ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ll 7 කොටස 16-17 පි.
  • යේසුස් ගැන ඔබ දන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ගැන ඔබ දන්නවාද?
  • දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • සමාන තොරතුරු
  • 7වන කොටස
    දෙවිට සවන් දෙන්න
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
ll 7 කොටස 16-17 පි.

7වන කොටස

යේසුස් ගැන ඔබ දන්නවාද?

යෙහෝවා දෙවි යේසුස්ව පොළොවට එව්වා. 1 යොහන් 4:9

ස්වර්ගයේ යේසුස් යෙහෝවා දෙවිගේ දකුණු පැත්තේ ඉන්නවා

යෙහෝවා දෙවිව සතුටු කරන්න අවශ්‍ය නම් අප තවත් වැදගත් පුද්ගලයෙකුට සවන් දිය යුතුයි. ඒ තැනැත්තා ස්වර්ගයේ සිටින බලවත් දේවදූතයෙක්. යෙහෝවා දෙවි ඔහුව සෑදුවේ ආදම්ව සෑදීමට බොහෝ කාලයකට පෙරයි.

මරියා දෙවිගේ බලයෙන් ගැබිගෙන, යේසුස්ව බිහි කරා

පසු කාලයකදී යෙහෝවා දෙවි එම දේවදූතයාව මරියා නම් කන්‍යාව තුළින් බෙත්ලෙහෙම් නුවරේ ඉපදෙන්න සැලැස්සුවා. ඔහුට යේසුස් යන නම ලැබුණා.—යොහන් 6:38.

යේසුස් යෙහෝවා දෙවි ගැන මිනිසුන්ට උගන්වමින්

යේසුස් මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදී දෙවිගේ ගුණාංග ඔහු තුළින් පැහැදිලිව දකින්න ලැබුණා. ඔහු ඉතාමත් කරුණාවන්ත, ප්‍රේමණීය කෙනෙක් වුණා. ඕනෑම කෙනෙකුට ඔහු ළඟට භයක් සැකක් නැතුව යන්න පුළුවන් වුණා. ඔහු නිර්භීතව යෙහෝවා දෙවි ගැන සැබෑ තොරතුරු අන් අයට කියා දුන්නා.

යේසුස් හොඳ දේවල් කළත් මිනිසුන් යේසුස්ට වෛර කළා. 1 පේතෘස් 2:21-24

යේසුස් මිය ගිය දැරියක්ව නැවත නැඟිටුවනවා සහ අසනීප කෙනෙක්ව සුව කරනවා

යේසුස් රෝගී අයව සුව කළ අතර මිය ගිය සමහරුන්ට නැවත ජීවිතය ලබා දුන්නා.

ආගමික නායකයන් ඉගැන්වූ බොරු දේවල් සහ ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවන් යේසුස් හෙළි කළ නිසා ඔවුන් යේසුස්ට වෛර කළා.

යේසුස්ට පහර දීලා අන්තිමට මරලා දානවා

යේසුස්ට පහර දී ඔහුව මරා දැමීමට ආගමික නායකයන් රෝමවරුන්ව පෙලඹුවා.

  • යේසුස් ගැන දැනගැනීම එතරම් වැදගත් ඇයි?—යොහන් 17:3.

  • යේසුස් පොළොවට එන්න කලින් ස්වර්ගයේ කළේ කුමක්ද?—කොලොස්සි 1:15-17.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න