ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 4 කොටස 10-11 පි.
  • සැබෑ දෙවියන් කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ දෙවියන් කවුද?
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • සමාන තොරතුරු
  • ඔබට උපකාර කරන්න දේවදූතයන්ට හැකි අන්දම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මහජන සේවය සඳහා වූ” දේවදූතයන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයෝ සහ අපි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයන් කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 4 කොටස 10-11 පි.

4වන කොටස

සැබෑ දෙවියන් කවුද?

මිනිස්සු, හුඟාක් දෙවිවරුන්ට නමස්කාර කරනවා. හැබැයි ඉන්නේ එකම සැබෑ දෙවි කෙනෙක් විතරයි කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඔහු අතිශ්‍රේෂ්ඨයි, සදාකාලිකයි, ඔහුට සමාන වෙන කිසිම කෙනෙක් නැහැ. ස්වර්ගයේ වගේම පොළොවේ තියෙන හැම දෙයක්ම හැදුවෙත් අපිට ජීවිතය දුන්නෙත් ඔහුයි. ඒ නිසා අපේ නමස්කාරය ලබන්න වටින්නේ ඔහු පමණයි.

දසපනත ලියපු ගල් ලෑලි දෙක මෝසෙස් අතේ තියන් ඉන්නවා

දෙවියන්, මෝසෙස් මාර්ගයෙන් පණිවිඩ දැනුම් දුන්නා හා සමානව ‘දේවදූතයන් මාර්ගයෙන්ද’ පණිවිඩ දැනුම් දුන්නා

දෙවියන්ට නමක් තියෙනවා. ඔහුගේ නම යෙහෝවා. ඔහු මෝසෙස්ට මෙහෙම කිව්වේ ඒ නිසයි. “ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, එසේය ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි ඔබ වෙතට මාව එව්වේය.’ සදහටම මගේ නාමය එයයි. පරම්පරාවෙන් පරම්පරාවට මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය.” (නික්මයාම 3:15) “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. එහි යෙහෝවා යන නම 7,000 වතාවක් විතර සඳහන් වෙනවා.—ගීතාවලිය 83:18.

මළ මුහුද අසලින් හොයාගත්ත දෙවියන්ගේ නම සඳහන් ලියවිල්ල

මළ මුහුද අසලින් සොයාගත් දෙවියන්ගේ නම ඇති ලියවිල්ල

දෙවියන් ඉන්නේ ස්වර්ගයේ. ඔහු මෝසෙස්ට මෙහෙම කිව්වා. “මාගේ මුහුණ දකින්න ඔබට නුපුළුවන. මන්ද මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක.” (නික්මයාම 33:20) දෙවියන්ට සමාන රූප සාදාගෙන ඒවාට නමස්කාර කිරීම වැරදියි. දෙවියන්, මෝසෙස් මාර්ගයෙන් මෙහෙම අණ කළා. “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න. මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.” දෙවියන් මෙහෙමත් කිව්වා. “මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි. මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.”—නික්මයාම 20:2-5; යෙසායා 42:8.

සමහර මිනිස්සු දෙවියන්ව විශ්වාස කළත් මිත්‍රයෙක් වගේ කිට්ටු බැඳීමක් ඔහු එක්ක ඇති කරගන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ඔබ හිතන්නේ මොකක්ද? දෙවියන් ඔබ ගැන සැලකිලිමත් කියලා ඔබ හිතනවාද? ඔහුව හොඳින් හඳුනාගෙන මිත්‍රයෙක් වගේ කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙයිද? දෙවියන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද කියලා අපි බලමු.

උත්තර දෙන්න පුළුවන්ද?

  • අපි දෙවියන්ට නමස්කාර කරන්න ඕනේ ඇයි?

  • දෙවියන්ගේ නම මොකක්ද?

  • දෙවියන්ට නමස්කාර කරද්දී රූප හෝ පිළිම භාවිත කිරීම සුදුසු නැත්තේ ඇයි?

  • තම අරමුණ ඉටු කිරීමට දෙවියන් තම බලය සහ දේවදූතයන්ව යොදාගත්තේ කොහොමද?

දෙවියන්ගේ බලය සහ දේවදූතයන්

දෙවියන්ට තියෙන්නේ පුදුමාකාර ශක්තියක්. ඒ කියන්නේ බලයක්. ඒ නිසා දෙවියන්ට කරන්න බැරි දෙයක් නැහැ. දෙවියන් තම කැමැත්ත ඉටු කිරීමට යොදාගන්නා ඒ බලය බයිබලයේ හඳුන්වලා තියෙන්නේ දෙවිගේ බලය කියලයි. ඒ බලය පුද්ගලයෙක්වත් දේවදූතයෙක්වත් නෙවෙයි. අහසත් පොළොවත් හදන්න දෙවියන් ඒ බලය යොදාගත්තා. “යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත. ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල සෑදුවේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 33:6) ආරම්භයේදී මුළු පොළොවම ජලයෙන් වැසී තිබුණා. දෙවියන් පොළොව මිනිසුන්ගේ වාසයට සුදුසු විදිහට හදන්න කලින් ‘දෙවිගේ බලය ජලය මතුපිට ක්‍රියාත්මක වෙමින් තිබුණු’ බවත් එහි සඳහන් වෙනවා. (උත්පත්ති 1:2) ඉන්පසුව පොළොවේ සියලුම ජීවීන්ව දෙවියන් හැදුවා.

දෙවියන් තම කැමැත්ත ඉටු කිරීමට දේවදූතයන්වත් යොදාගන්නවා. ඔහු දේවදූතයන්ව හැදුවේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් විදිහටයි. දේවදූතයන් හුඟාක් බලවත්. ඔවුන් වැදගත් කාර්යයන් රැසක් ඉටු කරනවා. දෙවියන්, මෝසෙස් මාර්ගයෙන් පණිවිඩ දැනුම් දුන්නා හා සමානව ‘දේවදූතයන් මාර්ගයෙන්ද’ පණිවිඩ දැනුම් දුන් බව බයිබලයේ සඳහන් වෙනවා. ඊට අමතරව ඔවුන් පොළොවේ ඉන්න දෙවියන්ගේ සේවකයන්ටත් උපකාර කරන බව එහි මෙසේ සඳහන් වෙනවා. ‘බලවත් දූතයන්ව යවා තිබෙන්නේ ගැලවීම උරුම කරගැනීමට සිටින අය වෙනුවෙන් සේවය කිරීමටයි.’—හෙබ්‍රෙව් 1:14; 2:2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න