ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 10 පාඩම 1-4 ප්‍රශ්න
  • සැබෑ දෙවියන් පිළිගන්නේ කාගේ නමස්කාරයද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ දෙවියන් පිළිගන්නේ කාගේ නමස්කාරයද?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ කෙසේද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි පිළිගන්නා නමස්කාරය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • සැබෑ ආගමේ ලක්ෂණ
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට සැබෑ ආගම සොයාගත හැක්කේ කෙසේද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 10 පාඩම 1-4 ප්‍රශ්න

10වන පාඩම

සැබෑ දෙවියන් පිළිගන්නේ කාගේ නමස්කාරයද?

1. හැම නමස්කාරයක්ම දෙවියන් පිළිගන්නවාද?

යේසුස් උගන්වනවා

‘බොරු ගුරුවරුන් ගැන සෝදිසියෙන් සිටින්න.’—මතෙව් 7:15.

නැහැ. බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟව කරන නමස්කාරය තමයි දෙවියන් පිළිගන්නේ. ඒ විදිහට දෙවියන්ට නමස්කාර කරන ආගම තමයි සැබෑ ආගම. සැබෑ ආගමට අයත් අය ලෝකේ කොහේ සිටියත් ඉගෙනගන්නේ එකම දේවල්. ඒ නිසා ඔවුන්ගේ විශ්වාසයට පදනමත් එකයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවෙත් එක ආගමක් ගැන විතරයි. ඒ ආගම ඔහු ජීවනය වෙතට යන පාරකට සමාන කළා. “එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි” කියලත් ඔහු කිව්වා.—මතෙව් 7:14.—යොහන් 4:23, 24; 14:6; එෆීස 4:4, 5 කියවන්න.

‘හැම ආගමක්ම දෙවියන් පිළිගන්නවාද?’ කියන වීඩියෝ එක බලන්න.

2. දෙවියන් පිළිගන්නේ නැති ආගම් ගැන යේසුස් කිව්වේ මොනවාද?

පූජකයෙක් පල්ලියේදී දේශනයක් දෙනවා. ඔහුම හමුදාවකටත් ආශීර්වාද කරනවා.

“දෙවිව දන්නා බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියත් ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වන්නේ ඔවුන් දෙවිව ප්‍රතික්ෂේප කරන බවය.”—තීතස් 1:16.

සමහර අය දෙවියන්ට නමස්කාර කරනවා කියලා කිව්වත් ඒ අයගේ නමස්කාරය දෙවියන් පිළිගන්නේ නැහැ කියලා යේසුස් කිව්වා. ඒ වගේ අයව යේසුස් හැඳින්නුවේ බොරු ගුරුවරුන් කියලයි. ඔවුන් සැබෑ ආගමට අයිති අයවත් නොමඟ යවන්න උත්සාහ කරනවා කියලත් ඔහු කිව්වා. බොරු ගුරුවරුන් කවුද කියලා ඔවුන් ක්‍රියා කරන විදිහෙන් ඔයාට හඳුනගන්න පුළුවන්.—මතෙව් 7:13-23 කියවන්න.

3. සැබෑ ආගම හඳුනගන්නේ කොහොමද?

මේ ලක්ෂණ පහ බලන්න.

  • ඔවුන් බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් හැටියට සලකනවා. බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන්න ඔවුන් උත්සාහ කරන්නේ ඒ නිසයි. අනිත් ආගම් වගේ නෙමෙයි සැබෑ ආගමට අයිති අයගේ කිසි ඉගැන්වීමක් මිනිසුන්ගේ අදහස් හෝ සම්ප්‍රදායන් මත පදනම් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉගැන්වීම්වලට පදනම බයිබලයයි. (මතෙව් 15:7-9) ඔවුන් එක දෙයක් උගන්වලා තව දෙයක් කරන්නේ නැහැ.—යොහන් 17:17; 2 තිමෝති 3:16, 17 කියවන්න.

  • සහෝදරයෙක් බයිබල් සාකච්ඡාවක් කරනවා. ඔහු දේවරාජ්‍යය ගැන දේශනා කරනවා, සහන සේවා වැඩවලට හවුල් වෙනවා සහ වයසක කෙනෙකුට උදව් කරනවා.

    ඔවුන් යෙහෝවා යන දෙවිගේ නම ඉතා ගෞරවයෙන් සලකනවා. යේසුස් දෙවියන්ගේ නම මිනිසුන්ට කියලා දුන්නා. දෙවියන්ගේ නම සැමදා ශුද්ධව පවතින්න කියලා යාච්ඤා කරන්න කියලත් ඔහු මිනිසුන්ට කිව්වා. (මතෙව් 6:9) ඒ විදිහට ඔහු දෙවියන්ගේ නම ගෞරවයට පත් කළා. ඔයා දන්න විදිහට දෙවිගේ නම අනිත් අයට දැනුම් දෙන ආගම මොකද්ද?—යොහන් 17:26; රෝම 10:13, 14 කියවන්න.

  • ඔවුන් දේවරාජ්‍යය ගැන දේශනා කරනවා. යේසුස් පොළොවේ ඉද්දී දේවරාජ්‍යය ගැන මිනිසුන්ට දේශනා කළා. ඒක තමයි ඔහු කරපු ප්‍රධානම වැඩේ. මැරෙන මොහොත දක්වාම ඔහු ඒක කළා. (ලූක් 4:43; 8:1; 23:42, 43) ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් ගේන්න පුළුවන් එකම ආණ්ඩුව දේවරාජ්‍යයයි. ඒ රාජ්‍යය ගැන තම අනුගාමිකයන් පොළොව පුරාම දේශනා කරනවා කියලා යේසුස් කිව්වා. ඔයා දන්න විදිහට මිනිසුන් අතරට ගිහිල්ලා දේවරාජ්‍යය ගැන ප්‍රීතිමත් පණිවිඩය දේශනා කරන්නේ මොන ආගමේ අයද?—මතෙව් 24:14 කියවන්න.

  • ඔවුන් මේ දුෂ්ට සමාජයේ දේවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් දේශපාලනයට, බෙදීම් නිසා ඇති වෙන අරගලවලට කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. (යොහන් 17:16; 18:36) අද සමාජයේ වැඩිදෙනෙක් දෙවියන් හෙළාදකින ක්‍රියා සාමාන්‍ය දේවල් හැටියට සැලකුවාට සැබෑ ආගමට අයිති අය ඒවාට හවුල් වෙන්නෙවත් සමාජයේ වැරදි ආකල්ප අනුගමනය කරන්නෙවත් නැහැ.—යාකොබ් 4:4 කියවන්න.

  • ඔවුන් අතරේ අවංක ප්‍රේමයක් තියෙනවා. ඔවුන් දෙවියන් දෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න නිසා ඔවුන් අතරේ ජාති භේද නැහැ. වෙනත් ආගම්වලට අයිති අය යුද්ධවලට සම්බන්ධ වුණත් ඔවුන් ඒවාට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඒ නිසයි. (මීකා 4:1-3) ඔවුන් තම කාලය, ශ්‍රමය යොදවන්නේ අනිත් අයට උදව් උපකාර කරන්න හා දිරිගන්වන්නයි.—යොහන් 13:34, 35; 1 යොහන් 4:20 කියවන්න.

4. දැන් ඔයා සැබෑ ආගම හඳුනගත්තාද?

බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් හැටියට පිළිගන්නෙත් යෙහෝවා යන දෙවිගේ නම ඉතා ගෞරවයෙන් සලකන්නෙත් දේවරාජ්‍යය ගැන දේශනා කරන්නෙත් මොන ආගමට අයිති අයද? ඒ වගේම මේ දුෂ්ට සමාජයේ දේවල්වලට සම්බන්ධ වෙන්නේ නැත්තේ මොන ආගමද? අවංක ප්‍රේමයක් තියෙන්නේ මොන ආගමික කණ්ඩායමේ අය අතරේද?—1 යොහන් 3:10-12 කියවන්න.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 15වෙනි පරිච්ඡේදයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න