ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 7 පාඩම 1-5 ප්‍රශ්න
  • දේවරාජ්‍යය කියන්නේ මොකද්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවරාජ්‍යය කියන්නේ මොකද්ද?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 7 පාඩම 1-5 ප්‍රශ්න

7වන පාඩම

දේවරාජ්‍යය කියන්නේ මොකද්ද?

1. දේවරාජ්‍යය කියන්නේ මොකද්ද?

1. දේවරාජ්‍යය. 2. ලාදුරු රෝගියෙකුව යේසුස් සුව කරනවා

රජකමට සුදුසුම කෙනා යේසුස් වෙන්නේ ඇයි?—මාක් 1:40-42.

දේවරාජ්‍යය කියන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවියන්ගේ ආණ්ඩුවටයි. ඒ ආණ්ඩුව ඉදිරියේදී පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා පොළොවට සාමය උදා කරනවා. දෙවියන්ගේ කැමැත්ත ස්වර්ගයේ වගේම පොළොවේ ඉටු කරන්නේ ඒ ආණ්ඩුවයි. දේවරාජ්‍යයට විතරයි මිනිසුන්ගේ හැම අවශ්‍යතාවක්ම ඉටු කරන්න පුළුවන්.—දානියෙල් 2:44; මතෙව් 6:9, 10; 24:14 කියවන්න.

ඕනම ආණ්ඩුවක පාලකයෙක් නැත්නම් රජෙක් ඉන්නවා. යෙහෝවා දෙවි දේවරාජ්‍යයේ රජු හැටියට පත් කළේ යේසුස්වයි.—එළිදරව් 11:15 කියවන්න.

‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.

2. රජකමට සුදුසුම කෙනා යේසුස් වෙන්නේ ඇයි?

යේසුස් හරිම කරුණාවන්ත, නිතරම හරි දේ කරන, සාධාරණ කෙනෙක්. (මතෙව් 11:28-30) ඒ වගේම මිනිසුන්ට උපකාර කරන්න ඔහුට ඕන තරම් බලය තියෙනවා. ඒ නිසා යේසුස් තමයි දේවරාජ්‍යයේ රජ වෙන්න සුදුසුම කෙනා. දෙවියන් යේසුස්ව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වට පස්සේ ඔහු ස්වර්ගයට ගිහින් තමාට රජකම භාර දෙනකම් දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන හිටියා. (හෙබ්‍රෙව් 10:12, 13) කාලයකට පස්සේ දෙවියන් ඔහුව රජ හැටියට පත් කළා.—දානියෙල් 7:13, 14 කියවන්න.

3. යේසුස් එක්ක තවත් අය පාලනයට හවුල් වෙනවාද?

ඔව්. ඒ අයව බයිබලයේ හඳුන්වන්නේ, “ශුද්ධ තැනැත්තන්” කියලයි. (දානියෙල් 7:27) ඒ ශුද්ධ තැනැත්තන්ට ඇතුළත් වුණු මුල්ම පිරිස වුණේ යේසුස්ගේ මුල් ගෝලයනුයි. එදා ඉඳලා අද වෙනකම් දෙවියන් ස්ත්‍රීන් හා පුරුෂයන් අතරින් ඒ ශුද්ධ තැනැත්තන්ව තෝරාගනිමින් ඉන්නවා. ඒ අය මැරුණට පස්සේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් අය විදිහට දෙවියන් ඔවුන්ව නැවත ජීවත් කරවනවා.—යොහන් 14:1-3; 1 කොරින්ති 15:42-44 කියවන්න.

යේසුස් එක්ක කීදෙනෙක් පාලනයට හවුල් වෙනවාද? බයිබලයේ කියන්නේ 1,44,000දෙනෙක් හවුල් වෙනවා කියලයි. යේසුස් ඔවුන්ව “කුඩා රැළ” කියලා හැඳින්වුවා.—ලූක් 12:32.—එළිදරව් 14:1 කියවන්න.

4. යේසුස් රජ වුණාට පස්සේ කළේ මොනවාද?

බයිබල් පාඩමක් කරනවා

දේවරාජ්‍යය පාලනය ඇරඹුවේ 1914යි.a රජු හැටියට යේසුස් මුලින්ම සාතන්ව හා භූතයන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළුවා. ඒ ගැන හුඟක් කෝපයෙන් ඉන්න සාතන්, මුළු පොළොව පුරාම ප්‍රශ්න ගැටලු ඇති කරනවා. (එළිදරව් 12:7-10, 12) එදා ඉඳලා යුද්ධ, සාගත, වසංගත හා භූමිකම්පා ගොඩක් වැඩි වෙලා තියෙනවා. මේ දුෂ්ට සමාජය අවසන් වෙලා දේවරාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගන්න දවස ළඟයි කියන එකට ඒ දේවල් “ලකුණක්.”—ලූක් 21:7, 10, 11, 31 කියවන්න.

5. දේවරාජ්‍යය ඉටු කරන්නේ මොනවාද?

දේවරාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ පොළොවේ සිද්ධ වෙන ප්‍රධානම වැඩේ තමයි දෙවියන් පවසන පණිවිඩය ලොව පුරා ප්‍රකාශ කරන එක. ප්‍රතිඵලයක් හැටියට විවිධ ජාතීන්ට අයිති මිනිසුන්ට එක්සත්ව ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. දෙවියන්ගේ ආණ්ඩුව දුෂ්ට සමාජය විනාශ කරද්දී දෙවියන්ට කීකරු මිනිසුන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මොකද ඒ ආණ්ඩුව ඔවුන්ට රැකවරණය සලසනවා. දේවරාජ්‍යය මගින් ලබා දෙන ආශීර්වාද අත් කරගන්න කැමති හැමෝම යේසුස්ට කීකරුව ජීවත් වෙන්න ඉගෙනගන්න ඕනේ.—එළිදරව් 7:9, 14, 16, 17 කියවන්න.

දේවරාජ්‍යය යටතේ තියෙන පාරාදීස පොළොව

දේවරාජ්‍යය අවුරුදු 1,000ක් පොළොව පාලනය කරනවා. මිනිසුන් සඳහා දෙවියන්ගේ අරමුණ ඉටු වෙන්නේ ඒ කාලයෙයි. අවුරුදු 1,000න් පස්සේ යේසුස් පාලනය යෙහෝවා දෙවිට භාර දෙනවා. (1 කොරින්ති 15:24-26) ඒ වෙන කොට මේ මුළු පොළොවම ලස්සන තැනක් වෙලා තියෙනවා. දේවරාජ්‍යය ගැන ඔයා ඉගෙනගත්ත මේ තොරතුරු කියන්න කැමති කාටද?—ගීතාවලිය 37:10, 11, 29 කියවන්න.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 8 හා 9 පරිච්ඡේදවලින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

a වර්ෂ 1914 ගැන කලින්ම බයිබලයේ සඳහන් කරලා තිබුණු දේවල් දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 215-218 දක්වා පිටුවල ඇති තොරතුරු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න