ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 87 පරි. 204 පි.-205 පි. 3 ¶
  • තැනට සුදුසු නුවණ පාවිච්චි කළ සේවකයෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තැනට සුදුසු නුවණ පාවිච්චි කළ සේවකයෙක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ප්‍රායෝගික ප්‍රඥාව ඇතුව අනාගතය සැලසුම් කරන්න
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඔබ දැන සිටියාද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කවදාවත් අහිමි නොවන වස්තුව රැස් කරගන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සූදානමින් සිටිය යුතු විශ්වාසවන්ත සේවකයා
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 87 පරි. 204 පි.-205 පි. 3 ¶
ස්වාමියෙක් සේවකයෙකුව රැකියාවෙන් ඉවත් කරමින්

87වෙනි පරිච්ඡේදය

තැනට සුදුසු නුවණ පාවිච්චි කළ සේවකයෙක්

ලූක් 16:1-13

  • අධර්මිෂ්ඨ සේවකයා ගැන නිදර්ශනය

  • ඔබ උපයන ධනයෙන් “මිතුරන් ඇති කරගන්න”

පසුතැවෙන පව්කාරයන්ට සමාව දෙන්න දෙවියන් කැමැත්තෙන් ඉන්නවා කියලා නැති වුණු පුතා ගැන කියපු නිදර්ශනයෙන් යේසුස් පැහැදිලි කළා. එතැන හිටිය අයබදු එකතු කරන අයට, නීතිය පිටපත් කරන අයට සහ පරිසිවරුන්ට ඒක තදින්ම කාවදින්න ඇති. (ලූක් 15:1-7, 11) දැන් යේසුස් කතා කරන්නේ ගෝලයන් එක්ක. මේ වතාවේදී ඔහු ධනවත් ස්වාමියෙක් සහ සේවකයෙක් ගැන නිදර්ශනයක් කියනවා.

1. කළ යුත්තේ කුමක්ද කියා සේවකයා කල්පනා කරමින්; 2. ස්වාමියාට ලැබිය යුතු ණය මුදල අඩු කරමින්

ස්වාමියාගේ දේපොළ නැති නාස්ති කරනවා කියලා ඒ සේවකයාට චෝදනාවක් එල්ල වෙලා. ඒ නිසා ඔහුව රැකියාවෙන් ඉවත් කරනවා කියලා ස්වාමියා දැනුම් දෙනවා. “මගේ ස්වාමියා මට පැවරූ සියලුම වගකීම්වලින් මාව පහ කරන්න යන නිසා මම දැන් මොනවද කරන්නේ” කියලා කල්පනා කරන සේවකයා තමන්ටම මෙහෙම කියාගන්නවා. “බිම කොටා වගා කරන්න තරම් ශක්තියක් මට නැහැ. අනික මට හිඟා කන්නත් බැහැ. මට හොඳ අදහසක් ආවා. ඒ අනුව කටයුතු කළොත් මගේ වගකීම් මට අහිමි වුණත් මිනිස්සු මාව ඔවුන්ගේ නිවෙස්වලට පිළිගනීවි.” ඊටපස්සේ ස්වාමියාට ණය වෙලා ඉන්න සේවකයන්ව කැඳවන ඔහු “ඔබ මගේ ස්වාමියාට කොච්චරක් ණයද” කියලා එක් එක් කෙනාගෙන් අහනවා.—ලූක් 16:3-5.

පළමු කෙනා උත්තර දෙන්නේ “ඔලීව තෙල් බාත් සියයක්” කියලයි. ඒ කියන්නේ ඔලීව තෙල් ලීටර් 2,200ක්. සමහරවිට ඒ කෙනා ලොකු ඔලීව වත්තක් තිබුණු කෙනෙක් එහෙමත් නැත්නම් තෙල් විකුණන වෙළෙන්දෙක් වෙන්න ඇති. “ඔබේ ගනු දෙනුව සඳහන් ලියවිල්ල ගෙන ඉක්මන් කර පනහක් [ලීටර් 1,100ක්] කියා ලියාගන්න” කියලා සේවකයා ඔහුට කියනවා.—ලූක් 16:6.

තවත් කෙනෙක්ගෙන් “ඔබ කොච්චරක් ණයද” කියලා සේවකයා අහද්දී “තිරිඟු කෝර් සියයක්” කියලා ඔහු කියනවා. ඒ කියන්නේ තිරිඟු ලීටර් 22,000ක්. සේවකයා ඔහුට මෙහෙම කියනවා. “ඔබේ ගනු දෙනුව සඳහන් ලියවිල්ලේ අසූවක් කියා ලියාගන්න.” ඒ විදිහට ඔහු ණය මුදල සියයට 20කින් අඩු කළා.—ලූක් 16:7.

සේවකයාව තවමත් රැකියාවෙන් ඉවත් කරලා නැති නිසා ස්වාමියාට ලැබෙන්න තියෙන ණය මුදල අඩු කරන්න ඔහුට අයිතිය තියෙනවා. ඔහු ඒ විදිහට ණය මුදල අඩු කරපු එකෙන් තමන්ට රැකියාව අහිමි වුණාට පස්සේ උදව් ගන්න පුළුවන් අයව ඔහු මිතුරන් කරගත්තා.

සිද්ධ වෙලා තියෙන දේ ගැන ස්වාමියාට දැනගන්න ලැබුණත් ඔහු ඒ ගැන කේන්ති ගන්නේ නැහැ. තමන්ට ඒකෙන් පාඩුවක් වුණත් ‘අධර්මිෂ්ඨ’ විදිහට වැඩ කරපු සේවකයා “තැනට සුදුසු නුවණින්” ක්‍රියා කරපු එක ගැන ඔහු ඒ සේවකයාව අගය කරනවා. දැන් යේසුස් කියන්නේ මෙහෙමයි. “ආලෝකයේ දරුවන්ට වඩා මෙම සමාජයේ ජීවත් වන අයට තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන ආකාරය ගැන අවබෝධයක් තිබෙනවා.”—ලූක් 16:8.

යේසුස් ඒ නිදර්ශනය කිව්වේ ඒ සේවකයා ක්‍රියා කරපු විදිහ හරි කියලා කියන්නවත් ව්‍යාපාර කටයුතුවලදී වංක වෙන්න කියලා දිරිගන්වන්නවත් නෙවෙයි. ඒ වෙනුවට ඔහු මෙහෙම කියනවා. ‘මෙලොවේදී ඔබ උපයන ධනයෙන් මිතුරන් ඇති කරගන්න. ඔබ එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් ඔබව සාදරයෙන් පිළිගනීවි.’ (ලූක් 16:9) ඔහු උගන්වන්නේ තැනට සුදුසු නුවණින් කටයුතු කරන එකේ වැදගත්කම ගැනයි. ඔව්, “ආලෝකයේ දරුවන්” විදිහට හඳුන්වලා තියෙන දෙවිගේ සේවකයන් තමන්ට තියෙන ධන සම්පත් පාවිච්චි කරන්න ඕනෙ සදාකාල ජීවනය අත් කරගන්න පුළුවන් වෙන විදිහටයි.

කෙනෙක්ව දෙවිගේ රාජ්‍යයට එහෙමත් නැත්නම් පාරාදීස පොළොවට පිළිගන්න හැකියාව තියෙන්නේ යෙහෝවා දෙවිට සහ යේසුස්ට විතරයි. අපිට තියෙන ධන සම්පත් දෙවිගේ රාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් යොදවනවා නම් යෙහෝවා දෙවියන් සහ යේසුස් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අපිට පුළුවන් වෙනවා. රන්, රිදී වගේ වටිනා දේවල් අපිට අහිමි වුණත් සදාකාල ජීවිතය අපිට කවදාවත් අහිමි වෙන්නේ නැහැ.

තමන්ට තියෙන ධන සම්පත් සම්බන්ධයෙන් විශ්වාසවන්තව කටයුතු කරන අය ඊටත් වඩා වැදගත් කාරණාවලදීත් විශ්වාසවන්තව කටයුතු කරනවා කියලා යේසුස් කියනවා. ඔහු දැන් මෙහෙම අහන්නේ ඒ නිසයි. “ඔබ උපයාගත් ධනය පාවිච්චි කරන ආකාරයෙන් ඔබ විශ්වාසවන්ත කෙනෙක් බව ඔප්පු වන්නේ නැත්නම් ඔබට සැබෑ වූ ධනය [දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ වැඩකටයුතු වගේ දේවල්] භාර දෙන්නේ කවුද?”—ලූක් 16:11.

යේසුස් ගෝලයන්ට පැහැදිලි කරන්නේ “සදාකාලික වාසස්ථානයක්” ලබාගන්න ඔවුන් කැමති නම් ඔවුන්ට ඒ වෙනුවෙන් හුඟක් දේවල් කරන්න වෙනවා කියන එක ගැනයි. කෙනෙක්ට එකම අවස්ථාවකදී සැබෑ දෙවිගේ දාසයෙක් හැටියටත් ධන සම්පත්වල දාසයෙක් හැටියටත් සේවය කරන්න බැහැ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “නිවසක වැඩ කරන කිසිම සේවකයෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකු වෙනුවෙන් වැඩ කරන්න බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි.”—ලූක් 16:9, 13.

  • නිදර්ශනයේ හිටිය සේවකයා තමන්ට උදව් ගන්න පුළුවන් අයව මිතුරන් කරගත්තේ කොහොමද?

  • ක්‍රිස්තියානියෙක්ට තමන් උපයන ධනයෙන් “මිතුරන් ඇති කරගන්න” පුළුවන් කොහොමද?

  • ධන සම්පත් විශ්වාසවන්තව පාවිච්චි කරන අයට “සදාකාලික වාසස්ථානයක්” ලබා දෙන්න පුළුවන් කාටද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න