ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 10 පාඩම 22-23 පි.
  • යේසුස් හැම වෙලාවෙම කීකරු වුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් හැම වෙලාවෙම කීකරු වුණා
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • යේසුස් කීකරුකම ඉගෙනගත්තා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මරියාගෙන් අපට ගත හැකි පාඩම්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ‘මේ මගේ ආදරණීය පුතා’
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 10 පාඩම 22-23 පි.
යෝසෙප් සහ මරියා දේවමාලිගාවේදී යේසුස්ව සොයාගනියි

10වෙනි පාඩම

යේසුස් හැම වෙලාවෙම කීකරු වුණා

හැම වෙලාවෙම අම්මායි තාත්තායි කියන දේ අහන එක ඔයාට ලේසිද?— සමහර වෙලාවට ඒක අමාරුයි තමයි. ඒත් ඔයා දන්නවද යේසුස් යෙහෝවා දෙවිටයි එයාගේ දෙමව්පියන්ටයි හැම වෙලාවෙම කීකරු වුණා කියලා?—

යේසුස් පොළොවට එන්න ඉස්සෙල්ලා හිටියේ එයාගේ තාත්තා ඒ කියන්නේ යෙහෝවා දෙවි එක්ක ස්වර්ගයේ. ඒත් පොළොවට ආවට පස්සේ එයාගේ අම්මායි තාත්තායි වුණේ මරියා සහ යෝසෙප් කියන දෙන්නයි. ඒක වුණේ කොහොමද කියලා ඔයා දන්නවද?—

යෙහෝවා දෙවි ස්වර්ගයේ හිටපු යේසුස්ව පුංචි බබෙක් වගේ ඉපදෙන්න පුළුවන් වෙන විදිහට මරියාගේ බඩ ඇතුළට දැම්මා. ඒක දෙවි කරපු පුදුම දෙයක්. අනිත් හැම පුංචි බබෙක්ම වගේ යේසුත් එයාගේ අම්මාගේ බඩ ඇතුළේ ටික ටික ලොකු වෙලා මාස නමයකට පස්සේ ඉපදුණා. ඒ විදිහට තමයි මරියා සහ යෝසෙප් කියන දෙන්නා යේසුස්ගේ දෙමව්පියන් වුණේ.

යේසුස් එයාගේ තාත්තා වුණු යෙහෝවා දෙවිට ගොඩක් ආදරෙයි කියලා දවසක් පෙන්නුවා. එතකොට එයාට අවුරුදු 12යි. යේසුස් පවුලේ අය එක්ක විශේෂ රැස්වීමකට යෙරුසලමට ගියා. ඒකට කිව්වේ පාස්කු උත්සවය කියලයි. ඒ ගමන ගොඩක් දුර එකක්. ඒත් ආපහු එද්දී යේසුස් ඒගොල්ලො එක්ක හිටියේ නැහැ. අම්මායි තාත්තායි එයාව හෙව්වත් එයාව හොයාගන්න බැරි වුණා. ඔයා දන්නවද යේසුස් කොහෙද හිටියේ කියලා?—

යේසුස් දේවමාලිගාවේ නතර වුණේ ඇයි?

යෝසෙප් මරියාත් එක්ක ආයෙත් යෙරුසලමට ගිහින් හැම තැනම යේසුස්ව හෙව්වා. එයාව හොයාගන්න බැරි වුණු නිසා ඒ දෙන්නා හිටියේ දුකෙන්. ඒත් දවස් තුනකට පස්සේ එයාලට යේසුස්ව හම්බ වුණා. එයා හිටියේ දේවමාලිගාවේ. යේසුස් දේවමාලිගාවේ හිටියේ ඇයි කියලා ඔයා දන්නවද?— යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න. එයා යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කළා. දෙවිට කීකරු වෙන විදිහ ගැන ඉගෙනගන්න එයා හුඟක් ආස කළා. යේසුස් ලොකු වුණාට පස්සෙත් යෙහෝවා කියපු දේ කළා. කොච්චර අමාරු වුණත් කොච්චර ලොකු වේදනාවක් විඳින්න වුණත් එයා දෙවි කියපු විදිහට හැම වෙලාවෙම වැඩ කළා. යේසුස් පොළොවේ හිටපු එයාගේ අම්මායි තාත්තායි කියපු දේත් ඇහුවද?— ඔව්. එයා ඒ දෙන්නටත් කීකරු වුණා කියලා බයිබලයේ කියනවා.

ඔයාට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?— කොච්චර අමාරු වුණත් ඔයා ඔයාගේ අම්මායි තාත්තායි කියන දේ අහන්න ඕනේ. ඔයා එහෙම කරනවද?—

බයිබලයෙන් කියවන්න

  • ලූක් 1:30-35; 2:45-52

  • එෆීස 6:1

  • හෙබ්‍රෙව් 5:8

ප්‍රශ්න:

  • යෝසෙප් සහ මරියා යේසුස්ගේ අම්මායි තාත්තායි වුණේ කොහොමද?

  • අම්මායි තාත්තායි යෙරුසලමට ගිහින් යේසුස්ව හොයද්දී එයා හිටියේ කොහෙද?

  • යේසුස්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න