ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 23 කොටස 26 පි.
  • ශුභාරංචිය දසත පැතිරෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශුභාරංචිය දසත පැතිරෙයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • ධෛර්යවත් වෙන්න, යෙහෝවා දෙවියන් ඔයාගේ උදව්වට ඉන්නවා
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාලකයන් ඉදිරියේ ඔහු ශුභාරංචිය වෙනුවෙන් කතා කළා
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “සිද්ධ වුණ දේවල් පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • ‘මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි’
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 23 කොටස 26 පි.
පාවුල් ඇතන්ස්වලදී කතාවක් දෙමින්

23වන පාඩම

ශුභාරංචිය දසත පැතිරෙයි

දේශනා සේවය සඳහා පාවුල් බොහෝ තැන්වලට යයි

පාවුල් ක්‍රිස්තියානියෙකු බවට පත් වූ පසු මහත් උද්‍යෝගයකින් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කළා. කලක් ක්‍රිස්තියානීන්ට පීඩා කළ පාවුල්ටත් පීඩා රැසකට මුහුණ දීමට සිදු වුණා. නමුත් වෙහෙස මහන්සි නොබලා සේවය කළ ඔහු, දුර ඈත ප්‍රදේශවලට ගොස් දෙවිගේ මුල් අරමුණ ඉටු කරන දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළා.

දේශනා සේවය සඳහා පාවුල් ගිය පළමු සංචාරයේදී උපන් දවසේ පටන් කොරව සිටි එක් මිනිසෙකුව ලිස්ත්‍රාව නම් නගරයේදී සුව කළා. එය දුටු වැසියන් පාවුල් සහ ඔහු සමඟ සංචාරයට හවුල් වූ බානබස් දෙවිවරුන් කියා කෑගැසුවා. සෙනඟ ඔවුන්ට පුද පූජා ඔප්පු කිරීමට උත්සාහ කරද්දී ඔවුන් එය වළක්වාගත්තේ ඉතා අමාරුවෙනුයි. නමුත් පාවුල්ගේ සතුරන් කිහිපදෙනෙක් පැමිණ ඒ සෙනඟව පාවුල්ට විරුද්ධව උසිගැන්වූ නිසා සෙනඟ පාවුල්ට ගල් ගසා ඔහු මිය ගොස් ඇතැයි සිතා ඔහුව අත්හැර ගියා. එයින් දිවි ගලවාගත් පාවුල්, පසු අවස්ථාවක නැවතත් ඒ නගරයට ගොස් එහි සිටි ක්‍රිස්තියානීන්ව දිරිගැන්වූවා.

එක් අවස්ථාවකදී ක්‍රිස්තියානීන් බවට පත් වූ යුදෙව්වරුන්ගෙන් සමහරදෙනෙක් යුදෙව් නොවන ක්‍රිස්තියානීනුත් මෝසෙස්ට දුන් නීතිය පිළිපැදිය යුතුයි කියා වාද කරමින් සිටියා. පාවුල් එම ප්‍රශ්නය ගැන යේසුස්ගේ මුල් ගෝලයන්ට හා වෙනත් වැඩිමහල්ලන්ට දන්වන පිණිස යෙරුසලමට ගියා. තීරණයක් ගැනීම සඳහා ඔවුන් ශුද්ධ ලියවිලි හොඳින් සෝදිසි කර බැලුවා. ඉන්පසු ඔවුන් දෙවිගේ මඟ පෙන්වීමට එකඟව රූපවලට නමස්කාර කිරීමෙන්ද ලේ හා ලේ ඉවත් නොකළ සතුන්ව ආහාරයට ගැනීමෙන්ද අනාචාරයෙන්ද වළකින ලෙස ලිපි මාර්ගයෙන් ක්‍රිස්තියානි සභාවන්ට දැන්වූවා. ඒවා ‘අත්‍යවශ්‍ය දේවල්’ ලෙස ඔවුන් හැඳින්වූ අතර මෝසෙස්ට දුන් නීතිය පිළිපැදීම අත්‍යවශ්‍ය දෙයක් නොවන බව ඔවුන් පැවසුවා.—ක්‍රියා 15:28, 29.

පාවුල් ගිය දෙවෙනි සංචාර ගමනේදී ඔහු ග්‍රීසියේ පිහිටා ඇති බෙරීය නම් නගරයට ගියා. එහි ජීවත් වූ යුදෙව්වරුන් පාවුල් ඉගැන්වූ දේවලට මහත් උනන්දුවකින් සවන් දී ඔහු පැවසූ දේවල් සැබෑද කියා බැලීමට දිනපතා ශුද්ධ ලියවිලි හොඳින් අධ්‍යයනය කළා. නැවත වතාවක් විරුද්ධවාදිකම් පැමිණි නිසා පාවුල්ට එතැනින් පිටත්ව ඇතන්ස් නගරයට යෑමට සිදු වුණා. එහි සිටි උගතුන් පිරිසක් ඉදිරියේ තර්කානුකූලව ගොඩනැඟූ ප්‍රබල කතාවක් පාවුල් ඉදිරිපත් කළා. ඔහු ඉතා දක්ෂ ලෙස එය ඉදිරිපත් කළේ ඊට සවන් දුන් අය ගැන හොඳ අවබෝධයක් ඇතුවයි.

පාවුල්ගේ තුන්වෙනි සංචාර ගමනින් පසු ඔහු යෙරුසලමට ගියා. එහි තිබූ දෙවිගේ ගෘහයට ඔහු ගිය විට යුදෙව්වරුන් කණ්ඩායමක් කෝලහලයක් ඇති කරමින් ඔහුව මරන්න තැත් කළා. ඊට මැදිහත් වූ රෝම සෙබළුන් ඔහුගෙන් ප්‍රශ්න කළා. රෝම පුරවැසියෙක් වූ පාවුල්, පසු කාලයකදී රෝම ආණ්ඩුකාරයෙක් වූ ෆීලික්ස් ඉදිරියේ තම නිදොස්භාවයට කරුණු ඉදිරිපත් කළා. නමුත් පාවුල්ට විරුද්ධව කළ චෝදනා ඔප්පු කිරීමට විරුද්ධවාදීන්ට කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. තවත් රෝම ආණ්ඩුකාරයෙක් වූ ෆෙස්ටස්, පාවුල්ව යුදෙව්වරුන් අතට භාර දීමට තැත් කරද්දී පාවුල් ඔහුට මෙසේ පැවසුවා. “මම දැන් කියා සිටින්නේ මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍ය බවයි!” එවිට ෆෙස්ටස්, “ඔබව සීසර් වෙතට යවනවා” කියා පාවුල්ට පැවසුවා.—ක්‍රියා 25:11, 12.

කේන්තියෙන් කෝලහල කරන පිරිසගෙන් බේරිලා යන්න රෝම හමුදාව පාවුල්ට උපකාර කරමින්

ඒ නඩු විභාගය සඳහා පාවුල්ව නැවකින් ඉතාලියට ගෙන ගියා. ගමන අතරමඟදී නැව මුහුදුබත් වූ නිසා පාවුල්ට මුළු ශීත කාලයම මෝල්ටාව නම් දූපතේ ගත කිරීමට සිදු වුණා. දිගු ගමනකින් පසු රෝමයට පැමිණි පාවුල්, අවුරුදු දෙකක් පුරා කුලී නිවසක ජීවත් වුණා. ඔහු මුරකරුවන් භාරයේ සිටියත් ඔහුව හමු වීමට පැමිණි අයට මහත් උද්‍යෝගයකින් දිගටම දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළා.

—ක්‍රියා 11:22–28:31.

  • පාවුල් ලිස්ත්‍රාවේ සිටි කොර මිනිසෙකුව සුව කළ පසු සිදු වූයේ කුමක්ද?

  • මෝසෙස්ට දුන් නීතිය පිළිපැදීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නය නිරාකරණය කළේ කෙසේද?

  • පාවුල්ව රෝමයට ගෙන ගියේ කුමන හේතුව නිසාද? එහි සිටියදී ඔහු කළේ කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න