ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 105 පරි. 244 පි.-245 පි. 9 ¶
  • අත්තික්කා ගස යොදාගෙන විශ්වාසය ගැන උගන්වයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්තික්කා ගස යොදාගෙන විශ්වාසය ගැන උගන්වයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • තීරණාත්මක දවසක ආරම්භය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • එක් එක්කෙනා තම තමාගේ අත්තික්කා ගස යට වාසය කරනු ඇත
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මාක් 11:24 - “නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 105 පරි. 244 පි.-245 පි. 9 ¶
පල තිබුණේ නැති අත්තික්කා ගස මැලවිලා තියෙනවා ගෝලයන් දකියි

105වෙනි පරිච්ඡේදය

අත්තික්කා ගස යොදාගෙන විශ්වාසය ගැන උගන්වයි

මතෙව් 21:19-27 මාක් 11:19-33 ලූක් 20:1-8

  • විශ්වාසය ගැන පාඩමක්

  • යේසුස්ට තියෙන අධිකාරිය ගැන ප්‍රශ්න කරයි

යේසුස් සඳුදා දවාලේ ආයෙත් ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ පිහිටලා තියෙන බෙතානියට යනවා. පෙනෙන විදිහට ඔහු රෑ නතර වෙන්නේ ලාසරුස්, මරියා සහ මාර්තාගේ නිවසේ.

ඊළඟ දවසේ උදේ ඒ කියන්නේ නීසාන් 11වෙනිදා යේසුස් ගෝලයන් එක්ක ආපහු යෙරුසලමට යනවා. මේක තමයි ඔහු දේවමාලිගාවට යන අන්තිම වතාව සහ සේවයේ හවුල් වෙන අන්තිම දවස. තව ටික දවසකින් නියෝජිතයන් එක්ක පාස්කුව සමරන යේසුස් තමන්ගේ මරණය සිහි කරන විදිහ ඔවුන්ට උගන්වන්නත් අසාධාරණ නඩුවකට මුහුණ දීලා මරණය අද්දකින්නත් නියමිතයි.

බෙතානියේ ඉඳන් යෙරුසලමට එද්දී කලින් දවසේ යේසුස් ශාප කරපු අත්තික්කා ගහ දකින පේතෘස් පුදුමයෙන් මෙහෙම කියනවා. “ගුරුතුමනි, අර බලන්න! ඔබ ශාප කළ අර අත්තික්කා ගස මැලවී ගිහිල්ලා.”—මාක් 11:21.

යේසුස් ඒ ගහ මැලවිලා යන්න සැලැස්සුවේ ඇයි? ඒකට හේතුව ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ කිසිම සැකයක් ඇති කරගන්නේ නැතුව විශ්වාසයකින් සිටියොත් මා අත්තික්කා ගසට කළ දේ ඔබටත් කරන්න හැකි වෙයි. ඒ විතරක් නොවෙයි, ඔබ මේ කන්දට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ ගිලෙන්න’ කියා කීවොත් එයද සිදු වෙයි. මෙයාකාරයට විශ්වාසයක් ඇතුව ඕනෑම දෙයක් ඔබ යාච්ඤාවෙන් ඉල්ලුවොත් ඒ දේ ඔබට ලැබෙයි.” (මතෙව් 21:21, 22) සැබෑ විශ්වාසයක් තියෙනවා නම් කන්දක් වුණත් ඉවත් කරන්න පුළුවන් කියලා ඔහු කලින් වතාවකත් කියලා තිබුණා. අත්තික්කා ගහ සම්බන්ධ සිද්ධියෙනුත් ඔහු උගන්වන්නේ ඒ දේම තමයි.—මතෙව් 17:20.

ඔහු තවදුරටත් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.” (මාක් 11:24) ඒ පාඩම යේසුස්ගේ අනුගාමිකයන්ට මොන තරම් ප්‍රයෝජනවත්ද! ළඟදීම නියෝජිතයන්ට දරුණු පීඩාවලට මුහුණ දෙන්න වෙන නිසා ඒ පාඩම ඔවුන්ට විශේෂයෙන්ම වැදගත් වෙනවා. අත්තික්කා ගහට සිද්ධ වුණු දෙයින් තවත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

ඒ අත්තික්කා ගහ සහ ඊශ්‍රායෙල් සෙනඟ අතරත් සමානකමක් තියෙනවා. ඔවුන් දෙවියන් එක්ක ගිවිසුමකින් බැඳිලයි ඉන්නේ. ඔවුන් දෙවිගේ නීතියට කීකරු සෙනඟක් කියලා පෙනෙන්න තිබුණත් ඔවුන්ගේ විශ්වාසයේ අඩුවක් තියෙනවා කියලත් ඔවුන් පල දරන්නේ නැහැ කියලත් දැන් පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. ඔවුන් දෙවිගේ පුතාවත් ප්‍රතික්ෂේප කරනවා. පල හටගෙන තිබුණේ නැති අත්තික්කා ගහ මැලවී යෑමට සලස්වපු එකෙන් යේසුස් පැහැදිලි කරන්නේ ඒ හා සමානව පල දරන්නේ නැති, විශ්වාසයක් නැති මේ ජාතියට අනාගතයේදී මුහුණ දෙන්න වෙන දේ ගැනයි.

ටික වෙලාවකට පස්සේ යේසුස් සහ ගෝලයන් යෙරුසලමට එනවා. පුරුදු විදිහට දේවමාලිගාවට යන යේසුස් උගන්වන්න පටන්ගන්නවා. ඔහුට අභියෝග කරන නායක පූජකයන් සහ ජනතාව අතර හිටිය වැඩිමහල්ලන් ඔහුගෙන් අහන්නේ මෙහෙමයි. “අවසරයක් ඇතුවද ඔබ මේ දේවල් කරන්නේ? කවුද ඔබට ඒ අවසරය දුන්නේ?” (මාක් 11:28) ඔවුන් එහෙම අහන්නේ කලින් දවසේ යේසුස් එතැන හිටිය මුදල් මාරු කරන අයට කරපු දේ නිසා වෙන්න ඇති.

යේසුස් දැන් මෙහෙම කියනවා. “මමත් කැමතියි ඔබෙන් ප්‍රශ්නයක් අසන්න. ඔබ ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් මා කරන දේවල් කරන්න මට අවසර ලැබුණේ කාගෙන්ද කියා මමත් ඔබට කියන්නම්. යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ දෙවිගේ අවසරයෙන්ද නැත්නම් මිනිසුන්ගේ අවසරයෙන්ද කියා මට කියන්න පුළුවන්ද?” යේසුස්ට අභියෝග කරපු ඔවුන්ට දැන් අභියෝගයක් එල්ල වෙලා. ඒ නිසා ඔවුන් මෙහෙම කතා වෙනවා. “අප ‘දෙවිගේ අවසරයෙන්’ කියා කිව්වොත්, ‘ඔබ ඔහුව විශ්වාස නොකළේ ඇයි’ කියා ඔහු අපෙන් අසයි. නමුත් ‘මිනිසුන්ගේ අවසරයෙන්’ කියා පවසන්නත් අපට බැහැ.” ඔවුන් එහෙම කියන්න බය වුණේ සෙනඟ ‘යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස පිළිගත් නිසයි.’—මාක් 11:29-32.

උත්තරයක් දෙන්න බැරුව ළත වෙන ඔවුන් අන්තිමේදී කියන්නේ “අපි දන්නේ නැහැ” කියලයි. ඒ නිසා යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “එසේනම් මම මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියා මමත් ඔබට කියන්නේ නැහැ.”—මාක් 11:33.

  • නීසාන් 11වෙනිදා විශේෂ දවසක් වුණේ ඇයි?

  • අත්තික්කා ගහ මැලවී යෑමට සලස්වපු එකෙන් යේසුස් ඉගැන්නුවේ මොනවාද?

  • තමන්ට අභියෝග කරමින් අහපු ප්‍රශ්නයට යේසුස් උත්තර දුන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න