දෙයක් කළත් පස්සේ ඒ ගැන එයා සමාව ඉල්ලුවොත් ඔයා එයාට සමාව දෙනවාද?— ඒ වැරැද්ද එයා අතින් කිහිප සැරයක්ම වුණොත් ඔයා දිගටම එයාට සමාව දෙනවාද?—

කාට හරි අපි අතින් එකම වැරැද්ද කිහිප සැරයක්ම වුණොත් එයා අපිට සමාව දෙනවාට අපි ආසයි නේද?— ඒ නිසා අපිත් ඒ දේම අනිත් අයටත් කරන්න ඕනේ. සමාව දෙනවා කියලා කියන එක විතරක් මදි, අපි මුළු හදවතින්ම සමාව දෙන්න ඕනේ. අපි එහෙම කරනවා නම් ඇත්තටම යේසුස්ගේ ගෝලයන් වෙන්න අපි ආසයි කියලා ඒකෙන් ඔප්පු වෙනවා.

සමාව දෙන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න උදව් වෙන මේ බයිබල් පද ටික අපි දැන් කියවලා බලමු. හිතෝපදේශ 19:11; මතෙව් 6:14, 15; ලූක් 17:3, 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න