ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ypq ප්‍රශ්නය 1 3-5 පි.
  • මම මොන වගේ කෙනෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මම මොන වගේ කෙනෙක්ද?
  • යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • සමාන තොරතුරු
  • මම මොන වගේ කෙනෙක්ද?
    2011 පිබිදෙව්!
  • වැරදි පෙලඹීමකට හසු නොවී සිටින්න මට හැකිද?
    2008 පිබිදෙව්!
  • 9 ඔයාවම හඳුනාගන්න
    2018 පිබිදෙව්!
  • වැරදි පෙලඹීම් පාලනය කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
ypq ප්‍රශ්නය 1 3-5 පි.
 බෝතලය අතට ගත්තාට, මේ යෞවනිය ඒක බොනවාද කියලා දෙපාරක් හිතනවා

1වෙනි ප්‍රශ්නය

මම මොන වගේ කෙනෙක්ද?

ඒක දැනගන්න එකේ වැදගත්කම

ඔයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරන් ඉන්නවා නම් වැරදි දෙයක් කරන්න බලපෑම් එද්දී ඒවාට හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන්.

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. කෙරන් දැන් ඉන්නේ පාටි එකක. එකපාරටම එයාට හොඳට හුරු කටහඬක් ඇහෙනවා.

“කෙරන්, ඇයි මේ තනියම?”

කෙරන් හැරිලා බලද්දී එයාගේ යාළුවා ජෙසිකා බියර් බෝතල් දෙකකුත් අතේ තියාගෙන හිටගෙන ඉන්නවා. ජෙසිකා බෝතලයක් කෙරන්ගේ අතට දීලා මෙහෙම කියනවා. “පොඩි ෆන් එකක් ගමු.”

කෙරන්ට එපා කියලා කියන්නයි ඕනේ. ඒත් යාළුවාගේ හිත රිදෙයි කියලා එයාට බයයි. ඒ වගේම එයා මහ ගොඩයෙක් කියලා හිතනවාටත් කෙරන් කැමති නැහැ. කෙරන් මෙහෙම හිතනවා. ‘ජෙසිකා හොඳ කෙනෙක්. එයා බොනවා නම් ඒක නරක දෙයක් වෙන්න බැහැනේ. අනික බියර් එකක් බොන එක වැරදි නැහැනේ.’

කෙරන්ගේ තත්වේ ඔයා හිටියා නම් ඔයා මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

මේ වගේ අවස්ථාවකදී බුද්ධිමත්ව වැඩ කරන්න නම් ඔයා කවුද කියලා මුලින්ම තේරුම්ගන්න ඕනේ. ඔයා හරියි කියලා පිළිගන්නේ මොනවාද, වැරදියි කියලා පිළිගන්නේ මොනවාද කියලා ඔයාටම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඔයා තව කෙනෙකුට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ.—1 කොරින්ති 9:26, 27.

ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද? ඒක දැනගන්න මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

1 මගේ හොඳ පැති මොනවාද?

ඔයාගේ ගතිගුණ සහ හැකියාවන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඔයාට ඔයා ගැනම විශ්වාසයක් ඇති වෙයි.

බයිබල් ආදර්ශයක්: පාවුල් කියන්නේ බයිබල් ලේඛකයෙක්. ඔහු තමන් ගැන මෙහෙම දෙයක් කියලා තියෙනවා. “මා කතා කිරීමට දක්ෂ කෙනෙක් නොවුණත් මා දැනුමෙන් අඩු කෙනෙකු කියා කිසි ලෙසකින්වත් පැවසිය නොහැක.” (2 කොරින්ති 11:6) ඔහුට බයිබලයේ ඇති ඉගැන්වීම් ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ නිසා යම් අවස්ථාවලදී පාවුල්ට මිනිසුන්ගෙන් බලපෑම් එල්ල වුණත් ඔහු විශ්වාස කරන දේ අත්හැරියේ නැහැ.—2 කොරින්ති 10:10; 11:5.

ඔයාවම සෝදිසි කරගන්න. ඔයාට තියෙන හැකියාවක් ලියන්න.

ඔයාට තියෙන හොඳ ගතිගුණයක් ලියන්න. (උදාහරණයකට, ඔයා කරුණාවන්ත කෙනෙක්ද? වෙලාවට වැඩ කරන කෙනෙක්ද? විශ්වාසවන්ත කෙනෙක්ද?)

2 මගේ දුර්වලකම් මොනවාද?

දම්වැලක එක පුරුකක් හරි දුර්වල නම් ඒ දම්වැල කැඩෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපිටත් දුර්වලකමක් තිබුණොත් අනිත් අයගේ බලපෑමට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

බයිබල් ආදර්ශයක්: පාවුල් එයාට තිබුණ දුර්වලකම් හොඳින් වටහාගත්තා. ඔහු ඒ ගැන මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්නෙමි. නමුත් මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. ඒ නීතිය මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි.”—රෝම 7:22, 23.

කල්පනා කරලා බලන්න. ඔයාට තියෙන දුර්වලකම් මොනවාද?

3 මගේ ඉලක්ක මොනවාද?

ඔයා වාහනයකට නැඟලා ඉන්ධන ඉවර වෙන කල්ම කිසිම අරමුණක් නැතුව එහෙට මෙහෙට යනවාද? නැහැනේ. එහෙම කෙරුවොත් ඔයාගේ සල්ලි විතරක් නෙමෙයි කාලෙත් නාස්ති වෙනවා.

ඔයාගේ ජීවිතෙත් ඉලක්ක තියාගත්තොත් ඒවාට ළඟා වෙන්න කරන්න ඕනෙ මොනවාද කියලා සැලසුම් කරන්න ඔයාට පුළුවන්.

බයිබල් ආදර්ශයක්: පාවුල් මෙහෙම කිව්වා. “මා දුවන්නේ අරමුණක් ඇතුව මිස දෙගිඩියාවෙන් නොවේ.” (1 කොරින්ති 9:26) පාවුල් ඔහුගේ ජීවිතය ගත කළේ අරමුණක් ඇතුවයි. ඔහු ඉලක්ක තියලා ඒවා ජය ගන්න ලොකු වෑයමක් දැරුවා.—ෆිලිප්පි 3:12-14.

ඔයාවම සෝදිසි කරගන්න. ඔයා ඊළඟ අවුරුද්දේ ජය ගන්න උත්සාහ කරන ඉලක්ක තුනක් ලියන්න.

4 මම විශ්වාස කරන දේවල් මොනවාද?

ශක්තිමත් මුල් තියෙන ගහක් කුණාටුවක් ආවත් වැටෙන්නේ නැහැ

ඔයා කවුද කියලා තේරුම්ගත්තොත් කුණාටුවක් ආවත් වැටෙන්නේ නැති ගහක් වගේ ශක්තිමත්ව ඉන්න ඔයාට පුළුවන්

ඔයාට ස්ථිර විශ්වාසයක් නැත්නම් කටුස්සෙක් පාට මාරු කරනවා වගේ ඔයාත් ඔයාගේ යාළුවෝ කියන කියන විදිහට වෙනස් වෙයි.

ඔයා යම් දෙයක් ගැන විශ්වාස කරන්නේ හොඳට හිතලා බලලා නම් අනිත් අය මොනවා කිව්වත් කෙරුවත් ඔයා වෙනස් වෙන්නේ නැහැ.

බයිබල් ආදර්ශයක්: දානියෙල්ට පවුලේ අයගෙන් කාලයක් වෙන් වෙලා ඉන්න වුණා. ඒත් ඔහු දෙවිගේ නීතිවලට කීකරු වෙන්න තරුණ වයසේ ඉඳන්ම ‘තම හදවතින් අදිටන් කරගෙන’ හිටියා. (දානියෙල් 1:8) දානියෙල් ඔහුගේ අධිෂ්ඨානය වෙනස් කළේ නැහැ.

ඔයාවම සෝදිසි කරගන්න. ඔයා විශ්වාස කරන දේවල් මොනවාද? උදාහරණයකට දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔයා විශ්වාස කරනවාද? උත්තරේ ඔව් නම් ඔයා එහෙම කියන්න තියෙන හේතු මොනවාද?

බයිබලයේ දෙවි නීති දීලා තියෙන්නේ ඔයාගෙම හොඳට කියලා ඔයා හිතනවාද? ඔයාගේ උත්තරේ ඔව් නම් ඔයා එහෙම හිතන්නේ ඇයි?

ඔයා ආස පොඩි හුළං පාරකට ගහගෙන යන කොළයක් වගේ වෙන්නද නැත්නම් කුණාටුවකටවත් කඩාගෙන වැටෙන්නේ නැති ගහක් වගේ වෙන්නද? ඔයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගත්තොත් කාටවත් හොලවන්න බැරි ගහක් වගේ වෙන්න ඔයාට පුළුවන්.

ඔයාට වැඩක්

  • 3වෙනි ප්‍රශ්නයේදී ඔයා ලියපු ඉලක්ක තුන දිහා බලන්න. ඒ ඉලක්කවලට ළඟා වෙන්න මේ මාසෙදී ගන්න පුළුවන් එක පියවරක් ගාණේ ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න