ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ypq ප්‍රශ්නය 2 6-8 පි.
  • මටත් ලස්සන වෙන්න බැරිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මටත් ලස්සන වෙන්න බැරිද?
  • යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • සමාන තොරතුරු
  • මටත් ලස්සන වෙන්න බැරිද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • මගේ බර වැඩි වෙනවට තියෙන බය කොහොමද මම ජයගන්නේ?
    1999 පිබිදෙව්!
  • මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?
    යොවුන් සිතේ ගැටලු
  • මගේ බර මට මහ වදයක් වෙලා තියෙන්නේ ඇයි?
    1999 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
ypq ප්‍රශ්නය 2 6-8 පි.
විලාසිතා සඟරාවක් දිහා බලන යෞවනියක්

2වෙනි ප්‍රශ්නය

මටත් ලස්සන වෙන්න බැරිද?

ඒක දැනගන්න එකේ වැදගත්කම

පෙනුම වැදගත් වුණත් ඊට වඩා වැදගත් දේවල් තියෙනවා.

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. ජූලියා කණ්ණාඩියෙන් එයාගේ පෙනුම දිහා බලලා මෙහෙම හිතනවා. “මං මහත් වෙලානේ. කොහොමහරි ඇඟ අඩු කරගන්න ඕනේ.” ඒත් එයාගේ දෙමව්පියොයි, යාළුවොයි කියන්නේ එයා හරියට “කෝට්ටක්” වගේ කෙට්ටුයි කියලයි.

ජූලියාට ඕන වුණා මොනා හරි කරලා එයාගේ බර අඩු කරගන්න. ඉතිං එයා හිතුවා දවස් කිහිපයක් කන්නේ නැතුව ඉන්න.

ජූලියාට වගේ ඔයාටත් හිතෙනවා නම් ඔයා මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

පෙනුම විකෘති කරලා පෙන්නන කණ්ණාඩියකින් තමන් දෙස බලා තමන් මහතයි කියලා හිතන යෞවනියක්

පෙනුම විකෘති කරලා පෙන්නන කණ්ණාඩියක් වගේ ඔයාගේ හිතත් ඔයාගේ පෙනුම ගැන විකෘති අදහසක් දෙනවා ඇති

ඕන කෙනෙක් ආසයි ලස්සනට ඉන්න. ඒ නිසා පෙනුම ගැන හිතන එකේ වරදක් නැහැ. බයිබලයෙත් සමහරක් අයට තිබුණ ලස්සන පෙනුම ගැන කතා කරලා තියෙනවා. එයාලාගෙන් කිහිපදෙනෙක් තමයි සාරා, රාකෙල්, අබිගායිල්, යෝසෙප් සහ දාවිත්. ඒ වගේම අබිෂග් කියන කාන්තාවත් ‘ඉතා රූමත් තරුණියක්’ කියලා බයිබලයේ කියනවා.—1 රාජාවලිය 1:4.

හැබැයි හුඟක් යෞවන යෞවනියන් එයාලාගේ පෙනුම ගැන ඕනාවට වඩා හිතන නිසා බරපතළ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ දේවල් ගැන හිතන්න.

  • එක සමීක්ෂණයකට හවුල් වුණු ගැහැනු ළමයින්ගෙන් 58%ක්ම හිතුවා එයාලා මහතයි කියලා. හැබැයි ඇත්තටම බර වැඩි අය හිටියේ 17%ක් විතරයි.

  • තවත් සමීක්ෂණයකට හවුල් වුණු කාන්තාවන්ගෙන් 45%ක්ම තමන්ගේ බර වැඩියි කියලා හිතුවාට උසට හරි යන බරක්වත් එයාලාට තිබුණේ නැහැ.

  • ඕනාවට වඩා කෙට්ටු වෙන්න ඕන නිසා නොකා නොබී ඉඳලා සමහර යෞවනයන්ට ඇනරෙක්සියා කියන ලෙඩේ හැදිලා තියෙනවා. ඒ ලෙඩේ නිසා කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්.

කෑම පාලනය කරපු නිසා ඔයා ඉන්නේ අසනීපෙන්ද? ආහාර ගැනීමේ පුරුදුවල ප්‍රශ්නයක් තියෙනවාද? එහෙමනම් ඉක්මනින්ම ඒ ගැන දෙමාපියන්ට නැත්නම් විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න. බයිබලයේ කියන්නෙත් ‘සැබෑ මිතුරෙක් හැම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙක්’ කියලයි.—හිතෝපදේශ 17:17.

වෙනස් වෙන්න පුළුවන් හොඳම විදිහ

පෙනුම ගැන හිතනවාට වඩා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕනෙ චරිතය, ගතිගුණ වගේ දේවල් ගැනයි. දාවිත් රජුගේ පුතා අබ්සලොම් ගැන බයිබලයේ මෙහෙම කියනවා.

“ඊශ්‍රායෙල් දේශය පුරාම අබ්සලොම් තරම් කඩවසම් පුද්ගලයෙක් තවත් හිටියේ නැහැ. ඔහුගේ පෙනුමේ කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ”—2 සාමුවෙල් 14:25.

හැබැයි එයාගේ චරිතේ ලස්සන නැහැ. බයිබලයේ පෙන්වන විදිහට එයා වංචාකාරයෙක්, ආඩම්බර කෙනෙක්. ඒ වගේම ද්‍රෝහියෙක්.

බයිබලයේ දීලා තියෙන මේ උපදෙස් කොයි තරම් වටිනවාද!

“දෙවි ලබා දෙන අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.”—කොලොස්සි 3:10.

‘ඔබේ බාහිර අලංකාරයට මුල් තැන නොදෙන්න. ඒ වෙනුවට ඔබේ ඇතුළාන්තය අලංකාරවත් කරගන්න.’—1 පේතෘස් 3:3, 4.

පෙනුම ගැන හිතන එකේ වරදක් නැහැ. ඒත් වැදගත්ම දේ වෙන්නේ හොඳ ගතිගුණ ඇති කරගෙන චරිතේ ලස්සන කරගන්න එක. පෙනුම කොහොමවුණත් ලස්සන ගතිගුණ තියෙනවා නම් අනිත් අයගේ ආදරය ඔයාට ලැබෙයි. ෆිලීෂියා කියන්නේ මෙහෙමයි. “ලස්සන කෙනෙක්ට ඉක්මනින්ම අනිත් අයගේ අවධානය ලැබෙනවා. ඒත් වැඩිදෙනෙක්ට මතක තියෙන්නේ කෙනෙක්ගේ පෙනුමට වඩා එයාගේ හොඳ ගතිගුණ.”

ඔයාගේ පෙනුම ගැන ඔයා මොනවාද හිතන්නේ?

ඔයාට හිතෙන්නේ ඔයා කැතයි කියලාද?

ප්ලාස්ටික් සැත්කමක් කරලා හරි අසාමාන්‍ය විදිහට කෑම පාලනය කරලා හරි පෙනුම වෙනස් කරගන්න හිතිලා තියෙනවාද?

ඔයාට පුළුවන් නම් ඔයා වෙනස් කරගන්නේ මේවායින් මොනවාද? (තෝරන්න.)

  • උස

  • බර

  • කොණ්ඩේ

  • ඇඟේ හැඩේ

  • මුහුණ

  • හමේ පාට

මුල් ප්‍රශ්න දෙකට ‘ඔව්’ කියලත් තුන්වෙනි ප්‍රශ්නෙට දේවල් තුනක් හරි ඊට වැඩි ගාණක් හරි ඔයා තෝරගත්තාද? ඔයා එහෙම ලකුණු කළත් ඔයාගේ පෙනුමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. ඔයා හිතුවාට ඔයාගේ පෙනුම හරි නැහැ කියලා හුඟක් වෙලාවට ඇත්තටම එහෙම හිතන්නේ ඔයා විතරක් වෙන්න ඇති. ඔයාගේ පෙනුම ගැන ඔයා ඕනාවට වඩා හිතන්න ගියොත් අන්තිමට ඉතුරු වෙන්නේ කනස්සල්ල විතරයි.—1 සාමුවෙල් 16:7.

ඔයාට වැඩක්

  • නිරෝගීව ඉන්න මට කරන්න පුළුවන් මොනවාද?

  • මට කරන්න පුළුවන් ව්‍යායාම මොනවාද?

  • යාළුවෙක් ඕනාවට වඩා කෑම පාලනය කරනවා කියලා දැනගන්න ලැබුණොත් එයාට උදව් කරන්න මට කරන්න පුළුවන් මොනවාද?

තවත් තොරතුරු දැනගන්න

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - මගේ පෙනුම

www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන ‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - මගේ පෙනුම’ කියන වීඩියෝ එක බලන්න. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න