ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ypq ප්‍රශ්නය 6 18-20 පි.
  • යාළුවන්ගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාළුවන්ගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?
  • යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • සමාන තොරතුරු
  • ළමයිගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • යෞවනයෙනි, මිතුරන්ගේ බලපෑමට හසු නොවන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?
    2014 පිබිදෙව්!
  • තුල්‍ය පීඩන සමඟ කටයුතු කිරීමට මට හැක්කේ කෙසේ ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
ypq ප්‍රශ්නය 6 18-20 පි.
ඉස්කෝලේ ළමයෙක්ට සිගරට් එකක් බොන්න බල කරමින්

6වෙනි ප්‍රශ්නය

යාළුවන්ගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?

ඒක දැනගන්න එකේ වැදගත්කම

හරි දේට එකඟව තීරණයක් අරන් ඒකට ඇලිලා ඉන්නවා නම් අනිත් අයට බැහැ ඔයාව පාලනය කරන්න.

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. ඉස්කෝලේ ළමයි දෙන්නෙක් මේ සතියේ දෙපාරක්ම බ්‍රයන්ට සිගරට් එකක් බලෙන්ම දෙන්න හැදුවා. ඒ දෙන්නා ආයෙත් එයා ළඟට එනවා. දැන් බ්‍රයන්ට පොඩි බයක් දැනෙනවා.

එක ළමයෙක් මෙහෙම කියනවා.

“ආ යාළුවා කොහොමද? අදවත් දුමක් අදිමුද?”

එහෙම කියන ගමන් එයා සාක්කුවට අත දාලා දෙයක් අරගන්නවා.

එයාගේ අතේ තියෙන්නේ මොකක්ද කියලා බ්‍රයන් දන්නවා.

ඒ නිසා බ්‍රයන් මෙහෙම කියනවා. “මං එදාත් කිව්වානේ මං ඕවා බොන්නේ නෑ කියලා.”

“ඇයි බයද” කියලා අනිත් කෙනා අහනවා.

“මං මොකටද බය වෙන්නේ” කියලා බ්‍රයන් කියනවා.

දෙන්නාගෙන් එක් කෙනෙක් බ්‍රයන්ගේ කරට අත දාන ගමන් “එහෙනං මේක ගන්න” කියලා හෙමීට කියනවා.

එතකොට අනිත් ළමයා අතේ තියෙන සිගරට් එක බ්‍රයන්ට ආපහු දෙන ගමන් මෙහෙම කියනවා. “බය වෙන්න එපා. ඔයා මේක බිව්වා කියලා අපි කාටවත් කියන්නේ නෑ.”

ඔයා බ්‍රයන් නම් ඔයා මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

බ්‍රයන්ගේ යාළුවන් දන්නේ නැහැ සිගරට් බොන එකෙන් වෙන හානිය ගැන. එයාලා ඒ වගේ දෙයක් කරන්න පෙලඹුණේ තව කෙනෙක්ගේ බලපෑමට අහු වුණු නිසා වෙන්න ඇති. නැත්නම් අනිත් අයගේ හිත සතුටු කරන්න ඕනෙ නිසා වෙන්න ඇති.

ඔයාටත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණොත් ඒ බලපෑමට අහු වෙන්නේ නැතුව ඉන්න ඔයාට මොනවාද කරන්න පුළුවන්?

  1. අවදානම හඳුනාගන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.” —හිතෝපදේශ 22:3.

    අනිත් අයගෙන් එන බලපෑම් කලින්ම හඳුනාගන්න පුළුවන්. හිතන්න, පන්තියේ ළමයි කට්ටියක් සිගරට් බිබී ඉන්නවා කියලා. ඔයා එතැනට ගියොත් එයාලා ඔයාටත් සිගරට් බොන්න කියලා බල කරන්න පුළුවන්. ඒ නිසා ඒක මඟහරින්නේ කොහොමද නැත්නම් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා කලින්ම හිතලා බලන්න.

  2. හොඳට හිතන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.”—1 පේතෘස් 3:16.

    මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං මේ දේ කළොත් මට කොහොම හැඟෙයිද? ඉස්කෝලේ අයගේ හිත දිනාගත්තාට ගෙදර අයට මං මුහුණ දෙන්නේ කොහොමද? රැස්වීම්වලට ගියාම මගේ හිත මට වධ දෙයිද? යාළුවන්ව සතුටු කරන්න ඕනෙ නිසා දෙවිගේ හිතට දුකක් දෙන එක හරිද?’—නික්මයාම 23:2.

  3. තීරණයක් ගන්න

    බයිබලයේ මෙහෙම කියනවා. ‘ප්‍රඥාවන්තයා නපුරෙන් ඈත් වෙයි.’ —හිතෝපදේශ 14:16.

    අපි හැමෝටම ජීවිතේ වැදගත් තීරණ ගන්න වෙනවා. බයිබලයේ කියනවා යෝසෙප්, යෝබ්, යේසුස් වගේ අය දිගටම දෙවිට කීකරුව ඉන්න තීරණය කළා කියලා. ඒත් කායින්, ඒසව්, යූදස් වගේ අය දෙවිට අකීකරු වෙන්න තීරණය කළා. ඔයා ගන්නේ මොන තීරණයද?

බයිබලයේ කියන්නේ “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න” කියලයි. (ගීතාවලිය 37:3) යාළුවන් කියන දේ කළොත් වෙන දේ ගැන හිතන්න. එතකොට ඔයාගේ තීරණය එයාලාට කියන්න අමාරු වෙන්නේ නැහැ.

ළමයි ඔයාට බලපෑම් කරද්දී එයාලාට බයිබල් දේශනයක් දෙන්න ඕනෙ නැහැ. ඔයාගේ අකමැත්ත පැහැදිලිව, කෙළින්ම කියන්න. ඔයාට මෙහෙම කියන්නත් පුළුවන්.

  • “මං එන්නේ නැහැ!”

  • “මං ඔය වගේ දේවල්වලට කැමති නැහැ!”

  • “මං ගැන දන්නවානේ.”

හොඳම දේ ඔයාගේ තීරණය පැහැදිලිව, කෙළින්ම එයාලාට කියන එකයි. එහෙම කෙරුවොත් ඔයාගේ යාළුවෝ ඔයාට කරදර කරන එක නවත්වයි.

අපහාස කරද්දී

 ඔයා ඔයාගේ යාළුවාට ඕනෙ විදිහට වැඩ කරන රොබෝ කෙනෙක්ද?

ඔයා යාළුවන්ගේ බලපෑමට අහු වුණොත් ඔයාත් හරියට තව කෙනෙක් පාලනය කරන රොබෝ කෙනෙක් වගේ වෙනවා

ඔයා මහා බයගුල්ලෙක් කියලා අපහාස කෙරුවොත් ඔයාට මොනවාද කරන්න පුළුවන්? එයාට ඕනෙ අපහාස කරලා හරි ඔයාව වරදට පොලඹවන්න කියලා මතක තියාගන්න. එහෙම වෙලාවක කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා.

  • අපහාසය භාරගන්න. (“ඔයා හරි, මං බයයි.” ඊටපස්සේ ඒකට හේතුව කෙටියෙන් කියන්න.)

  • ඔයාට කරපු බලපෑම එයාගේ පැත්තට හරවන්න. ඔයාගේ තීරණයට හේතුව කියලා එයාලා කරන දේ මොන තරම් මෝඩද කියලා පෙන්නන්න. (“මොළේ තියෙන කෙනෙක් හැටියට ඔයා මේ වගේ දෙයක් කරයි කියලා මං කීයටවත් හිතුවේ නැහැ.”)

ඒත් එයාලා දිගටම ඔයාට අපහාස කරනවා නම් එතැනින් අයින් වෙලා යන්න. ඔයා එතැන ඉන්න ඉන්න ඔයාට එන පීඩනයත් වැඩි වෙනවා. එතැනින් ගියත් එයාලාට කැමති විදිහට ඔයාව පාලනය කරන්න ඉඩ දුන්නේ නැති නිසා ඔයා පැරදුණේ නැහැ කියන එක මතක තියාගන්න.

බලපෑම් දිගටම එන්න පුළුවන්. කරන දේ ගැන තීරණයක් ගන්න. ඒක පැහැදිලිව, කෙළින් කියන්න. බලපෑමට අහු වෙනවාද ඒකෙන් බේරෙනවාද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ.—යොෂුවා 24:15.

ඔයාට වැඩක්

  • ළමයින්ගෙන් එන බලපෑමට අහු වෙන්නේ නැතුව ඉන්න මට කරන්න පුළුවන් මොනවාද?

  • ළමයි වැරදි දෙයක් කරන්න මාව පොලඹවන්න හැදුවොත් මට කරන්න පුළුවන් මොනවාද?

තවත් තොරතුරු දැනගන්න

යාළුවන්ගේ බලපෑමට අහු වෙන්න එපා

www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන ‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’ කියන වීඩියෝ එක බලන්න. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න