ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 11 කොටස 26-27 පි.
  • සැබෑ විශ්වාසය තියෙන අයව හඳුනාගනිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ විශ්වාසය තියෙන අයව හඳුනාගනිමු
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බලය
  • යුක්තිය
  • ප්‍රඥාව
  • ප්‍රේමය
  • සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද?
    ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය - නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 11 කොටස 26-27 පි.

11වන කොටස

සැබෑ විශ්වාසය තියෙන අයව හඳුනාගනිමු

බොහෝදෙනෙක් දෙවියන්ව විශ්වාස කරනවා කියලා කිව්වත් සැබෑ විශ්වාසයක් තියෙන්නේ ටික දෙනෙකුට බව යේසුස් කියපු මේ දෙයින් පැහැදිලියි. “විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි. නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.”—මතෙව් 7:13, 14.

සැබෑ විශ්වාසයක් තියෙන අයව හඳුනාගන්නේ කොහොමද? යේසුස් කිව්වේ ‘ඔවුන්ගේ පලවලින් ඔබට ඔවුන්ව හඳුනාගන්න’ පුළුවන් කියලයි. “සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පල” කියලත් “සෑම නරක ගසකින්ම නෙළාගත හැක්කේ කිසි වැඩකට නැති පල” කියලත් ඔහු කිව්වා. (මතෙව් 7:16, 17) සැබෑ විශ්වාසයක් තියෙන අය තුළ හොඳ පල තියෙනවා. ඒ කියන්නේ දෙවියන් සතු ලක්ෂණ ඔවුන් තුළත් දැකගන්න පුළුවන්. ඒවා මොනවාද?

බලය

දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තියෙන අය තමන්ට තියෙන බලය හෝ අධිකාරිය පාවිච්චි කරන්නේ දෙවියන්ට ගෞරවයක් ලැබෙන විදිහට සහ අනික් අයට ප්‍රයෝජනවත් වෙන විදිහටයි. යේසුස් මේ වගේ උපදෙසක් දුන්නා. “ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි.” (මාක් 10:43) එය පිළිගන්නා, සැබෑ විශ්වාසය තියෙන ස්වාමිපුරුෂයෙක් පවුලේ අයට වගේම පිට අයටත් කරුණාවෙන් සලකනවා. තම භාර්යාවට ආදරෙන්, කරුණාවෙන් සලකන අතර ඇයට ගෞරවය කරනවා. ඇයට අවශ්‍ය දේවල් ලබා දෙනවා. භාර්යාවන්ට සලකන්න ඕනේ විදිහ ගැන බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන් සමඟ අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න.” (කොලොස්සි 3:19) ‘ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන ඔවුන් සමඟ ජීවත් වන්න. කාන්තාවන් වන ඔවුන්ද ඔබට වඩා දුර්වල අය වන නිසාත් ඔවුන් ඔබ සමඟ ජීවනය නමැති මහත් වරප්‍රසාදයට උරුමකම් කියන නිසාත් ඔවුන්ට ගෞරවය දිය යුතුයි. එසේ කිරීමෙන් ඔබේ යාච්ඤාවලට කිසි බාධාවක් ඇති නොවේ.’—1 පේතෘස් 3:7.

දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තියෙන භාර්යාවක්ද ‘තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දක්වන්න ඕනේ.’ (එෆීස 5:33) භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ට හා දරුවන්ට ප්‍රේම කරන්න ඕනේ. (තීතස් 2:4) සැබෑ විශ්වාසයක් තියෙන දෙමාපියන් තම දරුවන්ට දෙවියන්ගේ අණපනත් කියා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් එක්ක කාලය ගත කරනවා. ඒ වගේ දෙමාපියන් පවුලේ අයට විතරක් නෙවෙයි කාර්යාලයේ අයට මෙන්ම වෙනත් අයටත් ගෞරවයෙන් හා කරුණාවෙන් සලකනවා. ඔවුන් එහෙම කරන්නේ “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න” කියලා බයිබලයේ සඳහන් වෙන නිසයි.—රෝම 12:10.

“අල්ලස් නොගන්න” කියලා බයිබලයේ දීලා තියෙන උපදෙස දෙවියන්ගේ සේවකයන් පිළිගන්නවා. (නික්මයාම 23:8) තමන්ගේ වාසිය ගැන විතරක් හිතන්නේ නැතුව අවශ්‍යතා තියෙන අය ගැනත් ඔවුන් සැලකිලිමත් වෙනවා. “යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි” කියලා බයිබලයේ සඳහන් දේ ඔවුන් සිතට ගන්නවා. (හෙබ්‍රෙව් 13:16) ඒ නිසා “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා යේසුස් කියපු දේ ඔවුන් ඇත්තටම අද්දකිනවා.—ක්‍රියා 20:35.

යුක්තිය

සැබෑ විශ්වාසයක් තියෙන අය දෙවියන්ගේ ආඥාවලට එනම් නීතිවලට කැමැත්තෙන්ම කීකරු වෙනවා. ඔවුන්ට ‘ඔහුගේ [එනම් දෙවියන්ගේ] ආඥා පිළිපැදීම බරක් නෙවෙයි.’ (1 යොහන් 5:3) ‘යෙහෝවා දෙවිගේ නීතිය පරිපූර්ණයි, නියෝග සාධාරණයි, ආඥා පවිත්‍රයි, ඒවා සිතට සතුටක්’ ගෙන දෙනවා කියලත් ඔවුන් දන්නවා.—ගීතාවලිය 19:7, 8.

සැබෑ විශ්වාසය තියෙන කෙනෙක් තම රට, ජාතිය අනික් ඒවාට වඩා උසස් කියලා හිතනවා වෙනුවට දෙවියන් හිතන විදිහට හිතනවා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’—ක්‍රියා 10:34, 35.

ඒ වගේ කෙනෙක් “සෑම දෙයකදීම අවංකව කටයුතු” කරනවා. (හෙබ්‍රෙව් 13:18) අනික් අය ගැන වැරදි කියන්නේවත් ඕපාදූප කියන්නේවත් නැහැ. දාවිත් රජ කිව්වෙත් දෙවියන්ගේ අනුමැතිය ලැබෙන්නේ ‘කේලම් කියන්නේ නැති, තමාගේ අසල්වැසියාට කිසි අයහපතක් කරන්නේ නැති’ අයට කියලයි.—ගීතාවලිය 15:3.

ප්‍රඥාව

දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තියෙන කෙනෙක් මුළු ශුද්ධ ලියවිල්ලම එනම් මුළු බයිබලයම පිළිගන්නවා. ඊට හේතුව ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලත් එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්’ කියලා පිළිගන්න නිසයි. (2 තිමෝති 3:16) ඒ වගේම “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව” එනම් දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට අනුව ක්‍රියා කරන ඔවුන් අනික් අය එක්ක කටයුතු කරද්දී මේ ගුණාංග දකින්න පුළුවන්. ඔවුන් ‘නිර්මලයි, සාමකාමීයි, සාධාරණයි, කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටිනවා.’ (යාකොබ් 3:17) ඔවුන් දෙවියන් අකමැති පුරුදු, භූතයන්ට සම්බන්ධ ක්‍රියා වගේම ‘දේවතා රූපවලින්ද වැළකී සිටිනවා.’—1 යොහන් 5:21.

ප්‍රේමය

මෝසෙස් මෙහෙම කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.” (ද්විතීය කතාව 6:5) ඇත්තටම සැබෑ විශ්වාසයක් තියෙන අය දෙවියන්ට ඒ වගේ ප්‍රේමයක් පෙන්වනවා. ඔවුන් දෙවියන්ගේ නමට එනම් යෙහෝවා යන නමට ගෞරව කරනවා. ඔවුන් ‘යෙහෝවා දෙවිට ස්තුති කරනවා. ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදිනවා.’ (ගීතාවලිය 105:1) “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියා දෙවියන් දීලා තියෙන අණට කීකරු වන ඔවුන් ‘මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට කළ හැකි උපරිමය කරනවා.’ (ලෙවී කතාව 19:18; රෝම 12:18) ඔවුන් යුද්ධවලට හවුල් වන්නේ නැති නිසා ඔවුන්ගේ ‘කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නවා’ හා සමානයි. (යෙසායා 2:4) ඒ නිසා ලෝකය පුරාම ඉන්න දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තියෙන අය අතරේ ප්‍රේමය දකින්න තියෙනවා. (යොහන් 13:35) ඒ වගේ සෙනඟක්ව ඔයා දන්නවාද?

උත්තර දෙන්න පුළුවන්ද?

  • සැබෑ විශ්වාසයක් තියෙන අයව හඳුනාගන්නේ කොහොමද?

  • ඔවුන් දෙවියන් සතු මේ ලක්ෂණ විදහා පෙන්වන්නේ කොහොමද? බලය? යුක්තිය? ප්‍රඥාව? ප්‍රේමය?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න