ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 29 පරි. 72 පි.-73 පි. 8 ¶
  • සබත් දවසේ යහපත් වැඩක් කරන්න පුළුවන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සබත් දවසේ යහපත් වැඩක් කරන්න පුළුවන්ද?
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සබත් දවසේදී යහපත් වැඩ කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඔහු මිනිසුන්ට ආදරේ කළා
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ගොස් සිලෝම් පොකුණෙන් සෝදාගන්න”
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ලෙඩුන්ව සුව කරයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 29 පරි. 72 පි.-73 පි. 8 ¶
බෙත්සාතා පොකුණ අසලදී අසනීප මිනිසෙක් එක්ක යේසුස් කතා කරයි

29වෙනි පරිච්ඡේදය

සබත් දවසේ යහපත් වැඩක් කරන්න පුළුවන්ද?

යොහන් 5:1-16

  • යේසුස් යුදයේ දේශනා කරයි

  • පොකුණ අසල සිටි අසනීප මිනිසාව සුව කරයි

යේසුස් ගලීලයේ ඉඳන් කරපු සේවයෙන් මේ වෙද්දී හුඟක් හොඳ ප්‍රතිඵල ලැබිලයි තියෙන්නේ. ඒත් “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි” කියා ඔහු පවසනවා. යේසුස් එහෙම කියන්නේ ගලීලයට අමතරව වෙනත් නුවරවලත් දේශනා කරන්න ඕනෙ කියලා ඔහු තේරුම් අරන් ඉන්න නිසයි. දැන් ඔහු “යුදයේ නුවරවල සංචාරය කරමින් එහි සිනගෝගවල දේශනා” කරන්න පිටත් වෙනවා. (ලූක් 4:43, 44) යේසුස් යුදයට යන එක ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද වසන්ත කාලය උදා වෙලා තියෙන නිසා යුදෙව්වරු යෙරුසලමේ පවත්වන උත්සවයත් ළඟ ළඟම එනවා.

ගලීලයේදී යේසුස් කරපු සේවය ගැන සුවිශේෂ පොත්වල හුඟක් තොරතුරු වාර්තා වෙලා තිබුණත් ඔහු යුදයේ ඉඳන් කරපු සේවය ගැන ඒ හැටි තොරතුරු වාර්තා වෙලා නැහැ. යුදයේදී යේසුස් කරන සේවයට හුඟදෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැති වුණත් යන යන හැම තැනකම ශුභාරංචිය දේශනා කරන ඔහු දිගටම යහපත් ක්‍රියාවන් කරනවා.

වැඩි දවසක් යන්න කලින් යේසුස් යුදයේ ප්‍රධාන නගරය වන යෙරුසලම බලා පිටත් වෙනවා. ඒ ක්‍රි.ව. 31දී පවත්වන පාස්කුව සමරන්නයි. යෙරුසලමේ බැටළු දොරටුව අසල කුලුණු සහිත සක්මන් මළුවලින් වට වුණු පොකුණක් තියෙනවා. ඒ පොකුණ හඳුන්වන්නේ බෙත්සාතා නමින්. විවිධ අසනීපවලින් පෙළෙන, අන්ධ, අත පය පණ නැති අය තමයි මේ පොකුණට එන්නේ. ඒ වගේ අය මෙතැනට එන්නේ පොකුණේ වතුර කැලඹෙද්දී ඒකට බැස්සොත් අසනීප සුව වෙනවා කියලා මිනිසුන් අතරේ විශ්වාසයක් තියෙන නිසයි.

සබත් දවසේදී යේසුස් ඒ පොකුණ ළඟට ආවාම අවුරුදු 38ක් පුරා අසනීපයෙන් ඉන්න මිනිසෙක්ව ඔහු දකිනවා. “ඔබ කැමතිද සුව වෙන්න” කියලා යේසුස් ඔහුගෙන් ඇහුවාම ඒ මිනිසා පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මහත්මයාණෙනි, වතුර කැලඹෙන විට පොකුණට බහින්න මට උදව් කරන්න කවුරුත් නැහැ. මම යන්න උත්සාහ කරන විට මට කලින් තවත් කෙනෙක් වතුරට බහිනවා.”—යොහන් 5:6, 7.

යේසුස් ඔහුට පවසන්නේ “නැඟිට, ඔබේ යහනත් රැගෙන ඇවිදින්න” කියායි. (යොහන් 5:8) අදහාගන්නවත් බැරි විදිහට ඒ මොහොතේම සුවය ලබන ඒ මිනිසා යහනත් අරන් ඇවිදින්න පටන්ගන්නවා.

යේසුස් විසින් සුව කරනු ලැබූ මිනිසා එක්ක යුදෙව්වන් කතා කරයි

ඒ පුදුමාකාර දේ ගැන සතුටු වෙනවා වෙනුවට යුදෙව්වන් ඒ මිනිසා පිට වරද පටවමින් මෙහෙම කියනවා. “අද සබත් දවස කියා ඔබ දන්නේ නැද්ද? මේ විදිහට ඔබේ යහන උසුලාගෙන යෑම නීති විරෝධීයි.” එතකොට ඒ මිනිසා “‘ඔබේ යහන රැගෙන ඇවිදින්න’ කියා මට කිව්වේ මාව සනීප කළ තැනැත්තායි” කියා පවසනවා. (යොහන් 5:10, 11) ඒක ඇහුවාම සබත් දවසේදී අසනීපයෙන් සිටි ඒ මිනිසාව සුව කරපු කෙනා එක්ක යුදෙව්වන්ට කේන්තියක් ඇති වෙනවා.

“ඔබට, ‘එය රැගෙන ඇවිදින්න’ කියා පැවසුවේ කවුද” කියා ඔවුන් ඒ මිනිසාගෙන් අහනවා. ඔවුන් එහෙම අහන්නේ ඒ වෙද්දිත් “යේසුස් එතැනින් ඉවත්ව” ගිහින් හිටිය නිසයි. තමන්ව සුව කරපු කෙනාගේ නම මොකක්ද කියලා ඒ මිනිසා දන්නෙත් නැහැ. (යොහන් 5:12, 13) ඒත් ටික වෙලාවකට පස්සේ ඔහුට දේවමාලිගාවේදී යේසුස්ව මුණගැහුණාම පොකුණ අසලදී තමන්ව සුව කළේ කවුද කියලා ඔහු දැනගන්නවා.

සුවය ලබපු ඒ මිනිසා තමන්ගෙන් ප්‍රශ්න කරපු යුදෙව්වන්ව මුණගැහිලා තමන්ව සනීප කළේ යේසුස් කියා ඔවුන්ට පවසනවා. ඒක අහලා ඔවුන් යේසුස්ව හමු වෙන්න යනවා. ඔවුන් යන්නේ යේසුස් එවැනි බලවත් ක්‍රියා කරන්නේ කොහොමද කියලා දැනගන්න නෙවෙයි. ඒ වෙනුවට සබත් දවසේදී යහපත් වැඩක් කරපු එක ගැන ඔහුට චෝදනා කරන්නයි. ඔවුන් යේසුස්ට පීඩා කරන්නත් පටන්ගන්නවා.

  • යේසුස් යුදයට ගියේ ඇයි? ඔහු දිගටම කළේ මොනවාද?

  • බෙත්සාතා නමින් හඳුන්වපු පොකුණට හුඟක් අය ගියේ ඇයි?

  • පොකුණ අසලදී යේසුස් කරපු ආශ්චර්යය මොකක්ද? සමහර යුදෙව්වන්ට ඒ ගැන හැඟුණේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න