ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hf 7 කොටස 1-4 කොටස්
  • දරුවාව හොඳින් පුහුණු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දරුවාව හොඳින් පුහුණු කරන්න
  • ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 හිතේ තියෙන දේ කියන්න දරුවාට ඉඩ දෙන්න
  • 2 දරුවා කියන්න හදන දේ තේරුම්ගන්න
  • 3 ඔය දෙන්නා එකඟයි කියලා දරුවෝ දකින්න ඕනේ
  • 4 සැලැස්මකට අනුව පුහුණු කරන්න
  • බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න
    පවුලේ සන්තෝෂයට රහස
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ දරුවන්ව පුහුණු කිරීමට බයිබලය ඔබට උපකාරවත් වේද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රේමයෙන් හික්මවීමේ වටිනාකම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
hf 7 කොටස 1-4 කොටස්
තාත්තයි පුතයි බයිසිකලයක් හදනවා

7වෙනි කොටස

දරුවාව හොඳින් පුහුණු කරන්න

“මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න.”—ද්විතීය කතාව 6:6, 7

පවුල කියන පුංචි ආයතනය ඇති කරපු දා ඉඳන්ම දරුවන්ගේ භාරකරුවන් විදිහට දෙවියන් පත් කළේ දෙමාපියන්ව. (කොලොස්සි 3:20) ඒ නිසා දරු පැටියාව යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, ගුණයහපත් වැඩිහිටියෙක් කරන්න ඔය දෙන්නට තියෙන්නේ ලොකු වගකීමක්. (2 තිමෝති 1:5; 3:15) ඒක හොඳට කරන්න නම් දරුවාගේ හිතේ තියෙන දේවල් ඔයා දැනගන්න ඕනේ. යෙහෝවා දෙවිගේ වදන්වලින් දරුවාගේ හදවතටම කතා කරන්න ඕනේ. ඒකට දෙවිගේ වදන් ඔය දෙන්නාගේ හිතේ තියෙන එක අත්‍යවශ්‍යයි. (ගීතාවලිය 40:8) මොකද දරුවාව හොඳින් පුහුණු කරන්න නම් ඔයාලගේ ආදර්ශය හරිම වැදගත්.

1 හිතේ තියෙන දේ කියන්න දරුවාට ඉඩ දෙන්න

බයිබලයේ මෙහෙම කියනවා: “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.” (යාකොබ් 1:19) ඔයා කැමති ‘මගේ අම්මායි තාත්තායි එක්ක මට ඕනම දෙයක් කතා කරන්න පුළුවන්’ කියලා දරුවා හිතනවට නේද? එහෙමනම් එයා කතා කරන ඕනම වෙලාවක එයාට ඇහුම්කන් දෙන්න ඔයා ලෑස්තියි කියලා දරුවාට දැනෙන්න ඕනේ. ඒ නිසා එයාට නිදහසේ කතා කරන්න පුළුවන් වාතාවරණයක් ගෙදර ඇති කරන්න. (යාකොබ් 3:18) මොනවා හරි කිව්වම ඔයා කලබල වෙයි, ඇඟට කඩා පනියි, වැරදි විදිහට හිතයි කියලා දරුවාට තේරුණොත් හිතේ තියෙන දේ එයා කියන්නේ නැහැ. දරුවා එක්ක ඉවසීමෙන් වැඩ කරන්න. ඔයා එයාට ආදරෙයි කියලා කියන්න.—මතෙව් 3:17; 1 කොරින්ති 8:1.

මෙහෙම කරලා බලන්න:

  • දරුවා මොනවා හරි දෙයක් කියන්න හදද්දී අනිත් වැඩ පැත්තකට දාලා ඒක අහන්න

  • ප්‍රශ්නයක් ඇති වෙනකම් ඉන්නේ නැතුව නිතරම වගේ දරුවා එක්ක කතාබහ කරන්න

2 දරුවා කියන්න හදන දේ තේරුම්ගන්න

බයිබලයේ මෙහෙම කියනවා: “යම් කාරණයකදී තම වටහාගැනීමේ හැකියාව යොදාගන්න තැනැත්තා තම ජීවිතය සාර්ථක කරගනියි.” (හිතෝපදේශ 16:20) දරුවාගේ වචන පිටිපස්සේ තියෙන එයාගේ හැඟීම් තේරුම්ගන්න උත්සාහ කරන්න. තරුණ දරුවෝ හුඟක් වෙලාවට කතා කරන්නේ හිතලා මතලා නෙමෙයි. සමහර වෙලාවට එයලා හිත රිදෙන විදිහට දේවල් කියනවා. බයිබලේ කියන්නේ “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි” කියලයි. (හිතෝපදේශ 18:13) ඒ නිසා දරුවා කියන දේවලට දුක් වෙන්නවත් කලබල වෙන්නවත් එපා.—හිතෝපදේශ 19:11.

දුව කියපු දෙයක් අහලා අම්මා කලබල වෙයි

මෙහෙම කරලා බලන්න:

  • දරුවා කතා කරද්දී ඒකට බාධා කරන්නවත් කලබල වෙන්නවත් එපා

  • ඔයාත් දරුවාගේ වයසේ හිටියා නේද? ඒ කාලයේ ඔයා හිතපු විදිහ මතක් කරගන්න

3 ඔය දෙන්නා එකඟයි කියලා දරුවෝ දකින්න ඕනේ

බයිබලයේ මෙහෙම කියනවා: “මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.” (හිතෝපදේශ 1:8) දරුවෝ දෙමාපියන්ට කීකරුව, යටත්ව ඉඳියි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔය දෙන්නට කීකරු වෙන්න, ගෞරව කරන්න දරුවාට කියලා දෙන්න. (එෆීස 6:1-3) අම්මාටයි තාත්තාටයි තියෙන්නේ ‘එක හා සමාන ආකල්පයක්’ නෙමෙයි නම් ඒක දරුවන්ට ඉක්මනට තේරෙනවා. (1 කොරින්ති 1:10) යම් දෙයක් ගැන ඔය දෙන්නා එකඟ වෙන්නේ නැත්නම් ඒක දරුවෝ ඉස්සරහා පෙන්නන්න එපා. එහෙම වුණොත් දරුවන්ගේ හිතේ ඔයාලට තියෙන ගෞරවේ නැති වෙලා යයි.

යෙහෝවා දෙවිට සේවය කරන්න, කුඩා කාලයේ ඉඳන් බව්තීස්ම වෙනකල්ම දෙමව්පියන් තම පුතාව පුහුණු කරයි

මෙහෙම කරලා බලන්න:

  • දරුවාට හික්මවීම් දෙන්න ඕනෙ කොහොමද කියලා දෙන්නා කලින්ම කතා වෙන්න

  • දරුවාව පුහුණු කරන විදිහ ගැන ඔය දෙන්නට තියෙන්නේ අදහස් දෙකක් නම් එයාගේ අදහසත් තේරුම්ගන්න බලන්න

4 සැලැස්මකට අනුව පුහුණු කරන්න

බයිබලයේ මෙහෙම කියනවා: “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න.” (හිතෝපදේශ 22:6) හොඳ අවබෝධයක් ඇතුව වැඩ කරන දරුවෙක් ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒකට එයාව හොඳට පුහුණු කරන්න ඕනේ. අවශ්‍ය හික්මවීම් දෙන එකත් ඒකට ඇතුළත්. (ගීතාවලිය 127:4; හිතෝපදේශ 29:17) හික්මවනවා කියන්නේ දඬුවම් දෙන එකටම නෙමෙයි. නීතියක් දාලා තියෙන්නේ ඇයි කියලා තේරුම් කරලා දෙන එකත් ඒකට ඇතුළත්. (හිතෝපදේශ 28:7) ඒ වගේම දෙවියන්ගේ වචනය වන බයිබලයට ඇලුම් කරන්නත් ඒකේ තියෙන ප්‍රතිපත්ති තේරුම්ගන්නත් එයාට උගන්වන්න. (ගීතාවලිය 1:2) හොඳ හෘදය සාක්ෂියක් ඇති කරගන්න ඒක එයාට උදව්වක්.—හෙබ්‍රෙව් 5:14.

මෙහෙම කරලා බලන්න:

  • යෙහෝවා දෙවියන් කියන්නේ විශ්වාසය තියන්න පුළුවන්, ඇත්ත පුද්ගලයෙක් විදිහට දකින්න දරුවාට උදව් කරන්න

  • ඉන්ටර්නෙට්, මිතුරු සමාජ වෙබ් අඩවි වගේ දේවල තියෙන භයානක පැති අඳුනගන්න දරුවාට උදව් කරන්න. ඒවාවලින් ඈත් වෙන විදිහ ගැන කියලා දෙන්න. දරුවන්ට අතවර කරන්න මාන බලාගෙන ඉන්න අයගෙන් බේරෙන හැටි කියලා දෙන්න

තාත්තයි පුතයි බයිසිකලයක් හදනවා

“දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න”

දෙන්නාගේ වෙහෙසට ආශීර්වාද ලැබෙනවාමයි

යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න ඔයාගේ දරුවාව පුහුණු කරන්න දෙවියන් ඔය දෙන්නට දීලා තියෙන්නේ විශේෂ වගකීමක්. (එෆීස 6:4) ඒක ලේසි දෙයක් නෙමෙයි කියලා දෙවියන් දන්නවා. ඒත් කොච්චර අමාරු වුණත් ඔය දෙන්නා ඒක හරියට කළොත් ඒකෙන් දෙවියන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා වගේම ඔය දෙන්නටත් හුඟක් සතුටු වෙන්න පුළුවන් වෙයි.—හිතෝපදේශ 23:24.

මේ ගැන හිතන්න

  • මාත් එක්ක ඕනම දෙයක් කතා කරන්න පුළුවන් කියන විශ්වාසය දරුවාගේ හිතේ ඇති කරන්න මට පුළුවන් කොහොමද?

  • අනිත් දෙමාපියන් ඒ අයගේ දරුවෝ හදන විදිහෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න