ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 12 කොටස 28-29 පි.
  • සැබෑ විශ්වාසයක් තියෙන බව පෙන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ විශ්වාසයක් තියෙන බව පෙන්වන්න
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • සමාන තොරතුරු
  • සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද?
    ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 12 කොටස 28-29 පි.

12වන කොටස

සැබෑ විශ්වාසයක් තියෙන බව පෙන්වන්න

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයව ඔහුගෙන් ඈත් කරන්න සාතන් උත්සාහ කරන බව දෙවියන් මෙහෙම කිව්වා. “සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.” (1 පේතෘස් 5:8) මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් කරන්නේ මොනවාද?

කෙනෙක් බයිබලය කියවමින් ඉන්නකොට අනිත් කෙනා එයාව මඟහරිනවා.

ඔයාත් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවාද?

බයිබලය ගැන ඉගෙනගන්න ඔයාට ආසාවක් තිබුණත් ඒක නතර කරන්න සාතන් සමහරවිට ඔයාගේ පවුලේ අයව පොලඹවයි. “මිනිසෙකුගේ සතුරන් වන්නේ ඔහුගේම පවුලේ සාමාජිකයන්” කියලා යේසුස් කිව්වා. (මතෙව් 10:36) පවුලේ අය ඔයාව නතර කරන්න හදන්නේ අනාගතය ගැන බයිබලයේ තියෙන පොරොන්දු ඒ අය දන්නේ නැති නිසා වෙන්න පුළුවන්. නැත්නම් අනික් අය ඒ ගැන මොනවා හිතයිද කියලා භය වෙන නිසා වෙන්න පුළුවන්. හැබැයි “මනුෂ්‍යයන්ට භය වීම උගුලකි. නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන්නාව ආරක්ෂා කරනු ලැබේ” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 29:25) මිනිස්සුන්ට තියෙන භය නිසා බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න එක නතර කළොත් දෙවියන් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. අපි දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න උත්සාහ කළොත් දෙවියන් අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒ නිසා මිනිස්සුන්ට තියෙන ‘භය නිසා දෙවිව අත්හැර විනාශ වෙනවා වෙනුවට ජීවිතය රැකගැනීමට දායක වන විශ්වාසයක් ඇතිව’ ඉමු.—හෙබ්‍රෙව් 10:39.

කලින් පරිච්ඡේදයක සඳහන් ඩුමස්ගේ අද්දැකීම මතකද? ඔහු බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්ත මුල් කාලේදී ඔහුගේ බිරිඳ ඔහුට හිනා වුණත් ටික කාලෙකට පස්සේ ඇයත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පෙලඹුණා. ඔයාත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් පවුලේ අය වගේම යාළුවොත් බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගනියි. දෙවියන්ට විශ්වාසවන්තව හිටිය සමහර අය ‘වචනයක්වත් පවසන්නේ නැතුව නිර්මල හැසිරීමෙන් සහ ගැඹුරු ගෞරව’ පෙන්වීමෙන් පවුලේ අයව දිනාගෙන තියෙනවා.—1 පේතෘස් 3:1, 2.

බයිබලය ගැන ඉගෙනගන්න එක වළක්වන්න සාතන් තවත් ක්‍රමයක් පාවිච්චි කරනවා. අද තියෙන ප්‍රශ්නත් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න වෙලාවක් නැහැ කියලා හිතන්න සාතන් මිනිසුන්ව පොලඹවනවා. ඔහු කැමති වෙන්නේ ඔයා ඔයාගේම ආශාවන්ට මුල් තැන දෙනවාටයි. එමගින් දෙවියන්ගේ “පණිවිඩය යටපත්” වෙලා ඔයා “පල නොදරන තත්වයකට” පත් වෙන බව ඔහු දන්නවා. (මාක් 4:19) ඒ උගුලට අහුවෙන්න එපා. බයිබලයේ සඳහන් වෙන විදිහට ‘සදාකාල ජීවිතය ලබාගැනීමට නම් එකම සැබෑ දෙවියන්වත් ඔහු එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගන්න ඕනේ.’ (යොහන් 17:3) අනාගතයේදී ලස්සන උයනක් හා සමාන පාරාදීසයක හැමදාමත් ජීවත් වෙන්න නම් දෙවියන් ගැනත් යේසුස් එනම් මෙසියස් ගැනත් දිගටම ඉගෙනගන්න ඕනේ.

දෙවියන්ට යාච්ඤා කරනවා

යාච්ඤා කරන්න

රජ මාලිගාවේ හැදී වැඩුණු මෝසෙස් ගැන හිතන්න. ඇති තරම් ධනය, බලය, දේපළ ලබා ගන්න ඔහුට අවස්ථාව තිබුණත් ඒ ‘තාවකාලික සැප භුක්ති විඳිනවා වෙනුවට දෙවියන්ගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳින්න ඔහු කැමති වුණා.’ ඔහුට එහෙම කරන්න පුළුවන් වුණේ ‘නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයෙන් දිගටම ස්ථිරව හිටිය නිසයි.’ (හෙබ්‍රෙව් 11:24, 25, 27) තමන්ගේ ආශාවට මුල් තැන දෙනවා වෙනුවට දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දුන්න නිසා ඔහුගෙන් ආශීර්වාද ලැබුණා. ඔයත් එහෙම කළොත් ඔයාටත් ආශීර්වාද ලැබෙනවා.

ඔයාව දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් තවත් ක්‍රම පාවිච්චි කරයි. ඒවාට අහු වෙන්න එපා. දිගටම ‘සාතන්ට විරුද්ධ වුණොත් ඔහු ඔබෙන් පලා යයි.’ (යාකොබ් 4:7) දිගටම සාතන්ට විරුද්ධ වෙන්න පුළුවන් කොහොමද?

දිගටම බයිබලය කියවන්න. හැමදාම බයිබලය කියවන්න. ඒකේ තියෙන උපදෙස් ජීවිතයට අදාළ කරගන්න. එහෙම කරනවා නම් සාතන්ගේ උගුල්වලින් ආරක්ෂා වෙන්න දෙවියන් ලබා දෙන සැපයුම්වලින් ප්‍රයෝජන ගන්නත් පුළුවන් වෙයි.—එෆීස 6:13.

දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තියෙන අයව ආශ්‍රය කරන්න. බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්න අයව ආශ්‍රය කරන්න. ඒ අය ප්‍රේමය පෙන්වමින් යහපත් ක්‍රියා කිරීමට අන් අයව පොලඹවනවා, අනික් අයව දිරිගන්වනවා. දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒ අය ඔයාටත් උදව් කරයි.—හෙබ්‍රෙව් 10:24, 25.

විවිධ වයස්වල ඉන්න යාළුවෝ එකතු වෙලා සතුටු වෙනවා

සැබෑ විශ්වාසයක් තියෙන අයව ආශ්‍රය කරන්න

දෙවියන් එක්ක හොඳ මිතුරෙක් වගේ කිට්ටු බැඳීමක් ඇති කරගන්න. දෙවියන් ඔයාට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා කනස්සල්ලට හේතු වෙන හැම දෙයක්ම ඔහුට කියන්න. (1 පේතෘස් 5:6, 7) බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. ‘දෙවි විශ්වාසවන්තය. වැරදි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. ඒ නිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.’—1 කොරින්ති 10:13.

දුක් කරදර එකපිට එද්දී කිසිම කෙනෙක් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නේ නැහැ කියලා සාතන් දෙවියන්ට චෝදනා කරනවා. ඒත් ඔයා ක්‍රියා කරන විදිහෙන් සාතන්ගේ ඒ චෝදනාව බොරුවක් කියලා ඔප්පු කරන්න ඔයාට පුළුවන්. “මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න” කියලා දෙවියන් අපිට ආරාධනා කරනවා. (හිතෝපදේශ 27:11) ඒ නිසා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න.

උත්තර දෙන්න පුළුවන්ද?

  • සාතන් ඔයාගේ විශ්වාසය නැති කරන්න උත්සාහ කරන්නේ කොහොමද?

  • දෙවියන්ව විශ්වාස කරන බව මෝසෙස් පෙන්නුවේ කොහොමද?

  • දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න