9වෙනි පාඩම
රැස්වීම්වලට කලින්ම සූදානම් වෙන්න පුළුවන් කොහොමද?
කාම්බෝජය
යුක්රේනය
ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක බයිබලේ තියෙන තොරතුරු සාකච්ඡා කරනවා නම් එයා පාඩමට එන්න කලින් සාකච්ඡා කරන තොරතුරු ඔයා කියවලා බලනවා ඇති. ඒ වගේ රැස්වීම්වලට යන්න කලිනුත් රැස්වීමේදී සාකච්ඡා කරන්න යන දේවල් හොඳට කියවලා බලන එක හොඳයි. එතකොට රැස්වීමේදී ඒ දේවල් සාකච්ඡා කරද්දී ඔයාට ඒවා හොඳට හිතට ගන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් කොහොමද?
හරි තැනක්, වෙලාවක් තෝරගන්න. සාමාන්‍යයෙන් ඔයාට පොතක් පතක් කියවලා ඒකේ තියෙන දේවල් හිතට ගන්න පුළුවන් හොඳම වෙලාව මොකද්ද? උදේ පාන්දරද නැත්නම් දවසේ වැඩ ඉවර කරලා රෑටද? පොත් පත් කියවන්න ගොඩක් වෙලාවක් ගන්න එක ඔයාට අමාරුයි නම් ඒකට කොච්චර වෙලාවක් දෙන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ වෙලාවේ වෙන කිසිම වැඩක් දාගන්න එපා. පුළුවන් නම් පොත් පත් කියවන්න සද්ද බද්ද නැති නිස්කලංක තැනක් තෝරගන්න. ඒ වෙලාවේ ටීවි එක, ෆෝන් එක, රේඩියෝ එක වහලා දාන්න. බයිබලේ තියෙන දේවල් හොඳට ඉගෙනගන්න කලින් යෙහෝවා දෙවිට යාච්ඤා කළොත් දවසේ වැඩ පළ ගැන හිතන්නේ නැතුව කියවන දේවල්වලට හොඳ අවධානයක් දෙන්න ඔයාට පුළුවන් වෙයි.—ෆිලිප්පි 4:6, 7.
මූලික කරුණු ලකුණු කරලා රැස්වීමේදී අදහස් දෙන්න සූදානම් වෙන්න. මුලින්ම ඔයා කියවන ලිපිය නැත්නම් පරිච්ඡේදය ගැන සම්පූර්ණ අදහසක් ගන්න. ඒකට ලිපියේ ප්‍රධාන මාතෘකාව කියවලා ඒ ලිපියේ කතා කරන්නේ මොන විෂය ගැනද කියලා හිතලා බලන්න. ඊටපස්සේ ලිපියේ තියෙන උපමාතෘකා ඒ විෂයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතන්න. ලිපියේ පින්තූර තියෙනවා නම් ඒවා ගැනත් ලිපියේ අන්තිමට අහලා තියෙන මූලික ප්‍රශ්න ගැනත් හොඳට කල්පනා කරන්න. ඊටපස්සේ ඡේදයෙන් ඡේදය කියවලා අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඡේදවල තියෙන බයිබල් පද කියවලා ඡේදයේ විස්තරවලට බයිබල් පද සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් කල්පනා කරන්න. (ක්‍රියා 17:11) අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර ඡේදවලින් හොයාගත්තට පස්සේ හැම වාක්‍යයක් යටින්ම ඉරි ගහන්නේ නැතුව උත්තරේ මතක් කරගන්න උදව් වෙන වචන යටින් විතරක් ඉරි ගහන්න. ඒ විදිහට ඔයා කලින්ම සූදානම් වුණොත් රැස්වීමේදී ඔයාට අත උස්සලා ඔයාගේම වචනවලින් උත්තර දෙන්න පුළුවන් වෙයි.
හැම රැස්වීමකදීම බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන අපිට හුඟක් තොරතුරු ඉගෙනගන්න පුළුවන්. අපි රැස්වීම්වලට යන්න කලින් ඒ තොරතුරු කියවලා හොඳට හිතට ගත්තොත් බයිබලේ ගැන අපිට තියෙන දැනුම තව වැඩි වෙනවා.—මතෙව් 13:51, 52.
රැස්වීම්වලට සූදානම් වෙන්න ඔයාට පුළුවන් හොඳම විදිහ මොකද්ද?
රැස්වීමකදී අදහසක් දෙන්න ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද?