ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 22 කොටස 25 පි.
  • යේසුස්ගේ ගෝලයෝ නිර්භීතව දේශනා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ගේ ගෝලයෝ නිර්භීතව දේශනා කරයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • යේසුස් සාවුල්ව තෝරගනියි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සභාවට “සාමකාමී කාලයක් උදා වුණා”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • යේසුස් දෙවිගේ දකුණු පැත්තේ
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 22 කොටස 25 පි.
යේසුස්ගේ නියෝජිතයෝ යුදෙව් මහාධිකරණය ඉදිරියේ කතා කරනවා

22වන පාඩම

යේසුස්ගේ ගෝලයෝ නිර්භීතව දේශනා කරයි

බොහෝ පීඩා හමුවේ පවා ක්‍රිස්තියානි සභාව දිනෙන් දින වර්ධනය වෙයි

යේසුස්ව ස්වර්ගයට ඔසවාගැනීමෙන් දවස් දහයකට පසු එනම්, ක්‍රි.ව. 33 යුදෙව්වරුන්ගේ උත්සවයක් වූ පෙන්තකොස්ත දවසේදී ගෝලයෝ 120දෙනෙක් යෙරුසලමේ නිවසක රැස් වුණා. ඒ අවස්ථාවේදී තද සුළඟක් හමන ශබ්දයක් ඔවුන් සිටි නිවස පුරා පැතිර ගියා. ඒ මොහොතේදී රැස්ව සිටි ගෝලයෝ ඔවුන් නොදන්නා විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා. ඒ ආශ්චර්යවත් සිදුවීමට හේතුව කුමක්ද? ඊට හේතුව ඔවුන්ට දෙවිගේ බලය ලැබීමයි.

පෙන්තකොස්ත උත්සවයට සහභාගි වීම සඳහා සෙනඟ විවිධ දේශවලින් එදින යෙරුසලමට පැමිණ සිටියා. යේසුස්ගේ ගෝලයන් සිටි නිවසින් ඇසුණු ශබ්දය නිසා ඒ අවට විශාල සෙනඟක් එක් රොක් වුණා. විවිධ භාෂා කතා කළ ඒ සෙනඟව අමතමින් යේසුස්ගේ ගෝලයන් ඒ ඒ භාෂාවලින් කතා කරද්දී ඔවුන් පුදුම වුණා. ඒ අවස්ථාවේදී යේසුස්ගේ ගෝලයෙක් වූ පේතෘස් අනාගතවක්තෘ යෝවෙල් කලින් පවසා තිබූ දෙයකට යොමු දක්වමින් සිදු වී ඇති දේ පැහැදිලි කළා. ඔහු පැවසුවේ දෙවිතම, “බලය නොඅඩුව” ලබා දී තිබෙන අතර ඒ බලයෙන් විවිධ ආශ්චර්යවත් දේ කිරීමට හැකි බවයි. (යෝවෙල් 2:28, 29) දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ ඒ අවස්ථාවේ ඉතා වැදගත් දෙයක් හෙළි වුණා. එනම් දෙවි ඊශ්‍රායෙල් ජාතියව ප්‍රතික්ෂේප කර යේසුස්ගේ ගෝලයන්ගෙන් සෑදුණු අලුත් ක්‍රිස්තියානි සභාව පිළිගෙන ඇති බවයි. එමගින් පැහැදිලි වන්නේ කෙනෙකු කරන නමස්කාරය දෙවි පිළිගැනීමට නම් ඔහු යේසුස්ගේ ගෝලයෙකු විය යුතු බවයි.

අලුතින් සෑදුණු ක්‍රිස්තියානි සභාවේ සිටි අයට බොහෝ විරුද්ධවාදිකම් පැමිණි අතර සමහරුන්ව සිරභාරයට පවා ගත්තා. නමුත් එක් අවස්ථාවකදී දේවදූතයෙක් පැමිණ සිරගෙයි දොරවල් විවෘත කර එහි සිටි ගෝලයන්ට පිටතට ගොස් දේශනා කිරීමේ වැඩය දිගටම කරන්න කියා පැවසුවා. ඔවුන් පාන්දරින්ම දේශනා කරන්න පටන්ගත්තා. ඔවුන් දෙවිගේ ගෘහයට ගොස් යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කළා. නමුත් ඉතා කෝපයෙන් සිටි ආගමික නායකයන් දේශනා කිරීමේ වැඩය නතර කරන ලෙස ඔවුන්ට නියෝග කළා. ඒ අවස්ථාවේ යේසුස්ගේ ගෝලයෝ ඉතා නිර්භීතව මෙසේ පැවසුවා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:28, 29.

පීඩා තව තවත් උග්‍ර වුණා. යේසුස්ගේ ගෝලයෙකු වූ ස්තේපන් දෙවිට අපහාස කරන්නෙකු කියා චෝදනා කර යුදෙව්වරුන් පිරිසක් ඔහුට ගල් ගසා ඔහුව මරණයට පත් කළා. ටාසස් නම් නගරයේ වැසියෙකු වූ සාවුල්ද ඊට සහයෝගය දැක්වූවා. ඉන්පසු ඔහු යේසුස්ගේ ගෝලයන්ව අත්අඩංගුවට ගැනීම සඳහා දමස්කයට ගියා. ඔහු යන අතරමඟදී අහසින් පැමිණි ආලෝකයක් ඔහු වටා විහිදී ගිය අතර මෙසේ පවසන කටහඬක් ඔහුට ඇසුණා. ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි?’ ඒ ආලෝකයේ දීප්තිය නිසා සාවුල් අන්ධ වුණා. ඔහු, “ස්වාමීනි, ඔබ කවුද” කියා ඇසුවා. එවිට ඒ කටහඬ, “මම යේසුස්” කියා පිළිතුරු දුන්නා.—ක්‍රියා 9:3-5.

දවස් තුනකට පසු යේසුස් තම ගෝලයෙකු වූ අනනියස්ව සාවුල්ගේ පෙනීම නැවත ලබා දීම සඳහා පිටත් කර යැව්වා. ඉන්පසු සාවුල් බව්තීස්ම වී යේසුස් ගැන ශුභාරංචිය ඉතා නිර්භීතව දේශනා කළා. පසු කාලයක පාවුල් ලෙස හැඳින්වූ සාවුල් ක්‍රිස්තියානි සභාවේ මහත් උද්‍යෝගයෙන් සේවය කළ සාමාජිකයෙක් බවට පත් වුණා.

යේසුස්ගේ ගෝලයෝ දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය මුලින්ම දේශනා කළේ යුදෙව්වරුන්ට හා සමරිතානු ජාතිකයන්ට පමණයි. නමුත් පසු කාලයක දෙවි කෙරෙහි ගරුබියක් තිබූ රෝම හමුදා නිලධාරියෙක් වූ කොර්නේලියස් වෙතට දේවදූතයෙක් පැමිණ පේතෘස්ව ඔහුගේ නිවසට කැඳවන ලෙස පැවසුවා. තවත් පිරිසක් සමඟ පැමිණි පේතෘස් කොර්නේලියස්ට සහ ඔහුගේ නිවසේ සිටි අයට දේශනා කළා. ඒ අවස්ථාවේදී දෙවිගේ බලය යුදෙව්වන් නොවූ ඔවුන් තුළ ක්‍රියාත්මක වුණා. පසුව යේසුස්ගේ නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න කියා පේතෘස් පැවසුවා. එතැන් සිට සදාකාල ජීවනය ලබාගැනීමේ ප්‍රස්තාව වෙනත් ජාතීන්ටත් විවෘත වුණා. ශුභාරංචිය දුර ඈත දේශවල විසූ මිනිසුන්ට දේශනා කරන්න ක්‍රිස්තියානි සභාව සූදානමින් සිටියා.

—ක්‍රියා 1:1–11:21.

  • පෙන්තකොස්ත දවසේදී සිදු වුණේ කුමක්ද?

  • යේසුස්ගේ ගෝලයන් කළ දේශනා සේවයට විරුද්ධවාදීන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

  • සෑම ජාතියකටම අයත් සෙනඟට සදාකාල ජීවනය ලබාගැනීමේ ප්‍රස්තාව විවෘත වුණේ කෙසේද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න