ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 6 කොටස 15-17 පි.
  • දෙවියන් පොළොව හැදුවේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් පොළොව හැදුවේ ඇයි?
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • සමාන තොරතුරු
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • පාරාදීසය තිබෙන්නේ ස්වර්ගයේද පොළොවේද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඒදන් උයන ගැන විශ්වාස කිරීම කොතරම් වැදගත්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාරාදීසය ගොතපු කතන්දරයක්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 6 කොටස 15-17 පි.

6වන කොටස

දෙවියන් පොළොව හැදුවේ ඇයි?

දෙවියන් පොළොව හැදුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න. “ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 115:16.

දෙවියන් ආදම්ව නිර්මාණය කරන්න කලින් ඒදන් ලෙස හැඳින්වූ ප්‍රදේශයේ ලස්සන උයනක් හැදුවා. ඒ උයනෙන් තමයි යුප්‍රටීස්, ටයිග්‍රීස් කියන ගංගා දෙක ආරම්භ වුණේ.a ඒදන් උයන තිබුණේ දැන් නැඟෙනහිර තුර්කිය විදිහට හඳුන්වන රටේ කියලා හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඒදන් උයන සිතින් මවාගත් තැනක් නෙවෙයි.

ඒදන් උයනේ ආදම්ව පදිංචි කළාට පස්සේ ‘උයන බලාගෙන ඒකේ වගා කරන්න’ කියලා දෙවියන් ඔහුට කිව්වා. (උත්පත්ති 2:15) ටික කාලෙකට පස්සේ ආදම්ට බිරිඳක්ව දීලා දෙවියන් ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:28) දෙවියන් පොළොව හැදුවේ හිස්, පාළු ස්ථානයක් වෙන්න නෙවෙයි. මිනිසුන්ට හැමදාම ජීවත් වෙන්න. (යෙසායා 45:18) දෙවියන්ගේ මුල් අරමුණ වුණේ ඒකයි.

කොහොමවුණත් ආදම්, ඒව හිතාමතාම දෙවියන්ට අකීකරු වුණා. ඒ නිසා දෙවියන් ඒදන් උයනෙන් ඔවුන්ව පැන්නුවා. ඒ දෙන්නාගේ අකීකරුකම අපි හැමෝටම බලපානවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

ආදම්, ඒව දෙවියන්ට අකීකරු වූ නිසා දෙවියන්ගේ මුල් අරමුණ වෙනස් වුණාද? නැහැ. දෙවියන්ම කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය. එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.”—යෙසායා 55:11.

ළඟදීම දෙවියන්ගේ අරමුණ ඉටු වෙනවා. එදාට කිසිම ලෙඩක් දුකක් නැතුව පාරාදීසයක් වගේ ලස්සන පොළොවක ජීවත් වෙන්න ලැබෙනවා. ඒ කාලේදී ඉටු කරන බවට දෙවියන් දීලා තියෙන පොරොන්දු කිහිපයක් ඊළඟ පිටුවල බලමු.

a “උයනට ජලය සැපයීම සඳහා ඒදන් වෙතින් ගඟක් ගලා ගියේය. එය අතුගංගා හතරකට බෙදුණේය. පළමුවන අතුගංගාවේ නම පීෂෝන්ය. දෙවන ගංගාවේ නම ගීහොන්ය. තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය. එය ඇසිරියාවෙන් නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්‍රටීස්ය.”—උත්පත්ති 2:10-14.

උත්තර දෙන්න පුළුවන්ද?

  • දෙවියන්ගේ මුල් අරමුණ මොකක්ද?

  • දෙවියන් තම අරමුණ අනිවාර්යයෙන්ම ඉටු කරන බව කියන්න පුළුවන් ඇයි?

පාරාදීසයේ ඉන්න මිනිසුන්

පොළොව පාරාදීසයක් වෙයි!

මැරුණු අයට නැවත ජීවිතය: ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා. එවිට ඔවුන් නැවත නැඟිටීමක් ලබනවා.’—යොහන් 5:28, 29.

අසනීප, මහලු විය සහ මරණය නැහැ: “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.” (යෙසායා 33:24) “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

කෑම හිඟයක් නැහැ: “අපේ දෙවි අපට ආශීර්වාද කරන්නේය. එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.”—ගීතාවලිය 67:6.

තමන්ටම කියා ගෙයක් සහ සෑහීම ගෙන දෙන වැඩ: ‘ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.’—යෙසායා 65:21, 22.

යුද්ධ, අපරාධ නැහැ: “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.” (ගීතාවලිය 46:9) “දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය.”—හිතෝපදේශ 2:22.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න