ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hf 5 කොටස 1-2 කොටස්
  • මව්පියන් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න නම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මව්පියන් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න නම්
  • ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 මව්පියන්ට ඔයාගේ ජීවිතේ දෙන්න ඕන තැන අඳුනගන්න
  • 2 අවශ්‍ය දේ කෙළින් ඒත් ආදරෙන් කියන්න
  • විශ්වාසය බිඳෙන්න දෙන්න එපා
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • සතුටින් පිරි යුග දිවියකට හොඳම ඔවදන් දෙවියන්ගෙන්
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
hf 5 කොටස 1-2 කොටස්
ලේලි උයන විදිහට අකමැති නැන්දම්මා, ඊට වඩා වෙනස් විදිහක් එයාට කියලා දෙයි

5වෙනි කොටස

මව්පියන් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න නම්

“කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.”—කොලොස්සි 3:12

විවාහය කියන්නේ අලුත් පවුලක ආරම්භයක්. අම්මාටයි තාත්තාටයි ඔයා කොච්චර ආදරේ, ගෞරවේ කළත් බැන්ඳට පස්සේ ඔයාගේ සැමියා, බිරිඳ තමයි මේ ලොකේ ඔයාට ඉන්න වැදගත්ම කෙනා. ඒත් ඔයාගේ දෙමාපියන්ට නම් ඒක පිළිගන්න ටිකක් අමාරු වෙයි. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළොත් දෙමාපියන්ව සතුටින් තියන අතරෙම පවුල් ජීවිතේ සතුටින් ගත කරන්නත් ඔයාට පුළුවන්. ඒ ප්‍රතිපත්ති දෙමාපියන්ට විතරක් නෙමෙයි අනිත් නෑදෑයන් සම්බන්ධයෙනුත් අදාළයි.

1 මව්පියන්ට ඔයාගේ ජීවිතේ දෙන්න ඕන තැන අඳුනගන්න

යුවළක් තමන්ගේ දෙමව්පියන් එක්ක කාලය ගත කරයි

බයිබලයේ මෙහෙම කියනවා: “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.” (එෆීස 6:2) ඔයා මොන වයසක හිටියත් අම්මාටයි තාත්තාටයි ගෞරවෙන්, ආදරෙන් සලකන්න ඕනේ. ඔයා වගේම එයාත් එයාගේ දෙමාපියන්ට ආදරෙන් සලකන්න ඕනෙ කියලා තේරුම්ගන්න. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා තුළ ඊර්ෂ්‍යාවක් නැහැ.’ ඒ නිසා එයා ඔයාට වඩා එයාගේ දෙමාපියන්ට ආදරෙයි කියලා හිතලා වධ වෙන්න එපා.—1 කොරින්ති 13:4; ගලාති 5:26.

මෙහෙම කරලා බලන්න:

  • ‘ඔයාගේ පවුලේ අය හැමදාම කතා කරන්නේ මාව පහත් කරලා,’ ‘ඔයාගේ අම්මා ඉතින් කවදාවත් මං කරපු දේකට හොඳක් කිව්වේ නෑනේ’ වගේ දේවල් නොකියා ඉන්න අදිටන් කරගන්න

  • දෙමාපියන් ගැන එයාට හැඟෙන විදිහ තේරුම්ගන්න

2 අවශ්‍ය දේ කෙළින් ඒත් ආදරෙන් කියන්න

බයිබලයේ මෙහෙම කියනවා: “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්පත්ති 2:24) කොච්චර කරදඬු උස්මහත් වුණත් බැඳලා වෙනම පවුල් ජීවිතයක් ගත කළත් දෙමාපියන්ට තමන්ගේ දරුවාව පේන්නේ තාමත් පොඩි දරුවෙක් විදිහට. ඒ නිසා අනවශ්‍ය විදිහට ඔය දෙන්නාගේ පවුල් ජීවිතේට ඒ අය ඇඟිලි ගහන්න ඉඩ තියෙනවා.

ඔය දෙන්නා දැන් වෙනම පවුලක් නිසා ඔයගොල්ලන්ගේ වැඩවලට මැදිහත් වෙන්න දෙමාපියන්ට ඉඩ දෙන්න ඕනෙ යම් සීමාවකට විතරයි. ඒ සීමාව මොකක්ද කියලා දෙන්නා කතාබහ කරලා ඒ ගැන කෙළින් ඒත් හිත රිද්දන්නේ නැතුව දෙමාපියන්ට කියන්න. (හිතෝපදේශ 15:1) නිහතමානිකම, මෘදුකම, ඉවසීම වගේ ගුණාංග ඔයා ළඟ තියෙනවා නම් “එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින්” දෙමාපියන් එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්න පුළුවන් වෙනවා.—එෆීස 4:2.

යුවළක් සාකච්ඡා කරයි. ඔවුන් දෙමව්පියන්ට තෑග්ගක් දෙයි

මෙහෙම කරලා බලන්න:

  • අම්මලා ඔය දෙන්නාගේ ජීවිතේට ඇඟිලි ගහනවා වැඩියි කියලා තේරුණොත් නිදහස් වෙලාවක් බලලා ඔයාගේ සැමියා, බිරිඳ එක්ක ඒ ගැන කතා කරන්න

  • මොනවද කරන්න පුළුවන් කියලා විසඳුමකට එන්න

එයාලාව තේරුම්ගන්න

ඔයාගේ දෙමාපියන් හිතන විදිහත් තේරුම්ගන්න උත්සාහ කරන්න. එයාලා සමහර දේවල් කරන්නේ ඔයා ගැන ඒගොල්ලන්ගේ හිතේ තියෙන ආදරේ නිසා මිසක් ඔයාලගේ පවුල් ජීවිතේ අවුල් කරන්න හිතාගෙන නෙමෙයි. එත් ප්‍රශ්නේ ඔයාලා දැන් වෙනම පවුලක් කියලා අම්මලා තේරුම්ගන්නේ නැති එකයි. අපේ දරුවා අපිව දැන් පැත්තකට දාලා කියලා එයාලට හිතෙනවා ඇති. එත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන විවෘතව කතාබහ කළොත් දෙමාපියන්ට ගෞරවෙන් සලකන අතරෙම පවුල් ජීවිතෙත් සතුටින් ගත කරන්න පුළුවන් වෙයි.

මේ ගැන හිතන්න

  • එයාගේ අම්මායි තාත්තායි අපේ පවුල් ජීවිතේ ගැන හොයලා බලන එක සාමාන්‍ය දෙයක් වෙන්නේ ඇයි?

  • එයාට මගේ ජීවිතේ මුල් තැන දෙන ගමන්ම මගේ දෙමාපියන්ටත් ගෞරවෙන් සලකන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න