ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jl 13 පාඩම
  • පුරෝගාමීන් කියන්නේ කාටද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුරෝගාමීන් කියන්නේ කාටද?
  • දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • සමාන තොරතුරු
  • පුරෝගාමී සේවයේ ආශීර්වාද
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමි සේවය දෙවි එක්ක අපේ බැඳීම ශක්තිමත් කරයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමිහු ආශීර්වාද පිරිනමා ලබා ගනිති
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
jl 13 පාඩම

13වෙනි පාඩම

පුරෝගාමීන් කියන්නේ කාටද?

පොදු ස්ථානයක දේශනා කරන පුරෝගාමියෙක්

කැනඩාව

දේශනා සේවයේ යෙදෙන පුරෝගාමීන්

ගෙයින් ගෙට සේවය

බයිබල් පාඩමක් කරන පුරෝගාමීන්

බයිබල් පාඩමක්

බයිබලය අධ්‍යයනය කරන පුරෝගාමියෙක්

පෞද්ගලික පාඩම

‘පුරෝගාමීන්’ කියද්දී අපිට මතක් වෙන්නේ මොකක් හරි දෙයකට මුල් වෙලා වැඩ කරන අයවයි. අපිත් පුරෝගාමීන් කියලා කියන්නේ වැඩි කාලයක්, ශ්‍රමයක් යොදවලා ශුභාරංචිය දේශනා කරන්න මුල් වෙලා වැඩ කරන අයටයි. යේසුස්වත් ‘පුරෝගාමියෙක්’ විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ඔහු ශුභාරංචිය ගැන මිනිසුන්ට කියලා දෙන්න මුල් වෙලා වැඩ කළා. ඔහු මිනිසුන්ට ගැලවීමේ මාර්ගය විවෘත කළා. (මතෙව් 20:28) අපිත් මිනිසුන්ට ශුභාරංචිය ගැන කියලා දීලා ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න ඔවුන්ට උපකාර කරනවා.’—මතෙව් 28:19, 20.

ශුභාරංචිය ප්‍රචාරය කරන්න ඇප කැප වෙලා ඉන්න අය. අපි හැමෝම ශුභාරංචිය දේශනා කරන්න හවුල් වුණාට සමහරු වැඩි සේවයක් කරන්න කැප වෙලා ඉන්නවා. ඒ අයව කණ්ඩායම් තුනකට වෙන් කරන්න පුළුවන්. එක කණ්ඩායමකට කියන්නේ ස්ථාවර පුරෝගාමීන් කියලා. එයාලා හැම මාසේකම පැය 70ක් සේවයේ කරන්න සැලසුම් කරනවා. ඒ නිසා එයාලට වැඩි කාලයක් රස්සාවක් වෙනුවෙන් වැය කරන්න බැහැ. විශේෂ පුරෝගාමීන් කියන්නේ තවත් කණ්ඩායමකට. එයාලා මාසේකට පැය 130ක් හරි ඊට වැඩියෙන් හරි සේවයේ හවුල් වෙනවා. එයාලා ශුභාරංචිය ගැන අහලා නැති අය ඉන්න පළාත්වලට ගිහින් ශුභාරංචිය කියනවා. එයාලා ගත කරන්නේ හරිම සරල ජීවිතයක්. දෙවිට ඒගොල්ලන්ව බලාගන්න පුළුවන් කියලා විශ්වාස කරන නිසා එයාලා තියෙන දෙයින් සෑහීමට පත් වෙනවා. (මතෙව් 6:31-33; 1 තිමෝති 6:6-8) අනිත් කණ්ඩායම හඳුන්වන්නේ සහායක පුරෝගාමීන් කියලයි. ස්ථාවර හා විශේෂ පුරෝගාමීන් වගේ වැඩි කාලයක් ශුභාරංචිය දේශනා කරන්න බැරි අයට මාසේකට පැය 30ක් හරි 50ක් හරි වැය කරලා සහායක පුරෝගාමීන් විදිහට සේවය කරන්න පුළුවන්.

දෙවිටයි මිනිසුන්ටයි තියෙන ප්‍රේමය නිසා සේවයට කැප වෙලා ඉන්න අය. යේසුස්ට වගේ අපිටත් තේරෙනවා හුඟක් අය දෙවි ගැනවත් දෙවි ඉස්සරහට කරන්න යන දේවල් ගැනවත් දන්නේ නැතුව අසරණව ඉන්නවා කියලා. (මාක් 6:34) ඒ අය දෙවි ගැන දැනගත්තොත් එයාලාගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් වෙනවා. පුරෝගාමීන් එයාලගේ කාලය, ශක්තිය වැය කරලා ඒ වගේ අයට දෙවි ගැන කියලා දෙන්නේ ඒ නිසයි. දෙවිටත් මිනිසුන්ටත් තියෙන ප්‍රේමය නිසා තමයි එයාලා එහෙම කරන්නේ. (මතෙව් 22:39; 1 තෙසලෝනික 2:8) ඒ විදිහට සේවය කරද්දී පුරෝගාමීන් තව තවත් දෙවිට ළං වෙනවා. එයාලා ඒකෙන් ලොකු සතුටකුත් ලබනවා.—ක්‍රියා 20:35.

  • අපි පුරෝගාමීන් කියන්නේ කාටද?

  • පුරෝගාමීන් එයාලගේ කාලය, ශ්‍රමය වැය කරලා මිනිසුන්ට ශුභාරංචිය කියලා දෙන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න