ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 73 පරි. 172 පි.-173 පි. 1 ¶
  • සැබෑ අසල්වැසියෙක් වූ සමරිතානුවරයෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ අසල්වැසියෙක් වූ සමරිතානුවරයෙක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • කාරුණික සමරිතානුවරයා
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • කරුණාවන්තකම ගැන පාඩමක්
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාරියයෙක් යහපත් අසල්වැසියෙකු බව ඔප්පු වෙයි
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් උගන්වන විදිය
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 73 පරි. 172 පි.-173 පි. 1 ¶
පූජකයෙක් සහ ලෙවීවරයෙක් බිම වැටිලා ඉන්න මිනිසෙකුව නොදැක්කා වගේ ගියත් සමරිතානුවරයෙක් ඒ මිනිසා ළඟට යයි

73වෙනි පරිච්ඡේදය

සැබෑ අසල්වැසියෙක් වූ සමරිතානුවරයෙක්

ලූක් 10:25-37

  • සදාකාල ජීවනය ලබාගන්න කරන්න ඕන දේ ගැන අසයි

  • සමරිතානුවරයෙක් සැබෑ අසල්වැසියෙක් වෙයි

යේසුස් තාමත් ඉන්නේ යෙරුසලමට කිට්ටුවෙන්. ඔහුව හමු වෙන්න දැන් යුදෙව්වන් ඇවිත්. සමහර අය ඇවිත් ඉන්නේ ඔහුගෙන් ඉගෙනගන්න. හැබැයි තවත් අය ඇවිත් ඉන්නේ ඔහුගේ වරදක් අල්ලගන්න. ඒ අතරේ ඉන්න නීතිය ගැන හොඳින්ම දන්න කෙනෙක් මෙහෙම අහනවා. “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ?”—ලූක් 10:25.

යේසුස් තේරුම්ගන්නවා ඔහු ඒ ප්‍රශ්නය අහන්නේ යටි චේතනාවක් හිතේ තියාගෙනයි කියලා. සමහරවිට ඔහු උත්සාහ කරන්න ඇත්තේ යුදෙව්වන්ට යේසුස් එක්ක කේන්ති යන පිළිතුරක් යේසුස්ගෙන් ලබාගන්න වෙන්න ඇති. ඔහු අහපු ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ඔහුට තියෙනවා කියලා යේසුස් තේරුම්ගන්නවා. ඒ නිසයි හිතේ තියෙන දේ එළියට ගන්න යේසුස් මෙහෙම අහන්නේ.

“නීතියේ ලියා තිබෙන්නේ මොනවාද? ඔබ එය කියවද්දී තේරුම්ගත්තේ මොනවාද?” ඔහු ඊට පිළිතුරු දෙන්නේ ද්විතීය කතාව 6:5 සහ ලෙවී කතාව 19:18 පදනම් කරගෙනයි. ඔහු මෙහෙම කියනවා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ එසේම ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—ලූක් 10:26, 27.

යේසුස් දැන් ඔහුට මෙහෙම කියනවා. “ඔබේ පිළිතුර නිවැරදියි. ‘ඔබ දිගටම ඒ දේ කළොත් ඔබටත් ජීවනය ලැබෙයි.’” කොහොමවුණත් ඒ සාකච්ඡාව එතැනින් නතර වෙන්නේ නැහැ. ඔහුට ඕනෙ තමන් හිතන විදිහ සහ අනිත් අයට සලකන විදිහ හරියි කියලා යේසුස්ගේ කටින් අහගෙන ‘තමා ධර්මිෂ්ඨයෙක් බව ඔප්පු කරන්නයි.’ ඒ නිසා “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා ඔහු යේසුස්ගෙන් අහනවා.—ලූක් 10:28, 29.

යුදෙව්වන් හිතන්නේ “අසල්වැසියා” විදිහට සලකන්න ඕනෙ යුදෙව් සම්ප්‍රදායන් පිළිපදින අයව කියලයි. ඔවුන් එහෙම හිතනවා ඇත්තේ ලෙවී කතාව 19:18 සඳහන් දේ වැරදියට තේරුම්ගත්ත නිසා වෙන්න ඇති. ඒ නිසා යුදෙව්වන්ට කාරුණිකව සලකනවා නම් තමන් ධර්මිෂ්ඨයි කියලා මේ මිනිසා වගේම යේසුස්ගේ සමහර ගෝලයනුත් හිතනවා ඇති. හැබැයි වෙනත් ජාතියක කෙනෙක් එක්ක කතා කරන එක “සම්පූර්ණයෙන්ම තහනම්” කියලයි යුදෙව්වන් හිතන්නේ. (ක්‍රියා 10:28) වෙන ජාතියක කෙනෙක්ව “අසල්වැසියා” විදිහට සලකන්නේ නැති ඔවුන් ඒ අයට කාරුණිකව සලකන එකක් නැහැ.

එතැන ඉන්න අනිත් යුදෙව්වන්ගේ හිත් රිදෙන්නේ නැති විදිහට ඔවුන් හිතන විදිහ වැරදියි කියලා පැහැදිලි කරන්න යේසුස්ට පුළුවන් වෙයිද? ඔව්. යේසුස් දැන් කතාවක් කියනවා. “එක්තරා මිනිසෙක් යෙරුසලමේ සිට යෙරිකෝව දක්වා බැස යන පාර දිගේ ගමන් කරමින් සිටියා. එසේ යන විට ඔහු කොල්ලකරුවන් පිරිසකට හසු වුණා. එම කොල්ලකරුවන් ඔහුට හොඳටම පහර දී ඔහුගේ වස්ත්‍ර හා ඔහු ළඟ තිබුණු හැම දෙයක්ම පැහැරගෙන ගියා. ඔවුන් ඔහුව අත්හැර දමා යන විට බරපතළ ලෙස තුවාල වූ ඔහු සිහි නැති තත්වයකයි සිටියේ. මේ අතරේ එම පාර දිගේ පූජකයෙක් ගමන් කළා. තුවාල වී සිටි පුද්ගලයාව දැක දැකත් පාරේ අනික් පැත්තට මාරු වූ ඔහු, නොදැක්කා වගේ තම ගමන ගියා. ඉන්පසුව ලෙවීවරයෙකුත් එම පාර දිගේ ආවා. ඔහුත් එම පුද්ගලයාව දැක්කත් පාරේ අනික් පැත්තට මාරු වී ගියා. එවිට ඒ පාර දිගේ එක්තරා සමරිතානුවරයෙක් පැමිණියා. තුවාලව සිටි පුද්ගලයාව දුටු ඔහුට එම පුද්ගලයා ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා.”—ලූක් 10:30-33.

යේසුස්ගෙන් ප්‍රශ්නය අහපු මිනිසා දන්නවා පූජකයන් සහ දේවමාලිගාවේ වැඩ කරන ලෙවීවරු යෙරිකෝවේ ජීවත් වෙනවා කියලා. දේවමාලිගාවේ ඉඳලා යෙරිකෝවට කිලෝමීටර් 23ක් විතර දුරයි. යන්න තියෙන පාර හොරු ඉන්න භයානක පාරක්. හරි නම් ඒ වගේ පාරක යුදෙව්වෙක් වැටිලා ඉන්නවා දැක්කොත් පූජකයන් සහ ලෙවීවරුන් ඔහුට උදව් කරන්න ඕනේ. ඒත් යේසුස් කියපු කතාවේ නම් එහෙම දෙයක් වුණේ නැහැ. අනතුරේ වැටුණු මිනිසාට උදව් කළේ යුදෙව්වන් පහත් කරලා සලකපු සමරිතානුවරයෙක් විතරයි.—යොහන් 8:48.

ඔහු යුදෙව්වාට උදව් කළේ කොහොමද? “ඔහු ඒ මිනිසා ළඟට ඇවිත් ඔහුගේ තුවාලවලට වයින් සහ තෙල් දමා බැන්දා. ඉන්පසු ඔහු ඒ මිනිසාව තම බූරුවා පිට නංවා ඔහුව තානායමකට ගෙන ගියා. ඔහු එහිදීත් ඔහුව හොඳින් බලාගත්තා. පසුවදා ඔහු තානායම්කරුට ඩිනාරි දෙකක් දී, ‘මේ මිනිසාව හොඳින් බලාගන්න. මීට වැඩියෙන් ඔබට වියදම් වුණොත් මම නැවත එන කොට එයත් ගෙවන්නම්’ කියා පැවසුවා.”—ලූක් 10:34, 35.

ඒ කතාව කිව්වාට පස්සේ යේසුස් ඒ මිනිසාගෙන් මෙහෙම අහනවා. “කොල්ලකරුවන්ට හසු වූ ඒ මිනිසාට අසල්වැසියෙක් වී කටයුතු කළේ ඒ පුද්ගලයන් තුන්දෙනාගෙන් කවුද?” ඔහු පිළිතුරු දෙන්නේ “ඔහුට දයාව දැක්වූ තැනැත්තා” කියලයි. සමහරවිට “සමරිතානුවරයා” කියලා කියන්න ඔහුගේ හිත ඔහුට ඉඩ දුන්නේ නැතුව ඇති. දැන් “ඔබත් ගොස් ඒ දේම කරන්න” කියලා යේසුස් ඒ මිනිසාට කියනවා.—ලූක් 10:36, 37.

ඔහුට උගන්වන්න යේසුස් පාවිච්චි කළේ මොන තරම් දක්ෂ ක්‍රමයක්ද! යුදෙව් නොවන අයවත් අසල්වැසියන් විදිහට සලකන්න කියලා යේසුස් නිකම්ම කිව්වේ නැහැ. එහෙම කළා නම් ඒ මිනිසාවත් එතැන හිටිය අනිත් යුදෙව්වන්වත් ඒක පිළිගනියි කියලා හිතන්න බැහැ. ඔහු යුදෙව්වන් හොඳින් දන්න තොරතුරු පාවිච්චි කරලා කතාවක් කියපු නිසා “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා අහපු ප්‍රශ්නයට උත්තරේ එතැන හිටිය හැමෝටම පැහැදිලි වුණා. බයිබලයේ සඳහන් වෙන විදිහට අනිත් අයට ප්‍රේමයෙන් සහ කරුණාවෙන් සලකන කෙනෙක් තමයි සැබෑ අසල්වැසියෙක් වෙන්නේ.

  • සදාකාල ජීවනය ලබාගන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා යුදෙව්වෙක් යේසුස්ගෙන් ඇහුවේ ඇයි?

  • යුදෙව්වන් තමන්ගේ අසල්වැසියන් විදිහට සැලකුවේ කාවද? ඒ ඇයි?

  • අපේ අසල්වැසියා කවුද කියලා යේසුස් පැහැදිලි කළේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න