ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 11 පාඩම 32 පි.-33 පි. 2 ¶
  • විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දෙවි ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙවිගේ ප්‍රේමය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවි ඔහුව හැඳින්නුවේ “මාගේ මිතුරා” කියායි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔහු කවුද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 11 පාඩම 32 පි.-33 පි. 2 ¶
ආබ්‍රහම් ඊසාක් එක්ක මොරියාවලට යමින්

11වෙනි පාඩම

විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි

යෙහෝවාට ආදරේ කරන්න, ඔහු දීපු හැම පොරොන්දුවක්ම විශ්වාස කරන්න ආබ්‍රහම් ඊසාක්ට ඉගැන්නුවා. ඊසාක්ට වයස 25ක් වුණාම යෙහෝවා ආබ්‍රහම්ට අමාරුම දෙයක් කරන්න කිව්වා.

ඔහු ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. ‘ඔයාගේ එකම පුතාව අරගෙන මොරියා දේශයේ මම පෙන්නන කන්දට ගිහින් එයාව පූජා කරන්න.’ යෙහෝවා එහෙම කරන්න කිව්වේ ඇයි කියලා ආබ්‍රහම්ට තේරුණේ නැහැ. ඒත් එයා යෙහෝවාට කීකරු වුණා.

පහුවෙනිදා උදේ පාන්දරින්ම ආබ්‍රහම් ඊසාක්වයි තවත් සේවකයෝ දෙන්නෙක්වයි එක්කගෙන මොරියා දේශයට පිටත් වුණා. දවස් තුනකට පස්සේ යන්න ඕන තැන එයාලා ඈත ඉඳලා දැක්කා. ආබ්‍රහම් සේවකයන්ට කිව්වා එයා ඊසාක් එක්ක ගිහින් පූජාව ඔප්පු කරලා එන කල් එතනට වෙලා ඉන්න කියලා. දර මිටිය ඊසාක්ට දීලා ආබ්‍රහම් පිහිය ගත්තා. එතකොට ඊසාක් ඇහුවා ‘තාත්තේ, පූජා කරන සතා කෝ’ කියලා. ‘යෙහෝවා අපිට සතෙක්ව දෙයි පුතේ’ කියලා ආබ්‍රහම් කිව්වා.

කන්දට ඇවිත් එයාලා පූජාසනයක් හැදුවා. ඊළඟට ආබ්‍රහම් ඊසාක්ගේ අත් දෙකයි කකුල් දෙකයි බැඳලා පූජාසනය උඩින් තිබ්බා.

ඊසාක්ව පූජාසනයේ ගැටගහලා පිහියක් අතේ තියන් ඉන්න ආබ්‍රහම්

ආබ්‍රහම් පිහිය ගත්තාම යෙහෝවා දේවදූතයෙක් මාර්ගයෙන් මෙහෙම කිව්වා. ‘ආබ්‍රහම්! දරුවාට මුකුත් කරන්න එපා! ඔයාගේ එකම පුතාව වුණත් පූජා කරන්න ඔයා කැමති වුණා. ඔයාට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා මං දැන් දන්නවා.’ එතකොටම ආබ්‍රහම් දැක්කා පඳුරක බැටළුවෙක් පැටලිලා ඉන්නවා. ආබ්‍රහම් ඉක්මනටම ඊසාක්ගේ අත් කකුල් ලිහලා බැටළුවාව අරන් පූජා කළා.

එදා ඉඳන් යෙහෝවා ආබ්‍රහම්ට කිව්වේ එයාගේ යාළුවා කියලයි. ඒ යෙහෝවා කරන්න කියන ඕනම දෙයක් කරන්න ආබ්‍රහම් කැමති වුණ නිසයි. එහෙම කරන්න කිව්වේ ඇයි කියලා තේරුණේ නැතත් ආබ්‍රහම් ඒ දේ කළා.

ආබ්‍රහම් ඊසාක්ව ලිහමින්

යෙහෝවා ආබ්‍රහම්ට වුණු පොරොන්දුව මතක් කරලා මෙහෙම කිව්වා. ‘මං ඔයාට ආශීර්වාද කරලා ඔයාගේ දරුවන්ගේ ගාණ වැඩි කරනවා.’ ආබ්‍රහම්ගෙන් පැවතෙන අය මාර්ගයෙන් හොඳ අය හැමෝටම ආශීර්වාද කරනවා කියලත් ඔහු පොරොන්දු වුණා.

“දෙවියන් මුළු ලෝකයටම කොච්චර ආදරේ කළාද කියනවා නම් ඔහුගේ එකම පුතාව එයාලා වෙනුවෙන් දුන්නා. එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම විනාශ වෙන්නේ නැතුව සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි.”—යොහන් 3:16

ප්‍රශ්න: ආබ්‍රහම් යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නුවේ කොහොමද? යෙහෝවා ආබ්‍රහම්ට පොරොන්දු වුණේ මොකක්ද?

උත්පත්ති 22:1-18; හෙබ්‍රෙව් 11:17-19; යාකොබ් 2:21-23

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න