ඔයාට ආදර්ශයක්—ෂූලම්මීය ළඳ
හැඟීම්වලට වහල් වුණොත් හොඳට හිතලා බලලා ගත්ත තීරණයක් වුණත් වෙනස් කරන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන් කියලා ෂූලම්මීය තරුණිය තේරුම් අරගෙන හිටියා. එයාගේ යාළුවන්ට එයා මෙහෙම කිව්වේ ඒ නිසයි. “මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න. ඔබ එසේ නොකරන බවට මට දිවුරා පොරොන්දු වන්න.” අනිත් අයගේ බලපෑම නිසා එයාට ගැළපෙන්නේ නැහැ කියලා දන්න කෙනෙකුගේ යෝජනාවකට වුණත් කැමති වෙන්න එයා පෙලඹෙන්න පුළුවන් කියලා එයා දැනගෙන හිටියා. නැත්නම් එයාගේම හිතට රැවටිලා එයා වැරදි තීරණයක් ගන්න ඉඩ තියෙනවා කියලත් එයා තේරුම් අරන් හිටියා. “පවුරක්” වගේ ස්ථිරව ඉන්න ෂූලම්මීය තරුණිය තීරණය කළේ ඒ නිසයි.—සලමොන්ගේ ගීතිකාව 8:4, 10.
කෙනෙක් එක්ක යාළු වෙන එක ගැන හිතද්දී ඔයාත් ෂූලම්මීය තරුණිය වගේ ක්රියා කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවාද? ඔයාට පුළුවන් වෙයිද හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව හොඳට හිතලා බලලා තීරණයක් ගන්න? (හිතෝපදේශ 2:10, 11) සමහරවිට කෙනෙක් එක්ක යාළු වෙන්න කියලා අනිත් අය ඔයාට බලපෑම් කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේම හිතට රැවටිලා ඔයා කෙනෙක් එක්ක යාළු වෙන්න පෙලඹෙන්න පුළුවන්. යාළු වෙලා ඉන්න දෙන්නෙක්ව දැක්කාම ඔයාටත් හිතෙනවාද ‘මටත් කෙනෙක් හිටියා නම් හොඳයි’ කියලා? යාළු වෙන්න තියෙන ආසාව නිසා බයිබලයේ තියෙන ප්රතිපත්ති රකින්නේ නැති කෙනෙක් එක්ක වුණත් ඔයා සම්බන්ධයක් පටන්ගන්නවාද? මේ දේ මතක තියාගන්න. හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව හරි තීරණයක් ගන්න ෂූලම්මීය තරුණියට පුළුවන් වුණා නම් ඔයාටත් ඒ දේ කරන්න පුළුවන්.