ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 27 පරි. 68 පි.-69 පි. 6 ¶
  • මතෙව්ට ආරාධනාවක් ලැබෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මතෙව්ට ආරාධනාවක් ලැබෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • මතෙව්ව කැඳවීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • බදු—“ශිෂ්ට සම්පන්න සමාජයකට” ගෙවිය යුතු මිලක්ද?
    2003 පිබිදෙව්!
  • ඔබ දැන සිටියාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අදදින දෙවියන් වහන්සේගේ දයාව අනුකරණය කරන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 27 පරි. 68 පි.-69 පි. 6 ¶
මතෙව්ගේ නිවසේදී බදු එකතු කරන්නන් හා පව්කාරයන් එක්ක ඉන්න යේසුස් දිහා පරිසිවරුන් බලා සිටියි

27වෙනි පරිච්ඡේදය

මතෙව්ට ආරාධනාවක් ලැබෙයි

මතෙව් 9:9-13 මාක් 2:13-17 ලූක් 5:27-32

  • යේසුස් බදු එකතු කරන්නෙක් වන මතෙව්ට ආරාධනා කරයි

  • ක්‍රිස්තුස් පව්කාරයන්ව ඇසුරු කරන්නේ ඔවුන්ට උදව් කරන්නයි

අංශභාග රෝගියාව සුව කළාට පස්සේ යේසුස් ටික දවසක් කපර්ණවුමේ නතර වෙනවා. සෙනඟ යේසුස් ළඟට එන නිසා ඔහු ඒ අයට උගන්වන්න පටන්ගන්නවා. යේසුස් ඇවිදගෙන යද්දී බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉඳගෙන ඉන්න ලෙවී විදිහටත් හඳුන්වන මතෙව්ව දැක්කාම “මගේ අනුගාමිකයෙක් වන්න” කියා ඔහුට ආරාධනා කරනවා.—මතෙව් 9:9.

පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් යේසුස් උගන්වපු දේවල් සහ ඔහු කරපු බලවත් ක්‍රියාවන් ගැන දැනගෙන හිටියා වගේ සමහරවිට මතෙව්ද ඒ ගැන යම් තොරතුරු දැනගෙන ඉන්න ඇති. ඒ ගෝලයන් හතරදෙනා කළා වගේ ඔහුත් යේසුස්ගේ ආරාධනාව ලැබුණු මොහොතේම ඒක පිළිගන්නවා. මතෙව් වාර්තා කරලා තියෙන සුවිශේෂ පොතේ ඒ ගැන සඳහන් කරලා තියෙන්නේ “එවිට ඔහු [මතෙව්] නැඟිට, ඔහු අනුව ගියේය” කියලයි. (මතෙව් 9:9) ඔව්, බදු අය කරන්නෙක් විදිහට කරපු රැකියාවෙන් සමුගන්නා මතෙව් යේසුස්ගේ ගෝලයෙක් වෙනවා.

බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉන්න මතෙව්ව දකින යේසුස් තමන්ගේ ගෝලයෙක් වෙන්න ඔහුට ආරාධනා කරයි

ටික දවසකට පස්සේ මතෙව් ඔහුගේ නිවසේ විශාල භෝජන සංග්‍රහයක් පවත්වනවා. ඔහු එහෙම කරන්න ඇත්තේ ගෝලයෙක් විදිහට තමන්ව තෝරගත්ත එක ගැන යේසුස්ට අගය පෙන්වන්න වෙන්න ඇති. මේ උත්සවයට ඇවිත් තියෙන්නේ යේසුස්ගේ ගෝලයන් විතරක් නෙවෙයි. මතෙව්ගේ මිතුරන් වුණු බදු අය කරන අයත් මේ උත්සවයට ඇවිත්. මිනිසුන් වෛර කරන රෝම අධිකාරීන්ට තමයි ඒ අය බදු එකතු කරන්නේ. වරායට ආපු නැව්වලින්, ප්‍රධාන මාර්ගවල ගමන් කළ තවලම්කරුවන්ගෙන් වගේම ආනයනය කළ භාණ්ඩ වෙනුවෙනුත් ඔවුන් බදු අය කළා. ඔවුන් බදු අය කරද්දී වංචනික විදිහට වැඩි මුදලක් අය කරන නිසා කවුරුවත් ඔවුන්ට කැමති නැහැ. ‘පව්කාරයන්’ විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්න අයත් මේ උත්සවයට ඇවිත් ඉන්නවා.—ලූක් 7:37-39.

තමන් ධර්මිෂ්ඨයි කියලා හිතාගෙන ඉන්න පරිසිවරු යේසුස් ඒ අයත් එක්ක ඉන්නවා දකිද්දී “ඔබේ ගුරුතුමා බදු එකතු කරන්නන් හා පව්කාරයන් සමඟ එකට ඉඳගෙන කෑම කන්නේ ඇයි” කියා ගෝලයන්ගෙන් අසනවා. (මතෙව් 9:11) ඒ දේ යේසුස්ට ඇහුණාම ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ. එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මන්ද මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.” (මතෙව් 9:12, 13; හොෂෙයා 6:6) පරිසිවරු යේසුස්ව “ගුරුතුමා” විදිහට හැඳින්නුවේ අවංක චේතනාවකින් නොවුණත් ඔවුන්ට යේසුස්ගෙන් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

මතෙව් බදු එකතු කරන අයටත් පව්කාරයන්ටත් ආරාධනා කරන්න ඇත්තේ ඔවුන්ටත් යේසුස්ගෙන් ඉගෙනගන්න අවස්ථාව දීලා ඔවුන්ව දෙවිට ළං කරන්න හිතාගෙන වෙන්න ඇති. “ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එතැන් සිට ඔහුගේ අනුගාමිකයන්” වෙනවා. (මාක් 2:15) යේසුස්ට ඕනෙ ඒ අයට දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් කරන්නයි. තමන් ධර්මිෂ්ඨයි කියලා හිතන පරිසිවරුන් ඒ වගේ අයව හෙළා දැක්කත් යේසුස් එහෙම කරන්නේ නැහැ. ඔහු ඔවුන්ට දයානුකම්පාවෙන් සලකනවා. දෙවිගෙන් ඈත් වෙලා ඉන්න හැමෝටම දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් කරන්න යේසුස්ට පුළුවන්.

බදු එකතු කරන අයටත් පව්කාරයන්ටත් යේසුස් දයානුකම්පාවෙන් සලකන්නේ ඒ අයගේ වැරදි නොසලකාහරින්න නෙවෙයි. ඒ වෙනුවට යේසුස්ට ඕනෙ රෝගාතුරව ඉන්න අයට සලකපු විදිහටම මේ අයටත් ආදරෙන් සලකන්නයි. ඔහු ලාදුරු රෝගියාව සුව කරපු විදිහ ගැන ටිකකට හිතන්න. ඒ අවස්ථාවේදී දයානුකම්පාවෙන් පෙලඹුණු ඔහු ලාදුරු රෝගියාව අතින් අල්ලලා “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පැවසුවා. (මතෙව් 8:3) අනිත් අයට දයානුකම්පාවෙන් සලකන එක සම්බන්ධයෙන් යේසුස් අපිට මොන තරම් කදිම ආදර්ශයක්ද! දෙවිගෙන් ඈත් වෙලා ඉන්න අයට දයානුකම්පාවෙන් සලකලා ඒ අයට ඔහු එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අපිත් උදව් කරමු.

  • යේසුස්ට මතෙව්ව මුණගැහෙද්දී ඔහු කරමින් හිටියේ මොනවාද?

  • යුදෙව්වන් බදු එකතු කරන අයට කැමති නැත්තේ ඇයි?

  • යේසුස් පව්කාරයන්ව ඇසුරු කළේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න