ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 10 කොටස 24-25 පි.
  • දෙවියන්ගේ සතුරාව හඳුනාගනිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ සතුරාව හඳුනාගනිමු
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බොරු ඉගැන්වීම්
  • සැබෑ අනුගාමිකයන් දැනටත්!
  • අපට උපකාර කරන සහ හානි කරන නොපෙනෙන අය
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ‘ධර්මිෂ්ඨයන් සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානි ධර්මයේ අනාගතය කුමක්ද?
    2007 පිබිදෙව්!
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 10 කොටස 24-25 පි.

10වන කොටස

දෙවියන්ගේ සතුරාව හඳුනාගනිමු

යෙහෝවා දෙවියන් පොළොව හදන්න ගොඩක් කාලෙකට කලින් ස්වර්ගයේ දේවදූතයන්ව හැදුවා. ඒ අතරින් එක දේවදූතයෙක්ට ඕනේ වුණා දෙවියන්ට දෙන නමස්කාරය තමාට ලබාගන්න. ඒ නිසා ඔහු දෙවියන්ට විරුද්ධව වැඩ කරන්න පටන්ගත්තා. එදා ඉඳලා ‘විරුද්ධකාරයා’ යන අර්ථය ඇති සාතන් යන නමින් ඒ දේවදූතයාව හැඳින්නුවා. සාතන්, දෙවියන්ට විරුද්ධව ක්‍රියා කළේ කොහොමද?

සර්පයා කියනවා ඒවට පලතුර කන්න කියලා

සාතන්, ඒවව රවට්ටන්න සර්පයෙක්ව යොදාගත්තා

සාතන් ඉතා කපටි විදිහට, දෙවියන් කන්න එපා කියපු ගහෙන් කන්න ඒවව පෙලඹුවා. ඔහු පැවසුවේ යෙහෝවා දෙවියන් ඇයට ලැබිය යුතු යහපත් දෙයක් ඇයට නොදී ඉන්නවා කියලයි. දෙවියන් බොරුකාරයෙක් බව අඟවමින් සාතන් මෙහෙම කිව්වා. ඒ ගහෙන් “කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” (උත්පත්ති 3:5) සාතන්ට රැවටුණු ඒව, දෙවියන්ට අකීකරු වුණා. ඇය ආදම්වත් ඒ වරදට හවුල් කරගත්තා. එදා ඉඳන් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් උත්සාහ කරනවා.

බොරු ඉගැන්වීම්

රන් වසු පැටියා වටේ මිනිසුන් නටනට යනවා

දෙවියන්ගේ සෙනඟව ඔහුගෙන් ඈත් කරන්න සාතන් රූප නමස්කාරය සහ මිනිසුන්ගේ ඉගැන්වීම් යොදාගත්තා

ඊශ්‍රායෙල් පරම්පරාවෙන් පැවතෙන අයව දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් රූප නමස්කාරය සහ මිනිසුන්ගේ ඉගැන්වීම් යොදාගත්තා. යේසුස් පොළොවේ හිටිය කාලේදී ඒ දේ ආගමික නායකයන්ටත් පැහැදිලිවම කිව්වා. ඔවුන් දෙවියන්ගේ ආඥා වෙනුවට ඉගැන්නුවේ මිනිසුන්ගේ අදහස්. (මතෙව් 15:9) ඊශ්‍රායෙල්වරුන්ගෙන් වැඩිදෙනෙක් යේසුස්ව පිළිගත්තේ නැති නිසා දෙවියන් ඔවුන්ව පිළිගත්තේ නැහැ. ඒ නිසා ‘දෙවිගේ රාජ්‍යය ඔවුන්ගෙන් ගෙන රාජ්‍යය වෙනුවෙන් පල උපදවන වෙනත් ජාතියකට එය දෙනු ලබන බව’ යේසුස් කිව්වා. (මතෙව් 21:43) යේසුස්ගේ ඉගැන්වීම් පිළිගත් අයව දෙවියන් තමන්ගේ සෙනඟ විදිහට පිළිගත්තා.

සාතන් උත්සාහ කළේ යේසුස්ගේ ඉගැන්වීම් පිළිගත් අයව නොමඟ යවන්න. අනාගතයේදී සිදු වීමට නියමිත දෙයක් ගැන යේසුස් උපමාවකින් පැහැදිලි කළා. එහි සඳහන් වුණේ තිරිඟු වැපුරූ මිනිසෙකු ගැන. ඒ මිනිසා තිරිඟු වැපිරුවාට පස්සේ සතුරෙක් ඇවිත් කිරිඳි වැපුරුවා. කෙතේ අයිතිකරු අස්වැන්න නෙළන කාලය එනකල් ඒ දෙවර්ගයටම වැවෙන්න ඉඩ දුන්නා. නියමිත කාලය ආවාම තිරිඟු කපලා ගබඩාවේ රැස් කළා. කිරිඳි පුච්චලා දැම්මා.

ඒ උපමාවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා යේසුස් මෙහෙම පැහැදිලි කළා. “කෙත කියන්නේ ලෝකයටයි. හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝයි. කිරිඳි නම් දුෂ්ටයාගේ පුත්‍රයෝයි. ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයායි. කපන කාලයෙන් අදහස් වන්නේ පවතින සමාජයේ අවසාන කාලයයි. අස්වැන්න කපන අය නම් දේවදූතයෝයි.” (මතෙව් 13:38, 39) තිරිඟුවලින් අදහස් කරන්නේ තමන්ගේ සැබෑ අනුගාමිකයන් කියලා යේසුස් කිව්වා. තිරිඟු අතරේ කිරිඳි වැඩෙනවා හා සමානව සැබෑ අනුගාමිකයන් අතරේ සාතන් බොරු අනුගාමිකයන්වද බිහි වීමට සැලැස්සුවා. තම මරණයෙන් පස්සේ බොරු ඉගැන්වීම් පතුරුවන අය බිහි වෙයි කියලා යේසුස් කලින්ම කියලා තිබුණා. ඔවුන් යේසුස් හා දෙවියන් එක්කෙනෙක් කියන බොරුව සහ තවත් බොරු පැතිරුවා. ඒ වගේම ඔවුන් රූපවලට වැන්දා. දේශපාලනයටත් හවුල් වුණා. දිගටම යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් හැටියට හිටියේ ටිකදෙනෙක් විතරයි.

සැබෑ අනුගාමිකයන් දැනටත්!

කොහොමවුණත් යේසුස් කිව්ව විදිහටම මේ කාලේදී ලොකු වෙනසක් සිද්ධ වෙනවා. දේවදූතයන් බොරු ඉගැන්වීම් පතුරුවන අයව සහ යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව වෙන් කරනවා. ඊටපස්සේ බොරු ඉගැන්වීම් පතුරුවන අයව විනාශ කරනවා. අන්තිමට සාතන්වත් විනාශ කරනවා. අවසානය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට එය මොන තරම් ජයග්‍රහණයක්ද!

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයව හඳුනගන්න පුළුවන් කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

විවිධ වයස්වල සහ විවිධ ජාතීන්වල මිනිසුන්

දෙවියන්ගේ සැබෑ අනුගාමිකයන් වෙන්න කැමති අයව දේවදූතයන් හොයනවා

උත්තර දෙන්න පුළුවන්ද?

  • දේවදූතයෙක් සාතන් බවට පත් වුණේ කොහොමද?

  • දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් කළේ මොනවාද?

  • තිරිඟු සහ කිරිඳි උපමාව පැහැදිලි කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න