ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 112 පරි. 260 පි.-261 පි. 6 ¶
  • සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන්තිම දවස් සඳහා ලකුණ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • අනතුරු ඇඟවීම් ඔයා හිතට ගන්නවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “සෝදිසියෙන් සිටින්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 112 පරි. 260 පි.-261 පි. 6 ¶
පහන් අතැතිව සිටින නුවණ ඇති අවිවාහක තරුණියන් පස්දෙනා

112වෙනි පරිච්ඡේදය

සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්

මතෙව් 25:1-13

  • යේසුස් අවිවාහක තරුණියන් දහදෙනා ගැන නිදර්ශනය කියයි

තමන් පැමිණ සිටින කාලය සහ පවතින සමාජයේ අවසානය ගැන නියෝජිතයන් අහපු ප්‍රශ්නයට යේසුස් පිළිතුරු දුන්නේ දැන් ටිකකට කලින්. ඒකත් මනසේ තියාගෙන යේසුස් දැන් තවත් නිදර්ශනයකින් ඔවුන්ට අනතුරු ඇඟවීමක් දෙනවා. මේ නිදර්ශනයෙන් යේසුස් පැහැදිලි කරන දේ ඉටු වෙන විදිහ ඔහු පැමිණ සිටින කාලයේ ජීවත් වෙන අයට දැකගන්න පුළුවන්.

යේසුස් කියන්නේ මෙහෙමයි. “පහන් රැගෙන මනාලයා හමු වන්න පිටත්ව ගිය අවිවාහක තරුණියන් දහදෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමානයි. ඔවුන් අතරෙන් පස්දෙනෙක් නුවණ නැති අයයි. අනික් පස්දෙනා නුවණ ඇති අයයි.”—මතෙව් 25:1, 2.

යේසුස් පැහැදිලි කරන්නේ දෙවිගේ රාජ්‍යය උරුම කරගන්නා නියෝජිතයන්ගෙන් භාගයක් නුවණ නැති අය විදිහට කටයුතු කරනවා කියලා නෙවෙයි. ඒ වෙනුවට ඔහු පැහැදිලි කරන්නේ සෝදිසියෙන් ඉන්නවාද නැත්නම් වෙන දේකට අවධානය දෙනවාද කියන තේරීම කරන්න ඒ හැමෝටම අවස්ථාව තියෙනවා කියලයි. දිගටම විශ්වාසවන්තව ඉඳලා තම පියාගෙන් ආශීර්වාද ලබන්න තමන්ගේ සේවකයන් හැමෝටම පුළුවන් කියලා යේසුස් හොඳින්ම දන්නවා.

නිදර්ශනයේ සඳහන් වෙන විදිහට අවිවාහක තරුණියන් දහදෙනාම බලාපොරොත්තුවෙන් ඉන්නේ මනාලයාව පිළි අරන් විවාහ උත්සවයට සහභාගි වෙන්න. මනාලියව නිවසට කැන්දාගෙන එන මනාලයාට ගෞරව කිරීමක් හැටියට පහන් දල්වලා මාර්ගය ආලෝකවත් කරන්නයි ඔවුන් බලාගෙන ඉන්නේ. ඒත් අන්තිමේදී සිද්ධ වුණේ මොකක්ද?

ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “නුවණ නැති අය තම පහන් ගෙන ගියත් තෙල් ගෙන ගියේ නැහැ. නමුත් නුවණ ඇති අය තමන්ගේ පහන් සමඟ තෙල් පිරවූ බඳුන්ද ගෙන ගියා. මනාලයා එන්න ප්‍රමාද වෙද්දී ඒ සියල්ලන්ම නිදිබර වී නිදාගත්තා.” (මතෙව් 25:3-5) බලාපොරොත්තු වුණු තරම් ඉක්මනින් මනාලයා එන්නේ නැහැ. ඔහු එන්න හුඟක් පරක්කු වෙන නිසා තරුණියන්ට නින්ද යනවා. ඒ නිදර්ශනය අහගෙන ඉද්දී නියෝජිතයන්ට මතක් වෙන්න ඇති දුර රටකට ගිහින් ‘කලක් ගත වී රජකම ලබාගෙන නැවත ආපු’ වංශවත් මිනිසෙක් ගැන යේසුස් කියපු නිදර්ශනය.—ලූක් 19:11-15.

මනාලයා ආවාම සිද්ධ වෙන දේ ගැන යේසුස් දැන් මෙහෙම කියනවා. “එකවරම ‘මෙන්න මනාලයා ඇවිත්! ඔහුව හමු වන්න පිටත්ව යන්න’ කියන හඬක් මධ්‍යම රාත්‍රියේදී ඔවුන්ට ඇසුණා.” (මතෙව් 25:6) මනාලයා එද්දී අවිවාහක තරුණියන් සෝදිසියෙන් සහ සූදානමින් ඉඳියිද?

යේසුස් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඒ සියලු තරුණියන් නැඟිට තම පහන් සකස් කළා. නුවණ නැති අය, නුවණ ඇති අය ළඟට ගොස්, ‘අපේ පහන් නිවීගෙන යනවා. ඒ නිසා ඔබේ තෙල්වලින් ටිකක් අපට දෙන්න’ කියා ඉල්ලුවා. නුවණ ඇති අය මෙසේ පිළිතුරු දුන්නා. ‘අපි ඔබට තෙල් දුන්නොත් අපි දෙගොල්ලන්ටම තෙල් මදි වෙන්න පුළුවන්. ඒ නිසා තෙල් විකුණන්නන් ළඟට ගොස් තෙල් මිල දී ගන්න.’”—මතෙව් 25:7-9.

නුවණ නැති තරුණියන් පස්දෙනා මනාලයාගේ පැමිණීම ගැන සෝදිසියෙන්වත් සූදානමින්වත් හිටියේ නැහැ. ඔවුන් ළඟ ඇති තරම් තෙල් තිබුණේ නැති නිසා අන්තිම මොහොතේදී තෙල් හොයන්න වෙනවා. ඊටපස්සේ වුණු දේ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔවුන් තෙල් මිල දී ගැනීමට පිටත්ව යන අතරතුර මනාලයා පැමිණි අතර සූදානම්ව සිටි තරුණියන් ඔහු සමඟ විවාහ උත්සවයට ගියා. ඉන්පසුව දොර වසා දමනු ලැබුවා. අනික් තරුණියන් පසුව ඇවිත්, ‘මහත්මයාණෙනි, මහත්මයාණෙනි, අපට දොර අරින්න’ කියා පැවසුවා. එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. ‘ඇත්තෙන්ම මම ඔබව හඳුනන්නේ නැහැ.’” (මතෙව් 25:10-12) සෝදිසියෙන්වත් සූදානමින්වත් හිටියේ නැති නිසා අන්තිමේදී ඔවුන්ට සිද්ධ වුණේ මොන තරම් දුක්ඛිත දෙයක්ද!

මේ නිදර්ශනයේ සඳහන් වෙන මනාලයාගෙන් නියෝජනය වෙන්නේ යේසුස්ව කියලා නියෝජිතයන් ලේසියෙන්ම තේරුම්ගන්නවා. මොකද කලින් වතාවකදීත් යේසුස් තමන්ව මනාලයෙකුට සමාන කරලා තිබුණා. (ලූක් 5:34, 35) නුවණ ඇති තරුණියන්ගෙන් නියෝජනය වෙන්නේ කාවද? දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන “කුඩා රැළ” ගැන කියද්දී යේසුස් කියලා තිබුණා “සූදානම් වී සිට ඔබේ පහන් දල්වා තබාගන්න” කියලා. (ලූක් 12:32, 35) ඒ නිසා නිදර්ශනයේ සඳහන් වෙන අවිවාහක තරුණියන්ගෙන් නියෝජනය වෙන්නේ තමන් ඇතුළු දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන අයවයි කියලා නියෝජිතයන් තේරුම්ගන්නවා. ඇත්තටම යේසුස් මේ නිදර්ශනයෙන් කාවද්දන්නේ මොකක් ගැනද?

නිදර්ශනය අවසන් කරමින් ඔහු කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.”—මතෙව් 25:13.

ඔව්, යේසුස් තම විශ්වාසවන්ත අනුගාමිකයන්ට කාවද්දන්නේ තමන් පැමිණ සිටින කාලය අතරතුරේදී “සෝදිසියෙන්” ඉන්න එක මොන තරම් වැදගත්ද කියලයි. නිදර්ශනයේ සඳහන් වුණු නුවණ ඇති තරුණියන් පස්දෙනා වගේ ඔවුනුත් සෝදිසියෙන් සහ සූදානමින් ඉන්න ඕනේ. එහෙම කළොත් විතරයි යේසුස් ආවාම ඔවුන්ට ලැබෙන්න නියමිත වරප්‍රසාදය භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ.

  • සෝදිසියෙන් සහ සූදානමින් සිටීම අතින් නුවණ ඇති තරුණියන්, නුවණ නැති තරුණියන්ට වඩා වෙනස් වුණේ කොහොමද?

  • මනාලයාගෙන් නියෝජනය වෙන්නේ කාවද? අවිවාහක තරුණියන්ගෙන් නියෝජනය වෙන්නේ කාවද?

  • අවිවාහක තරුණියන් දහදෙනා ගැන නිදර්ශනයෙන් යේසුස් කාවැද්දුවේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න