ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 12 පාඩම 26-27 පි.
  • මාමාගේ ජීවිතය බේරපු පුතෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාමාගේ ජීවිතය බේරපු පුතෙක්
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • මාමාගේ දිවි ගැලවූ පුතා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සිද්ධ වුණ දේවල් පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • ධෛර්යවත් වෙන්න, යෙහෝවා දෙවියන් ඔයාගේ උදව්වට ඉන්නවා
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ධෛර්යවන්ත ලෙස’ සම්පූර්ණ සාක්ෂියක් දීම
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 12 පාඩම 26-27 පි.
පාවුල්ගේ නෑදෑ පුතා හමුදාපතිට කතා කරයි

12වෙනි පාඩම

මාමාගේ ජීවිතය බේරපු පුතෙක්

අපි දැන් නිර්භීත කෙනෙක් ගැන ඉගෙනගමු. අපි එයාගේ නම දන්නේ නැහැ. ඒත් එයා එයාගේ මාමාගේ ඒ කියන්නේ පාවුල්ගේ ජීවිතය බේරගන්න බය නැතුව වැඩ කරපු කෙනෙක් කියලා නම් අපි දන්නවා. එයා මොනවද කළේ කියලා දැනගන්න ඔයා කැමතිද?—

ඒ වෙනකොට පාවුල් හිටියේ හිරගෙදරක. එයාව හිරේ දාලා තිබුණේ එයා යේසුස් ගැන අනිත් අයට කියලා දුන්න නිසයි. පාවුල් එක්ක තරහෙන් හිටපු නරක මිනිස්සු කට්ටියකට ඕන වුණා එයාව මරන්න. ඒ නිසා ඒගොල්ලො කපටි විදිහට මෙහෙම කතා වුණා. ‘අපි හමුදාපති ළඟට ගිහින් කියමු පාවුල්ව හමුදාවේ අයත් එක්ක අපි ඉන්න තැනට එවන්න කියලා. එයා එද්දී අපි පාරේ හැංගිලා ඉඳලා එයාව මරමු.’

හිරේ ඉන්න පාවුල් තමන්ගේ නෑදෑ පුතා කියන දේට ඇහුම්කන් දෙමින්

නරක මිනිසුන් කරන්න හිටපු දේ ගැන පාවුල්ටයි හමුදාපතිටයි මේ පුතා කිව්වා

පාවුල්ගේ සහෝදරියගේ පුතාට ඒ ගැන දැනගන්න ලැබුණා. එයා මොකද කළේ? එයා හිරගෙදරට ගිහින් ඒ ගැන පාවුල්ට කිව්වා. එතකොට පාවුල් කිව්වා ඉක්මනට ගිහින් ඒ ගැන හමුදාපතිට කියන්න කියලා. හමුදාපති ළඟට ගිහින් ඒක කියන එක ලේසි දෙයක් කියලා ඔයා හිතනවද?— හමුදාපති කියන්නේ හමුදාවේ නායකයා නිසා ඒක ලේසි වුණේ නැහැ. ඒත් එයා බය නැතුව ගිහින් ඒ ගැන හමුදාපතිට කිව්වා.

හමුදාපති ඒක අහලා හමුදාවේ හිටපු 500දෙනෙක් එක්ක එදා රෑම පාවුල්ව සිසේරියට යැව්වා. පාවුල්ව මරන්න අර නරක මිනිසුන්ට පුළුවන් වුණාද?— නැහැ. ඒගොල්ලන්ට ඒක කරන්න බැරි වුණා. ඒ පුතා නිසා පාවුල්ගේ ජීවිතේ බේරුණා.

ඒ කතාවෙන් ඔයාට මොනවද ඉගෙනගන්න පුළුවන්?— ඒ පුතා වගේ ඔයාටත් නිර්භීත කෙනෙක් වෙන්න පුළුවන්. යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියන්න අපි පොඩ්ඩක්වත් බය වෙන්න ඕනෙ නැහැ. ඔයාත් බය නැතුව දෙවි ගැන අනිත් අයට කියනවද?— එහෙම කළොත් ඔයාටත් පුළුවන් අනිත් අයගේ ජීවිත බේරගන්න.

බයිබලයෙන් කියවන්න

  • ක්‍රියා 23:12-24

  • මතෙව් 24:14; 28:18-20

  • 1 තිමෝති 4:16

ප්‍රශ්න:

  • පාවුල්ට මොනවා කරන්නද නරක මිනිසුන්ට ඕනෙ වුණේ?

  • පාවුල්ගේ නෑදෑ පුතා මොකද කළේ? ඒක නිර්භීත වැඩක් කියලා කියන්නේ ඇයි?

  • එයා වගේ නිර්භීත වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න