ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ypq ප්‍රශ්නය 5 15-17 පි.
  • ඉස්කෝලේ ළමයි මට කරදර කරනවා නම් මොකද කරන්නේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉස්කෝලේ ළමයි මට කරදර කරනවා නම් මොකද කරන්නේ?
  • යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • සමාන තොරතුරු
  • අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • මිදෙමු හිරිහැරයෙන්
    2003 පිබිදෙව්!
  • හිරිහැර කිරීම—ඇතැම් හේතු සහ ප්‍රතිඵල
    2003 පිබිදෙව්!
  • හිරිහැර කිරීම—ලොව වටා පවතින ගැටලුවක්
    2003 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
ypq ප්‍රශ්නය 5 15-17 පි.
පන්තියේ ළමයි ඉස්සරහා අරියාදුවට ලක් වෙන පිරිමි ළමයෙක්

5වෙනි ප්‍රශ්නය

ඉස්කෝලේ ළමයි මට කරදර කරනවා නම් මොකද කරන්නේ?

ඒක දැනගන්න එකේ වැදගත්කම

ඔයා ඒකට මුහුණ දෙන විදිහෙන් තත්වය හොඳ අතට හැරෙන්නත් පුළුවන්, නරක අතට හැරෙන්නත් පුළුවන්.

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. ඉස්කෝලේ ළමයි තෝමස්ට හුඟක් කරදර කරනවා. මීට මාස කිහිපයකට කලින් ළමයෙක් තෝමස් ගැන බොරු ආරංචියක් පතුරුවපු නිසා තෝමස්ට නමක් වැටුණා. සමහර ළමයි එයාගේ පොත් උදුරලා විසි කරනවා. තවත් අය එයාව තල්ලු කරලා මුකුත් කළේ නැහැ වගේ ඉන්නවා. ඒ දේවල් මදිවට ඊයේ රෑ තෝමස්ට තර්ජනය කරලා කෝල් එකක් ආවා. එයා දැන් ඉන්නේ හොඳටම බය වෙලා. එයා ආපහු කවදාවත් ඉස්කොලේ යන්නේ නැහැ කියලා කියනවා.

ඔයා තෝමස් නම් ඔයා මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

බය වෙන්න එපා! ඔයා තනි වෙලා නැහැ. කරදර කරන අයත් එක්ක ගහගන්නේ නැතුව එයාලාව මට්ටු කරන්න ඔයාට පුළුවන්. ඒ කොහොමද?

  • කේන්ති ගන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.” (හිතෝපදේශ 29:11) ඔයා කේන්ති ගන්නේ නැතුව හිටියොත් කිසිම සතුටක් ලැබෙන්නේ නැති නිසා එයාලා ඔයාට හිරිහැර කරන එක නතර කරයි.

  • එකට එක කරන්න එපා. “කාටවත් නපුරට නපුර නොකරන්න” කියලා බයිබලයේ කියලා තියෙනවා. (රෝම 12:17) එකට එක කරන්න ගියොත් වෙන්නේ ප්‍රශ්නේ තවත් දුරදිග යන එකයි.

  • විහින් අමාරුවේ වැටෙන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” (හිතෝපදේශ 22:3) කරදර කරන ළමයිනුත් ඒ වගේ අය ඉන්න තැනුත් මඟහරින්න.

  • හිතන්නේ නැති විදිහේ දෙයක් කරන්න. බයිබලේ මෙහෙම කියනවා. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.” (හිතෝපදේශ 15:1) උදාහරණයකට කවුරු හරි ඔයාට මහතයි කියලා විහිළු කරනවා නම් ඔයාත් පුංචි විහිළුවක් කරන්න. හැබැයි එයාට විහිළු කරන්න යන්න එපා.

  • එතැනින් අයින් වෙන්න. “කේන්ති අරන් මුකුත් කරන්නේ නැතුව ඉන්න එකෙන් ඔයා කලබල නැති, ඉක්මනින් සැලෙන්නේ නැති, ඔයාවම පාලනය කරගන්න පුළුවන් කෙනෙක් කියලා ඔප්පු වෙනවා. හැබැයි ඒ එකක්වත් කරදර කරන කෙනාට නැහැ.” එහෙම කිව්වේ අවුරුදු 19ක් වයස නෝරා.—2 තිමෝති 2:24.

  • ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න. ඔයා, ඔයා ගැන හිතන්නේ අඩුවෙන් නම් ඒක කරදර කරන අයටත් තේරෙනවා. මොනා කෙරුවත් ඔයා කට වහගෙන ඉඳියි කියලා එයාලා හිතයි. ඒත් ඔයා, ඔයා ගැන විශ්වාසයක් ඇතුව වැඩ කරනවා නම් අනිත් අය ඔයාට කරදර කරන එකක් නැහැ.

  • කාට හරි කියන්න. පළපුරුදු ගුරුවරියක් මෙහෙම කියනවා. “කෙනෙක් ඔයාට හිරිහැර කරනවා නම් වැඩිහිටියෙක්ට කියන්න. ඒකෙන් තව ළමයෙක්ට කරදරයක් වෙන එක වළක්වන්න පුළුවන්.”

තමන් ගැන හොඳ විශ්වාසයකින් වැඩ කරන ළමයෙක්

ඔයාට ඔයා ගැන තියෙනවා වගේ විශ්වාසයක් ඔයාට කරදර කරන කෙනාට තමන් ගැන නැහැ

ඔයා දැනගෙන හිටියාද?

හිරහැර කරන්නේ ශාරීරිකව විතරක් නෙමෙයි.

  • හිත රිදෙන වචන හරියට ගින්නක් වගේ

    වචනවලින් පහර දීම. “සමහර ළමයි මට දාපු නම්, කියපු දේවල් මට අමතක වෙන්නෑ. මට හිතුණේ මගෙන් කිසිම වැඩක් නෑ කියලයි. එක එක දේවල් කියලා මාව රිද්දනවාට වඩා එයාලා මට ගැහුවා නම් හොඳයි.”—සෙලින්, වයස අවුරුදු 20යි.

  • කොන් කරපු නිසා පැත්තකට වෙලා ඉන්න ළමයෙක්

    කොන් කිරීම. “ඉස්කෝලේ යාළුවෝ මාව මඟහරින්න පටන්ගත්තා. එයාලා මාත් එක්ක කෑම කන්නවත් කැමති වුණේ නැහැ. මං අවුරුද්දක්ම කෑවේ තනියෙන්. ඒ කාලේ මං හරියට ඇඬුවා.”—හේලි, වයස අවුරුදු 18යි.

  • කම්පියුටර් එකේ එයා ගැන තිබුණ දෙයක් දැකලා ගැස්සෙන යෞවනියක්

    ඉන්ටර්නෙට් එක හරහා හිරිහැර කිරීම. “කම්පියුටර් එකෙන් වචන ටිකක් ටයිප් කරලා කාගේ හරි චරිතය සවුත්තු කරලා දාන්න පුළුවන්. ඒක ජීවිත කාලෙටම බලපාන්න පුළුවන්.”—ඩැනියෙල්, වයස අවුරුදු 14යි.

තොරතුරු බිඳක්

හරිද වැරදිද

උත්තර

1 අනිත් අයට හිරිහැර කරන එක ඈත අතීතයේ ඉඳලාම වෙන දෙයක්.

1 හරි. මිනිසුන්ට හිරිහැර කරපු නෙෆිලිම්වරු කියලා කට්ටියක් ගැන බයිබලේ සඳහන් වෙනවා. නෙෆිලිම් කියන නමේ තේරුම “බිමට ඇද වැටෙන සේ අන් අයට පහර දෙන්නෝ” කියන එකයි.—උත්පත්ති 6:4.

2 අරියාදු කරන එක එච්චර ලොකුවට ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි.

2 වැරදියි. යෞවනයන් අතර සිදු වෙන සිය දිවි නසාගැනීම්වලට මූලික හේතුවක් වෙලා තියෙන්නේ අනිත් අයගෙන් වෙන හිරිහැරයි.

3 අත පය විසි කරන්නේ නැතුව කරදර කරන අයගෙන් බේරෙන්න බැහැ.

3 වැරදියි. හුඟක් වෙලාවට අනිත් අයට හිරිහැර කරන්නේ හොඳට ඇඟපත තියෙන අය. එහෙම කෙනෙක් එක්ක රණ්ඩුවට යන එක මෝඩ වැඩක්.

4 වෙන කෙනෙක්ට හිරිහැරයක් වෙනවා ඔයා දැක්කොත් හොඳම දේ දැක්කේ නැහැ වගේ ඉන්න එකයි.

4 වැරදියි. කාට හරි කරදර කරනවා දැකලත් ඔයා ඒ ගැන මුකුත් කියන්නේ නැත්නම් ඔයාත් වැරදිකාරයෙක් වෙනවා.

5 කරදර කරන අය එහෙම කරන්නේ එයාලාගේ අඩුපාඩුකම් වහගන්නයි.

5 හරි. එයාලා අනිත් අයට කරදර කෙරුවාට එයාලාගේ අඩුපාඩුකම් හුඟක් තියෙනවා. ඒවා වහගන්න තමයි එයාලා අනිත් අයට හිරිහැර කරන්නේ.

6 අරියාදු කරන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්.

6 හරි. අනිත් අයගේ උදව්වෙන් එහෙම කෙනෙක්ට වුණත් හිතන විදිහත් හැසිරෙන විදිහත් වෙනස් කරගන්න පුළුවන්.

ඔයාට වැඩක්

  • මට කවුරු හරි කරදර කළොත් මට කරන්න පුළුවන් මොනවාද? කියන්න පුළුවන් මොනවාද?

තවත් තොරතුරු දැනගන්න

ගහගන්නේ නැතුව අරියාදු කරන කෙනෙක්ව මට්ටු කරන්න පුළුවන්

www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලන්න. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න