ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 114 පරි. 264 පි.-265 පි. 4 ¶
  • ක්‍රිස්තුස් බැටළුවන්ව සහ එළුවන්ව විනිශ්චය කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රිස්තුස් බැටළුවන්ව සහ එළුවන්ව විනිශ්චය කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • බැටළුවන් සහ එළුවන් සඳහා ඇති අනාගතය කුමක්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ සහෝදරයන්ට සම්පූර්ණ සහයෝගය දෙමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ නමස්කාරකයන් මහත් සමූහයක්—ඔවුන් පැමිණ සිටින්නේ කොතැනින්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන්තිම දවස් සඳහා ලකුණ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 114 පරි. 264 පි.-265 පි. 4 ¶
යේසුස්ගේ විනිශ්චය ලැබෙන කල් අහස දෙස බලා සිටින විවිධ ජාතීන්වලට අයත් මිනිසුන්

114වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස් බැටළුවන්ව සහ එළුවන්ව විනිශ්චය කරයි

මතෙව් 25:31-46

  • යේසුස් බැටළුවන් සහ එළුවන් ගැන නිදර්ශනයක් කියයි

ඔලීව කන්දේ ඉන්න යේසුස් අවිවාහක තරුණියන් දහදෙනා සහ තලෙන්ත ගැන නිදර්ශන කිව්වේ ටිකකට කලිනුයි. තමන් පැමිණ සිටින කාලය ගැනත් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය ගැනත් නියෝජිතයන් අහපු ප්‍රශ්නයට උත්තර දෙමින් ඉන්න ඔහු අවසානයේදී තවත් නිදර්ශනයක් කියනවා. මේ නිදර්ශනයෙන් කියවෙන්නේ බැටළුවන් සහ එළුවන් ගැනයි.

යේසුස් නිදර්ශනය මේ විදිහට පටන්ගන්නවා. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි.” (මතෙව් 25:31) කලින් වතාවලදීත් යේසුස් තමන්ව “මනුෂ්‍ය පුත්‍රයා” විදිහට හඳුන්වලා තියෙන නිසා මේ නිදර්ශනයේ ප්‍රධාන චරිතය කවුද කියලා හඳුනාගන්න අමාරු නැහැ.—මතෙව් 8:20; 9:6; 20:18, 28.

යේසුස් තම තේජවත් සිංහාසනයේ ඉඳගෙන ධර්මිෂ්ඨයන්ව බැටළුවන් විදිහට විනිශ්චය කරයි

ඒත් මේ නිදර්ශනයේ සඳහන් දේ ඉටු වෙන්නේ කවදාද? ඒක සිද්ධ වෙන්නේ යේසුස් “මහත් තේජසින්” දේවදූතයන් එක්ක ඇවිත් ‘සිංහාසනයේ ඉඳගන්නා’ අවස්ථාවේදියි. දේවදූතයන් එක්ක මනුෂ්‍ය පුත්‍රයා “බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙනවා” කියලා යේසුස් කලිනුත් කියලා තිබුණා. ඇත්තටම යේසුස් මහත් තේජසින් එන්නේ කවදාද? ඒක සිද්ධ වෙන්නේ “පීඩාව ඇති වූ සැණින්මයි.” (මතෙව් 24:29-31; මාක් 13:26, 27; ලූක් 21:27) එහෙමනම් බැටළුවන් සහ එළුවන් ගැන නිදර්ශනය ඉටු වෙන්නේ අනාගතයේදී ඔහු තේජසින් එන අවස්ථාවේදී කියලා පැහැදිලියි. මනුෂ්‍ය පුත්‍රයා ආවාම මොනවා වෙයිද?

ඒ ගැන යේසුස් මෙහෙම කියනවා. ‘මනුෂ්‍ය පුත්‍රයා එන අවස්ථාවේදී සියලු ජාතීන් ඔහු ඉදිරියට රැස් කරනු ලබයි. ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ ඔහු මිනිසුන්ව වෙන් කරයි. ඔහු බැටළුවන්ව තම දකුණු පැත්තටත් එළුවන්ව තම වම් පැත්තටත් දමයි.’—මතෙව් 25:31-33.

බැටළුවන්ට ලැබෙන විනිශ්චය ගැන යේසුස් මෙහෙම කියනවා. “රජ තම දකුණු පැත්තේ සිටින අයට මෙසේ කියයි. ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. පොළොවේ දරුවන් බිහි වූ දා සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න.’” (මතෙව් 25:34) ඔවුන්ට රජගේ අනුමැතිය ලැබෙන්නේ ඇයි?

ඒ ගැන රජ මෙහෙම කියනවා. “මට බඩගිනි වූ විට ඔබ මට කන්න යමක් දුන්නා. මට පිපාස වූ විට ඔබ මට බොන්න යමක් දුන්නා. ආගන්තුකයෙකුව සිටි මාව ඔබ සාදරයෙන් පිළිගත්තා. මට ඇඳුම් නොතිබුණු විට ඔබ මට ඇඳුම් ලබා දුන්නා. මට අසනීප වූ විට ඔබ මට සාත්තු කළා. මම සිරගෙයි සිටි විට ඔබ මාව බලන්න ආවා.” අපි ඒ දේවල් කළේ කවදාද කියලා බැටළුවන් විදිහට හඳුන්වන “ධර්මිෂ්ඨයන්” රජගෙන් අහද්දී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මගේ මේ සහෝදරයන් අතරින් සුළුම තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.” (මතෙව් 25:35, 36, 40, 46) ස්වර්ගයේ ඉන්න අය අසනීපවත් බඩගින්නවත් අද්දකින්නේ නැති නිසා ඔවුන් ඒ විදිහට සැලකුවේ ස්වර්ගයේ ඉන්න අයට කියලා හිතන්න බැහැ. ඒ වෙනුවට ඔවුන් ඒ විදිහට සලකලා තියෙන්නේ පොළොවේ ජීවත් වෙන ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට කියලා පැහැදිලියි.

එළුවන් විදිහට විනිශ්චය ලබන අධර්මිෂ්ඨ මිනිසුන් පිරිසක්

එළුවන්ට සිද්ධ වෙන දේ ගැන යේසුස් මෙහෙම කියනවා. “ඔහු [රජ] තම වම් පැත්තේ සිටින්නන්ට මෙසේ කියයි. ‘ශාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න. මන්ද මට බඩගිනි වූ විට ඔබ මට කන්න කිසිවක් දුන්නේ නැහැ. මට පිපාස වූ විට ඔබ මට බොන්න යමක් දුන්නේ නැහැ. ආගන්තුකයෙකුව සිටි මාව ඔබ සාදරයෙන් පිළිගත්තේ නැහැ. ඇඳුම් නැතුව සිටි විට ඔබ මට ඇඳුම් දුන්නේ නැහැ. අසනීප වී සිටියත් සිරගෙයි සිටියත් ඔබ මාව බලාගත්තේ නැහැ.’” (මතෙව් 25:41-43) ඔවුන්ට ඒ වගේ විනිශ්චයක් ලැබෙන්නේ ඔවුන් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට කාරුණිකව සැලකුවේ නැති නිසයි.

යේසුස් තවදුරටත් මෙහෙම කියනවා. “එවිට ඔහු [රජ] ඔවුන්ට මෙසේ පිළිතුරු දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ ඉතා සුළු තැනැත්තන්ගෙන් එක් කෙනෙකුට වුණත් ඔබ එසේ කළේ නැත්නම් ඔබ ඒ දේ නොකළේ මටයි.’ ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි. නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.” (මතෙව් 25:45, 46) යේසුස් අනාගතයේදී ලබා දෙන විනිශ්චය සදහටම බලපාන එකක් කියලා නියෝජිතයන් ඒකෙන් තේරුම්ගන්නවා.

නියෝජිතයන් අහපු ප්‍රශ්නයට යේසුස් දීපු පිළිතුරෙන් ඔහුගේ අනුගාමිකයන්ට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔව්, ඔවුන්ගේ ආකල්ප සහ ක්‍රියාවන් ගැන සෝදිසි කරලා බලන්න ඒ තොරතුරු උදව් වෙනවා.

  • බැටළුවන් සහ එළුවන් ගැන නිදර්ශනයේ රජගෙන් නියෝජනය වුණේ කාවද? ඒ නිදර්ශනය ඉටු වෙන්නේ කවදාද?

  • බැටළුවන්ට යේසුස්ගේ අනුමැතිය ලැබෙන්නේ ඇයි?

  • සමහර අයට එළුවන් විදිහට විනිශ්චය ලැබෙන්නේ ඇයි? බැටළුවන්ට සහ එළුවන්ට අද්දකින්න ලැබෙන්නේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න