ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 37 පරි. 94 පි.-95 පි. 2 ¶
  • යේසුස් වැන්දඹුවකගේ පුත්‍රයාව නැවත නැඟිටුවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් වැන්දඹුවකගේ පුත්‍රයාව නැවත නැඟිටුවයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් වැන්දඹුවකගේ ශෝකය පහ කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • මිය ගිය අයට ජීවිතය දිය හැකි දෙවි කෙනෙක්
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි මැරුණත් අපිට ආපහු ජීවිතය ලැබෙනවා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • “ඒක නම් වෙන්න බැහැ!”
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 37 පරි. 94 පි.-95 පි. 2 ¶
වැන්දඹුවකගේ පුතාගේ දේහය උසුලාගෙන යන මිනිසුන් පිරිසක්ව යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් දකිනවා

37වෙනි පරිච්ඡේදය

යේසුස් වැන්දඹුවකගේ පුත්‍රයාව නැවත නැඟිටුවයි

ලූක් 7:11-17

  • නායින් නුවරේ කළ නැවත නැඟිටුවීම

කපර්ණවුමේදී හමුදා නිලධාරියාගේ සේවකයාව සුව කළාට පස්සේ යේසුස් ගමන් කරන්නේ නිරිත දෙසින් පිහිටා තියෙන නායින් නුවරට. කපර්ණවුමේ ඉඳන් ඒ නුවරට කිලෝමීටර් 32කටත් වඩා වැඩි දුරක් තියෙනවා. මේ ගමනට යේසුස් එක්ක ඔහුගේ ගෝලයන් සහ තවත් විශාල සමූහයක් එකතු වෙනවා. පෙනෙන විදිහට ඔවුන් නායින් නුවරට එද්දී හැන්දෑ වෙලා තියෙන්න ඇති. ඒ නුවරේ දොරටුව ළඟට ආවාම, මිය ගිය තරුණයෙකුගේ දේහය උසුලාගෙන යන මිනිසුන් පිරිසක්ව ඔවුන් දකිනවා. ඔවුන් මේ තරුණයාගේ දේහය නුවරින් පිටතට ගෙනියන්නේ ඔහුව භූමදානය කරන්නයි.

මිය ගිය තරුණයා ගැන වැඩියෙන්ම වැලපෙන්නේ ඔහුගේ මව. වැන්දඹුවක් වන ඇයට සිටියේ මේ දරුවා විතරමයි. ඇගේ ස්වාමිපුරුෂයා මිය ගිය අවස්ථාවේදී අඩුම තරමින් මේ දරුවා ඇයත් එක්ක හිටියා. ඔවුන් දෙදෙනා අතරේ මොන තරම් කිට්ටු බැඳීමක් තියෙන්න ඇද්ද! ඇගේ හැම බලාපොරොත්තුවක්ම මේ දරුවා වටා ගෙතී තියෙන්න ඇති. ඒත් දැන් ඇගේ තනිකම මකන්නවත් ඇගේ අවශ්‍යතා ඉටු කරන්නවත් කිසිම කෙනෙක් නැහැ.

මේ වැන්දඹුවගේ අසරණ තත්වය ගැන යේසුස්ට මහත් අනුකම්පාවක් දැනෙනවා. “අඬන්න එපා” කියා ඉතාමත් කාරුණිකව ඇයට පවසන ඔහු දේහය ගෙනියන යහනට අත තියන්නේ ඒ නිසයි. (ලූක් 7:13, 14) ඔහු ක්‍රියා කරන විදිහ නිසා දේහය උසුලාගෙන යන අය නතර වෙනවා. ‘ඔහු කරන්න යන්නේ මොනවාද’ කියා ඔවුන් කල්පනා කරන්න ඇති.

නැවත නැඟිටවපු පුතාව යේසුස් මවට භාර දෙයි; මිනිසුන් පුදුමයෙන් බලා සිටියි

යේසුස් එක්ක ගමනට හවුල් වුණු අය යේසුස් බලවත් ක්‍රියා කරමින් රෝගීන්ව සුව කරපු විදිහ දැකලා තිබුණා. ඒත් පෙනෙන විදිහට යේසුස් මිය ගිය කෙනෙක්ට නැවත ජීවිතය දෙන විදිහ නම් ඒ අය දැකලා නැහැ. අතීතයේදී දෙවිගේ සේවකයන් මිය ගිය අයව නැවත නැඟිටුවලා තිබුණත් මේ අවස්ථාවේදී යේසුස් එහෙම දෙයක් කරයිද? (1 රාජාවලිය 17:17-23; 2 රාජාවලිය 4:32-37) මිය ගොස් සිටින මිනිසාට “තරුණය, දැන් නැඟිටින්න” කියා යේසුස් කියද්දී ඒ මොහොතේම ඔහු නැඟිට කතා කරන්න පටන්ගන්නවා. (ලූක් 7:14) පුදුමයෙන් ඒ දෙස බලා සිටින වැන්දඹුවට යේසුස් ඇගේ පුතාව භාර දෙනවා. දැන් ඇය තනි වෙලා නැහැ. ඒ ගැන ඇයට මොන තරම් නම් සතුටක් දැනෙන්න ඇද්ද!

මිය ගිහින් හිටිය තරුණයා නැවතත් ජීවත් වෙනවා දකිද්දී එතැන හිටිය මිනිසුන් “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක් ඇවිල්ලා” කියා පවසමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගන්නවා. තවත් අය පවසන්නේ “දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා” කියලයි. (ලූක් 7:16) ඒ බලවත් ක්‍රියාව ගැන ආරංචිය ඒ අවට ප්‍රදේශවල පැතිරෙනවා. පෙනෙන විදිහට කිලෝමීටර් 10ක් ඈතින් පිහිටා තියෙන යේසුස් හැදී වැඩුණු නාසරෙත් නුවරටත් ඒ ආරංචිය යනවා. ඒ විතරක් නෙවෙයි දකුණෙන් පිහිටලා තියෙන යූදා දේශය පුරාත් ඒ ආරංචිය පැතිරෙනවා.

තවමත් සිරභාරයේ ඉන්න යොහන් බව්තීස්ත යේසුස් කරන පුදුම ක්‍රියාවන් ගැන දැනගන්න ලොකු ආශාවකින් ඉන්නවා. ඔහුගේ ගෝලයනුත් යේසුස් කරන පුදුම ක්‍රියාවන් ගැන ඔහුට දැනුම් දෙනවා. ඒ දේවල් ගැන දැනගද්දී යොහන්ට මොනවා හිතෙන්න ඇද්ද?

  • යේසුස් නායින් නුවරට ආවාම දැක්කේ මොනවාද?

  • ඒ ගැන යේසුස්ට හැඟුණේ කොහොමද? ඔහු කළේ මොනවාද?

  • යේසුස් කරපු දේ දැක්කාම මිනිසුන් කළේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න