ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hf 9 කොටස 1-2 කොටස්
  • එක්ව යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එක්ව යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න
  • ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 යෙහෝවා දෙවිට තවත් කිට්ටු වෙන්න
  • 2 පවුලේ නමස්කාරය රසවත්ම අද්දැකීමක් කරගන්නa
  • පවුල්වලට දෙවිගෙන් තෑග්ගක්
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • පවුලේ නමස්කාරය කියන්නේ මොකද්ද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • පවුලේ නමස්කාරය රසවත් අද්දැකීමක් කරගන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සදාකාල අනාගතයක් සඳහා පවුලක් වශයෙන් ගොඩනැංවීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
hf 9 කොටස 1-2 කොටස්
බයිබලය අධ්‍යයනය කරන යුවළක්

9වෙනි කොටස

එක්ව යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න

“අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද සෑදූ තැනැත්තාණන්ට නමස්කාර කරන්න.”—එළිදරව් 14:7

ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කොච්චර තියෙනවද කියලා ඔයා මේ සඟරාව කියවද්දී දකින්න ඇති. ඔයා ඔයාගේ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්නවටයි යෙහෝවා දෙවියන් කැමති. දෙවිට නමස්කාර කරන්න ඔයාගේ ජීවිතේ පළවෙනි තැන දුන්නොත් ‘අවශ්‍ය ඒ සියලු දේම ඔයාට දෙනවා’ කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (මතෙව් 6:33) දෙවියන්ට ඕනෙ ඔයාව එයාගේ හොඳ යාළුවෙක් කරගන්නයි. ඒ අවස්ථාව නැති කරගන්න එපා. කෙනෙක්ට ලබන්න පුළුවන් වටිනාම දේ ඒකයි.—මතෙව් 22:37, 38.

1 යෙහෝවා දෙවිට තවත් කිට්ටු වෙන්න

යුවළක් එකට සේවයේ හවුල් වෙමින්

බයිබලයේ මෙහෙම කියනවා: “‘මම ඔබට පියෙක් වන්නෙමි. ඔබ මට පුත්‍රයන්ද දූවරුන්ද වන්නහුය’ කියා සියලු බලැති යෙහෝවා දෙවි පවසන්නේය.” (2 කොරින්ති 6:18) හොඳ යාළුවෝ හැම තිස්සෙම කතාබහ කරනවා. දෙවිටත් ඕනෙ ඔයා ඔහු එක්ක යාළුවෙක් වගේ කතා කරනවටයි. ඒ නිසා “නොකඩවා යාච්ඤා කරන්න” කියලා ඔහු කියනවා. (1 තෙසලෝනික 5:17) ඔයාගේ හිතේ තියෙන හැම දේම අහන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා. (ෆිලිප්පි 4:6) පවුලේ අයවත් එකතු කරගෙන දෙවියන්ට යාච්ඤා කරද්දී ඔයාට දෙවියන් කොච්චර ඇත්ත කෙනෙක්ද කියලා ඒගොල්ලෝ තේරුම්ගනියි.

හිතේ තියෙන දේවල් කියනවා වගේම ඔයා දෙවියන් කියන දේවල්වලට ඇහුම්කන් දෙන්නත් ඕනේ. බයිබලය, ඒකේ තියෙන තොරතුරු ඇතුළත් පොත් පත් අධ්‍යයනය කළොත් ඒක කරන්න ඔයාට පුළුවන්. (ගීතාවලිය 1:1, 2) ඉගෙනගන්න දේවල් ගැන හොඳට හිතන්න. (ගීතාවලිය 77:11, 12) සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට වරද්දන්නේ නැතුව යන එකත් දෙවියන් කියන දේවල් අහන්න පුළුවන් එක විදිහක්.—ගීතාවලිය 122:1-4.

යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට කියන එකෙනුත් ඔහු එක්ක තියෙන බැඳීම වැඩි වෙනවා. දෙවියන් ගැන අනිත් අයට කතා කරන තරමට ඔයා තවත් දෙවිට කිට්ටු වෙනවා.—මතෙව් 28:19, 20.

මෙහෙම කරලා බලන්න:

  • බයිබලය කියවන්නත් යාච්ඤා කරන්නත් හැමදාම වෙලාවක් වෙන් කරගන්න

  • විනෝදයට, විවේක සුවයට මුල් තැන දෙනවට වඩා පවුලක් විදිහට දෙවිට නමස්කාර කරන්න මුල් තැන දෙන්න

2 පවුලේ නමස්කාරය රසවත්ම අද්දැකීමක් කරගන්නa

කලින්ම පවුලේ නමස්කාරයට සූදානම් වන පියා පවුලේ අය එක්ක පාඩම කරයි

බයිබලයේ මෙහෙම කියනවා: “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකොබ් 4:8) පවුලේ නමස්කාරයට හොඳ කාලසටහනක් හදාගෙන වරද්දන්නේ නැතුව ඒක කරන්න. (උත්පත්ති 18:19) යෙහෝවා දෙවියන්ව ඔයාගේ පවුලේම කෙනෙක් කරගන්න. “නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත්” දෙවියන් එක්ක තියෙන බැඳීම වැඩි කරන දේවල් පවුලේ අය එක්ක කතා කරන්න. (ද්විතීය කතාව 6:6, 7) යොෂුවා වගේ වෙන්න. ඔහු කිව්වේ “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ” කියලයි.—යොෂුවා 24:15.

මෙහෙම කරලා බලන්න:

  • පවුලේ එක් එක් කෙනා ගැන හිතලා ඒ අයට ගැළපෙන විදිහට පවුලේ නමස්කාරය සැලසුම් කරන්න

අම්මා පුතාට ඇහෙන්න කියවමින්; බයිබලේ තියෙන සිද්ධියක් රඟ දක්වමින්; දුව එක්ක තාත්තා පාඩමක් කරමින්

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම සතියකම වෙලාවක් වෙන් කරගෙන පවුලක් විදිහට බයිබලයේ තියෙන තොරතුරු ගැන කතා කරනවා. ඒකට කියන්නේ පවුලේ නමස්කාරය කියලයි.

යෙහෝවා දෙවිගේ සෙනඟ ඉන්නේ සතුටින්

යෙහෝවා දෙවිට නමස්කාර කරන එක තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ. ඔයාත් ඔයාගේ පවුලේ හැමෝමත් ඔහුට සේවය කරද්දී දෙවියන් හුඟක් සතුටු වෙනවා. දෙවිට වැඩියෙන් සේවය කරද්දී තව තවත් ඔහුට ආදරේ කරන්නත් ඔහුව ආදර්ශයට අරන් වැඩ කරන්නත් ඔයාට පුළුවන් වෙනවා. (මාක් 12:30; එෆීස 5:1) ඔය දෙන්නා අතරට යෙහෝවා දෙවිව එක් කරගත්තොත් දෙන්නාගේ බැඳීම හිතාගන්න බැරි තරම් ශක්තිමත් එකක් වෙයි. (දේශනාකාරයා 4:12; යෙසායා 48:17) “යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාද නිසා” ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙනවා නිසැකයි.—ද්විතීය කතාව 12:7.

මේ ගැන හිතන්න

  • අපි දෙන්නා යුවළක් විදිහට අන්තිමට එකට යාච්ඤා කළේ කවදාද?

  • පවුලේ අයගේ හිතේ දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි කරන්න ඒ අය එක්ක අධ්‍යයනය කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

තාත්තේ, මේ ඔයාටයි

  • පවුලේ නමස්කාරයට බාධාවක් වෙන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා

  • කතා කරන්නේ මොනවා ගැනද කියලා කලින්ම පවුලේ අයට කියන්න. එතකොට ඒ අයටත් පුළුවන් ඒකට ලෑස්ති වෙන්න

  • පවුලේ හැමෝවම ඒකට එකතු කරගන්න

  • ඒක හැමෝටම සතුටු වෙන්න පුළුවන් රසවත් අවස්ථාවක් කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න